පසුගියදා කොළඹදී පැවැති ජාතික ජන බලවේගයේ රැළියට සහභාගි වූවන්ට
ඉතා අමානුෂිකව සාහසිකව හා මෙලේච්ඡ ආකාරයෙන් පහරදුන් පොලිස් සැරයන් වරයකුගේ ඡායාරූපයක් අපට ලැබී තිබේ.
මේ සැරයන් වරයා එච්.එම්.ප්‍රියන්ත හේරත් නැමැත්තෙකි.
මෙම පොලිස් සැරයන් වරයා හා ඔහුගේ පවුලේ අයවළුන් වර්තමාන ඛේදජනක සමාජයේ සාමාජිකයන් නොවන කිරියෙන් කා පැණියෙන් අත සෝදන සමෘද්ධිමත් අයවළුන් වන්නට පුළුවන.මොහුගේ පවුලේ අයවළුන් විදුලි ජල බිල හා වියලි සලාක වල මිල ප්‍රශ්ණයක් නැති අය විය හැකිය.පාසැල් උපකරණ මිල ඉහල යාම මොහුට හා පවුලේ අයට ගැටළුවක් නැතිවා වෙන්නට පුළුවන.
එසේත් නැතහොත් මොහු දේශපාලනයෙන් ඔළුව කුරෝළු කරගත් එකෙක් විය හැකිය.ඒ කිසිම කාරණයක්
අපට අදාල නැත.අපට අදාල වන්නේ මොහු එදින හැසිරුන මෙලේච්ඡ හැසිරීම පොලීසියේ අණ පනත් වලට පටහැනි බව පමනකි.
මෙතැන් සිට මහජන විරෝධතාවන් වලදී පුරවැසියන් විෂයෙහි මෙලේච්ඡයන් ලෙස හැසිරෙන මානසික විකෘතිතා වලින් පෙළෙන සියලුම පොලිස් නිළධාරීන්ගේ ඡායාරූප ලංකා දවසේ පල කරමු.
එවිට මෙවැනි මෙලේච්ඡයන් ගේ පවුලේ අයවළුන් හා අසල්වැසියන් මොවුන්ගේ කෙරුවාව තේරුම් ගන්නවා ඇත.


අප මේ සැරයන් වරයාගෙන් ඉල්ලන්නේ මෙච්චරය.
සාජන් මහත්තයෝ තිරිසනෙක් වෙන්න එපා බං…..මිනිහෙක් වෙයං…….නැතිනම්
මිනිසුන් සාප කරන්නේ උඹට නොවේ. උඹ ජාතක කළ අම්මාටය….
ලංකා දවසේ කතෘ සටහන
මින් ඉදිරියට මානව හිමිකම් කඩකිරීම සිදුකරන සියළු තරාතිරමේ නිලධාරින් පිලිබදව් ඡායාරූප සහිතව හා එම නිලධාරින් ගේ පදිංචිය හෙලි කිරීමට අපි ඉදිරියේ දි ක්‍රියාකරන්නෙමු.