මෙම සීඑස් ගෑස් වල පවතින ප්‍රහාරාත්මක බව නිසා විරෝධතාවට සහභාගිවූ බොහෝ පිරිසකට රෝහල් ගත වීමට සිදු වී බව නිසැකය.සාමාන්‍ය කඳුළු ගෑස් ප්‍රහාරයකදී මේ ආකාරයෙන් බරපතල අවදානමක් දකින්නට නොහැකිය.
සීඑස් ගෑස් යනු ප්‍රාණ ඇපකරුවන් මුද ගැනීම වැනි ක්‍රියාන්විත වලදී විශේෂ හමුදා ඒකකයන් භාවිතා කරන ගෑස් වර්ගයකි.මෙම ගෑස් වර්ගය අවකාශයට මුදා හැරි විට එයට ලක්වන්නා දැඩි කම්පනයට පත් වේ.ඉන් මුදා හැරෙන රසායනික වායුව තුළින් පෙනහැලි දැඩි ආබාධිත තත්වයට පත් වන අතර හුස්ම ගැනීමේ අපහසුතා මතු වේ.
සී එස් ගෑස් ප්‍රහාරය කඳුළු ගෑස් සේ වරදවා වටහා ගෙන ජලය භාවිතා කර සෝදා හැරීමට උත්සාහ කෙරුවොත් එහි ප්‍රතික්‍රියාව ශරීරයට ඉතා වේදනාකාරී වනු ඇත.ඒ එම ගෑස් ජලය සමග සමට ඇලවීමේ ස්වභාවයක් පවතින බැවිනි.මෙම ශාරීරික වේදනා වලින් මිදීමට ඇති හොඳම පියවර වන්නේ දාදිය දමන තුරු දිවීමය.
සීඑස් ගෑස් බ්‍රිතාන්‍යයේ ජීවත් වූ කාසන් හා ස්ටෝලන් යන සොහොයුරන් විසින් නිශ්පාදනය කරන ලද රසායනික අවියකි.
ජාතික ජන බලවේගයේ විරෝධතාවයේ සහභාගි වන්නන්ට කඳුළු ගෑස් සමග මෙම සීඑස් ගෑස්ද භාවිතා කිරීමට ඉහළින් උපදෙස් ලැබී ඇති බවද අපට අනාවරණය වී තිබේ.
ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සාමකාමී ජනතාව මර්දනය සඳහා මෙම සාහසික යුද භාවිතාවන් යොදා නොගන්නා ලෙසට අප ආණ්ඩුවට අවධාරණය කරමු.