රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධූරය භාර ගන්නා විට උපදේශක ලෙස පත් කර ගත්තේ සුදත් චන්ද්‍රසේකරවය.සුදත් චන්ද්‍රසේන යනු හිටපු පොලිස් පරික් ෂක වරයෙකි කලක් අරලියගහමුල ලඟ සැපගෙන පසුව රනිල්ටත් කෙලවීමේ උවමනාවට රාජපක්ෂලාවෙනුවෙන් කඩේ ගිය තක්කඩියෙකි.
කලක් රනිල් වික්‍රමසිංහගේ සිකියුරිටියේ සිටියදී රනිල් වෙත කිට්ටු වූ සුදත් තමන් මෙලෝ හසරක් නොදන්නා ක්ෂෙත්‍රයක නොගැලපෙන තනතුරක් ලබද්දී බොහෝ දෙනා සිතුවේ එය රනිල් වික්‍රමසිංහ හරහා ලබා ගත් පත්වීමක් ලෙසය.
එහෙත් සත්‍යය නම් රනිල් මොහු තමන් සමීපයෙන් පන්නා දමා බොහෝ කල් බවත් දැනට මාස තුනකට වැඩි කාලයක් තිස්සේ රනිල් හමුවීමට එපොයින්මන්ට් එකක් දා ගැනීමට තැත් කළත් එය අසාර්ථක වීම මොහු නිසා කණස්සල්ලෙන් පසු වන බවත් ය.
එහෙත් මොහු මිනිසුන්ට පෙන්නන්නේ රනිල්ට කියා මීළඟ පොලිස්පති පත් කරන්නේද තමන් බවය.
සුදත්ගේ කෙරුවාවේ තරම රොෂාන් රණසිංහට දැන් තේරී ඇතැයි වාර්තා වේ.
එහෙත් ඒ වන විට මේ දුෂ්ඨයා රොෂාන්වද අන්දා ක්‍රිකට් සභාපති ෂම්මි සමග ඩීල් දමා කෝටි ගණනක් උපයා හමාරය.
උපදේශක පඩිය සමග සුඛෝපබෝගී රථයක්ද රොෂාන් වෙතින් ලබා ගත් සුදත්ට පැවරුණු ප්‍රධාන රාජකාරියක් වූයේ ක්‍රිකට් විධායක සභාවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝජිත ලෙස එහි රැස්වීම් වලට යාමය.
මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුදත් කළේ ෂම්මිලාගේ උවමනා ඉටු කිරීමයි.
මේ වෙනුවෙන් ඔහුට හොඳින් සැලකීමට ෂම්මි කටයුතු කළේය. පසුගිය විස්සයි විස්ස ලෝක ශූරතා කුසලාන තරග නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙන් ඕස්ට්‍රේලියාවට යාමට වීසා ලබාගත් ඔහු ඒ සඳහා ක්‍රිකට් විධායක සභාවේ සෙස්සන්ට බිස්නස් පන්තියේ ගුවන් ටිකට් පත හා හෝටල් කාමර හැරුණු විට ලැබුණු ලක්ෂ පනහට වඩා දෙගුණයක් අත යටින් ලබා ගැනීමට සමත් විය.
ක්‍රිකට් විධායක රැස්වීම් වල තීරණ ක්‍රීඩා ඇමතිවරයාට දැනුම් දීම රාජකාරිය වුණත් කිසි විටෙක එහි විධායක කමිටු රැස්වීමක වාර්තාවක් හෝ ගැනීමට කටයුතු කර නැත.
ක්‍රීඩා ඇමතිවරයාද නොමග යවමින් ෂම්මිලා සමග එක්ව ඩබල් ගේමක නිරත වූ මොහු ක්‍රීඩා ඇමතිවරයා ගන්නා තීරණ ක්‍රිකට් බලධාරීන්ට ලීක් කළා පමණක් නොව පසුගියදා ෂම්මිලා විසින් ක්‍රීඩා ඇමතිවරයාගේ නව ක්‍රීඩා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයට එරෙහිව ගොනු කළ නඩුවට අවශ්‍ය තොරතුරු ෂම්ම්ලාගේ නීතිඥයන් වන රැකව,කුවේරා හා පණ්ඩුකට ලබා දීමද සිදු කළේය.
මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති අංශයේ සිටින මොහුගේ හොර අඹුවක් වන තරුණ නීතිඥ වරියක්ද සහාය වී තිබේ.
මේ අතර ක්‍රිකට් උප භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සමග එක්ව අමාත්‍යාංශයේ හිටපු ලේකම් අමල් හර්ෂ ලවා ෂම්මිලාට අවශ්‍ය ලිපි වලට අත්සන් ලබා ගැනීමටද කටයුතු කර ඇත්තේ රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයාටද හොරෙනි.
එත් ඇමති රොෂාන්ට රටේ ක්‍රිඩාව නන්වා ලීමට උවමනානම් රනිල්ගේ නම විකුනන් බලය පෙන්න ජීවිතේට මෙලෝ ක්‍රිඩාවක් නොකල,ඒත් කල එකම ක්‍රිඩාව අරලියගහමුල ගල් ඇහිදීමයි. ඒත් අද ජීවිතය ගෙනයාමට බැරි ඔලිම්පික් පදක්කම් ලාභින් ඕනතරන් රටේ රස්සාවක් නැතිව සිටියදි මුට දෙන වැටුපෙන් ඒවනි 10ක් බදවා ගෙන රටේ දරුවන්ට ඇත්තටම ක්‍රිඩාවට යමක් ඉගැන්වීමක් කල හැකිය.
එසේ නොමතිව රටේ ජනතාව ගේ වැටුප් ගෙවන මෙවනි පාදඩයන් වහාම එලවා දැමිය යුතුය. රනිල් ගේ සමරිසි ගැන්සියකට රටේ ජනතාවට සුඛෝපභෝගි ජීවිත ගත කිරීමට ඉඩ දි පිසු කෙලිය නිසාම අද අපේ රට විනාශවී හමාරය . මොහු ඉවත් කලයුතුය. නැතිනම් ලංකාදවස අපි අමති රොෂාන් ගේ අමාත්‍යංශය වැටලීමට ජනතාව පෙල ගස්සන බවට සහතිකවම කියන්නේ ජනතාවගේ සල්ලි ගිලින නිසාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේද නම විකුණමින් අඟේ ඉඳන් කණ කන්නාක් මෙන් රොෂාන් රණසිංහහටද යටින් අරින මේ ඩීල් කාරයාතව දුරටත් මෙරට ක්‍රිඩා ඇමති උපදේශක ලෙසට සිටිය හොත් රොෂාණ් රණසිංහ ක්‍රිඩා ඇමතිටත් දෙයියන්නේම පිහිටයි.
*ලංකා දවස නයිට් වොච්මන්*