උණුසුම් පුවත්

වසීම් තාජුදීන් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්වඩංගුවට නොගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යයක්ෂකට ඉහළම තැනකින් නියෝග.

Spread the love

2012 .මැයි 17 වනදින නාරාහේන්පිට ශාලිකා පිට්ටනිය අසලදි රිය අන්තුරකින් මිය ගිය බවට එවකට පොලිසිය ප්‍රකාශ කර තිබුනි. එදා අද මෙන් ගොරිනාද නගන මැති ඇමති වරු නොසිටියාය. තම නිවසට සුදු වැන් ගෙන්නා ගැනීමට මුන් සියල්ලම බයෙන් ගැහුනි. අද මෛත්‍රිපාල සිරිසේන් ජනාධිපති වරයාට මුහුණටම අභියෝග කරන උන් එදා බලුකුක්කන් මෙන් සිටි බව රටම දන්නා කරුනකි.
නව රජය බලයට පැමිණි වහාම පසු ගිය මිනීමැරුම් සියල්ලම හෙලිකරන බවට ජනතාවට පොරොන්දු විය. 2015ජුලි 27 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඔ අධිකරණයට කරුණු වාර්තා කරමින් මිය ගිය තාජුදීන් ගේ මරණය රිය අනතුරක් නොවන බවත් එය මිනීමැරුමක් බවට සැකකල හැකි සාක්ෂි තිබෙන බවට දැන් විය. සුමිත් පෙරෙරා නැමති නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ද එවකට සුදු වැන් මිනීමරුවන්ට නිදහසේ යන්න පාර හදලා දුන්න එවකට කොළඔ පලාත භාර ජේ.නි.පොලිස්පති අනුර සේනානායකව ද අත්වඩංගුවට ගැනුනි. පසුව පොලිස් පරික්ෂක සුමිත් පෙරෙරාට පසු ගිය දා ඇප ලැබුනි. මෙම ඝාතනයේ ප්‍රධානම සැකකරු එවකට රටේ හිතුදේ කලහැකි ප්‍රධාන දේශපාලන පවුලක පාදඩ පුතෙක් බව මේ වන විට පරවේෂණ සාක්ෂි වලින් හදුනාගෙන තිබේ. මෙම අපරාධයේ සියලු විමර්ෂණයන් අවසන් කොට අපරාධ ගොනුව නිතිපතිට යවා උපදෙස් පවා ලැබුනි.
යහපාලන රජය බලයට පැමිණියේ එක්නැලිගොඩලා, ලසන්ත වික්‍රමතුංගලා,තාජුදින්ලා ගේ මළ මිනී ජනතාවට වෙන්දේසි කිරිමෙන් නොවේද ? ජනාධිපති වරයාම මෙම මිනිමැරුම් ගැන රටේ ජනතාවට කියා දැන් දැන් ඔහුම මුනිවත රකිනම් .නිති ගරුක ජනතාව කුමක් සිතනු ඇත් ද ? මෙම රජයෙන් මෙවනි අපරාධ කරුවන්ටත් නිදහසේ වැජබීමට ඉඩ දුනහොත් පසු කාලෙක සුදු වැන් තොගයකින්ම පරලොව යාමට ශ්‍රිලංකික ජනතාවට සිදුවෙනවා නියතය. එදාට ඒ වැන් එකට මුලින්ම දමාගන්නේ ජනාධිපති වරයා බව ඔහු දැන ගතයුතුය. එ නිසා වහාම මේ මිනිමරුවන් අත්වඩංගුවට ගැනිමට පොලිසියට නියෝග කලයුතුය.


Spread the love

Leave a Comment

You may also like