මේවනවිට මහනුවර සතර මහා දේවාලවල් වලට පත්ව ඇති සමහරක් බස්නායක නිලමේවරු බෞද්ධයන් නොවන බෝන්ගේන් අන්‍යාගමික පුද්ගලයන් පත්ව ඇති බව අද මහනුවර කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර ප්‍රකාශ කලේය.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මහනුවර ප්‍රදේශයේ ඇති බස්නායක නිලමේවරු තේරීමේ ඡන්දය ලබාදීමට බලය ඇති ප්‍රාදේශීය ලේකම්වරුන් ගෙන් සමහරක් මුදලට තම ඡන්දය විකුණා මෙවනි උත්තරීතර තනතුරකට කුඩු ජාවාරම් කරුවන් ,මත් පෙති වෙලෙන්දන් පැමිණ ඇති බවයි.
එය විහාර දේවාලගම් පනතට අනුව බස්නායක නිලමේවරයෙකු වීමට ප්‍රධානම සුදුසුකම නම් ඔහු බෞද්ධයෙකු විය යුතු බවයි. ඒත් අද එම විහාර දේවාලගම් පනත පවා පැත්තකට දමා මුදලට ඡන්දය ගෙන දුෂිත ප්‍රාදේශිය ලේකම් වරුන් විසින් මෙම බෝන්ගේන් පුද්ගලයන් බස්නායක නිලමේවරු බවට පත් කොට හමාරය. එසේම කතරගම දේවාලයට අයත්ව තිබු පත්තිරිප්පු කොටස අසල ව්‍යාපාරිකයෑකුට වසර ගනනාවකට බද්ධට දි මුදල් ලබාගෙන ඇතිබවත් මෙහිදි හෙලි කලේය.වර්තමානයේ කතරගම දේවාලයේ බස්නායක ම්නිලමේ වන්නේ දුමින්ද බණ්ඩාර උඩුරාවණ නැමති අයෙකි.
මේ ඓතිහාසික මහනුවර පෙරහැර ඉතාම නුදුරේදීම නාඩගම් ජුන්ටාවක් බවට පත් වීමට මෙවනි දුෂිත බස්නායක නිලමේවරුන් හේතු වන බව හිටපු බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර කියයි.