වසර 156 ක් මෙරට පවතින පොලිසිය දැන්ඇත්තේ මරණ මංචකයයේය . ඊට පණ දි නැගිට්ටුවන්න හැකි කෙනෙක් පත් වේ විද, නො එසේ නම් පොලිසියේ මරණය සිදු කොට උත් හිරේ විලංගුවේ යාවි දැයි තිරණය වෙන සටනක් උදා වී තිබේ.
පාරේ ගනිකාවකට වඩා දුෂණය වු මේ ආයතනය දුෂිතභාවයට ඉතාම ඉක්මනින් ලං වුයේ ඒ 80 දශකයේ චන්ද්‍රිකා යුගයෙන් පසුවය. මහින්ද බලයට පැමිණි සෑම අවස්ථාවකදීම පොලිස් නිලධාරින්ට අසීමිතව උසස් වීම දි ආයතනය දඩාවතේ යවා උන්ගෙන් බලුවැඩ සියල්ලම කරවා ගැනීම රාජපක්ෂ න්‍යායයි.
එදා මෙදා මෙරට සිටි සියළු පොලිස්පතිවරු අඩු වැඩි ලෙසට මේ ආයතන දුෂණය කිරීමට මුල් වුවාය. එත් ඒ සියල්ලට වන්දි ගෙවන්නේ ආයතනයේ අහිංසක පහල නිලධාරින්ය. දවල්ට චක්‍රලේකණ ගසා රාත්‍රියට පලාතේ දේශපාලකයා ගේ ගෙදර ගොස් බෝතලේ ගසන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලා පමණක්නොව ඇමතිගේ කේන්දරේ අරන් ඥාණා අක්කාගේ සිරිපතුල ඉබින්න යන ජේ.නි.පො.ප ලා දැන් හෙළුවෙන් පොලිස්පති සටනට පැමිණ තිබේ.
එක අයෙක්ට ඇති චෝදනා කප්පරයෙකි . නැත්තේ මොන චෝදනාව දැයි අපිටත් ප්‍රශ්ණයකි. මෙවර පොලිස්පති කමට පත්වන පුද්ගලයා අනුව ශ්‍රි ලංකා පොලිසිය අනාගත පැවත්ම හා නොපවැතම තින්දුවේ.
දැන් පොලිසිය 03ට බෙදිලාය. ඒ දේශ බන්දුට , අජිත් රෝහණට හා පතිනායකට යන කැලි තුනකටය. ඒ අනුව හෙට පොලිසියෙ පොලිස්පති කමට මේ අයගෙන් පත්වන පුද්ගලයාට අනුව 89 දහසක අනාගතය පමණක් නොව රටේ සමස්ථ ජනතාවගේම අනාගතය රටේ නිතිය හා සාමය මානව හිමිකම් සියල්ලම තින්දු වන්නේ තවත් දින කිපයකින්ය.
හෙට දවසේ පොලිස්පති කමට පත්වන පුද්ගලයාට සහරාන්ලා සමඟ තිබු ගනුදෙනු ගැන කතාකිරීමට මේ ලියන මොහොත වනවිටත් වතිකානුවෙන් හා ශ්‍රි ලංකාවෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ලිඛිත ප්‍රකාශයක් භාර දි අති බවට අපට දැනගනීමට හැකි විය.
ඒ අනුව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවකුටත් පොලිස්පති කම නොදෙන බවත් වතිකානුවට රජය සහතික වී තිබෙනබව වාර්තවේ. අපිත් අවදියෙන් සිටින්නේ මේ ගල උඩ හෙළුවැලි සටන බලන්නය.
ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……
https://lanakadawasa.blogspot.com/