වෙනත්

රනිල් ගේ ආරක්ෂාවට ගුවන් හමුදා කඳවුරේ ආරක්ෂාව බිල්ලට දීලා

Spread the love

පසුගියදා ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති ආධුනික ගුවන් හමුදා නිළධාරීන්ගේ විසිර යාමේ පෙළපාලිය පිළිබඳව ලංකා දවසේ පල කරන ලද වාර්තාව හා සබැඳිව ගුවන් හමුදා නිළධාරීන් විශාල පිරිසකගෙන් අපට තව තොරතුරු ගනනාවක් ලැබී තිබේ.

එම තොරතුරු අතරින් ඉතාම වැදගත් තොරතුර වූයේ එම විසිරයාමේ පෙළපාලියට පෙරදින චීන වරාය ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ මුර රාජකාරි යෙදවීම් වලදී කටයුතු කරන ලද ආකාරයයි.විසිරයාමෙි පෙළපාලියට පෙරදින ත්‍රිකුණාමලයට පැමිණි ජනපති රනිල් රාජපක්ෂ හා සාගල රත්නායක ගුවන් හමුදා පරිශ්‍රය තුළ පිහිටා තිබෙන නිවාඩු ⁣නිකේතන වල නවාතැන් ගෙන ඇති බව වාර්තා වේ.
එදින රාත්‍රියේ කඳවුරු මුර රාජකාරයේ නිරත වූ ගුවන් හමුදා සෙබළුන් හට ජීව උණ්ඩ ලබා දී නැති අතර ඔවුන් සියළුම දෙනා රාජකාරි කර ඇත්තේ උණ්ඩ නොමැති ගිණි අවිය පමනක් අත අතැතිවය.
මෙය ජාතික ආරක්ෂාවෙන් ගත් කළ ඉතා බරපතල සිදුවීමකි.
මෙදින රාත්‍රියේ චීන වරාය ගුවන් හමුදා කඳවුරට සතුරු ප්‍රහාරයක් එල්ල වූයේ නම් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා රාත්‍රී මුර රාජකාරි කළ ගුවන් හමුදා සෙබළුන්ට හැකියාවක් නැත.ඔවුන්ගේ ආත්මාරක්ෂාවට පවා තිබී ඇත්තේ අවියේ ඇති බයිනෙත්තුව 
පමණි.
⁣මෙදින සිදුවූ මෙම සිදුවීම පිළිබඳව අප ගුවන් හමුදා ඡ්‍යෙෂ්ඨයකු ගෙන් විමසූ අතර එම තොරතුර සත්‍ය බවට ඔහු විසින් තහවුරු කෙරිණි.⁣තවදුරටත් ඔහු සඳහන් කරන ලද්දේ  මේ සිද්ධිය ඉතා බරපතල කාරණයක් බවත් මෙදින රාත්‍රී රාජකාරියේ නිරත වූ ගුවන් හමුදා සෙබළුන් හිස් ගිණි අවි සමග රාජකාරියේ යෙදවූ ගුවන් හමුදා ඡ්‍යෙෂ්ඨ අණදෙන නිළධාරීන් ගුවන් හමුදා අධිකරණයක් කැඳවා දඬුවම් කළ යුතු බවය. 

Spread the love

Leave a Comment

You may also like