වෙනත්

ජාතික ජනබලවේගය පැවැත්වූ උද්ඝොෂණයේදී සිදුවූ අහිංසක පුරවාසියාගේ මරණය පැහැදිලිවම ඝාතනයක්- පාම පාඨලී චම්පක රණවක කියයි

Spread the love

ආණ්ඩුවේ පළමු දඩයම ලෙස අහිංසක ඡ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ගේ ජීවිතය අහිමි වූ බව අද (23)පැවැති මාධ්‍ය හමුවකදී 43 සේනාංකයේ නායක පාම පාඨලී චම්පික රණවක පැවසීය.

එහිදී පාම පාඨලී චම්පික රණවක මෙසේද කීය.
පලාත් පාලන මැතිවරණය කල් දැමීමත් සමගම ආණ්ඩුව තුළ ලේ සුවඳට ඉව අල්ලන කණ්ඩායම් සිටින බව අප බොහොම පැහැදිලිව ප්‍රකාශ කෙරවා.
ඒ ලේ සුවඳට ඉව අල්ලපු අයගේ පළමු දඩයම ලෙස මේ අහිංසක මහත්මයා
බිලි අරගත්තා.ජනපතිවරයා කියන්නේ අපේ ව්‍යවස්ථාවෙ සඳහන් වෙලා තියෙන්නෙ ජනමත විචාරණයයි ,ජනපතිවරණයයි,මහ මැතිවරණයයි විතරයි කියලා.ඒ නිසා ඔහු හිතා ගෙන ඉන්නෙ පලාත් සභා ඡන්ද ,පලාත් පාලන
ඡන්ද පවත්වන්න ව්‍යවස්ථාවෙන් බැඳී නැහැ කියලා.
නමුත් මේ රටේ පලාත් පාලන හා පලාත් සභා ඡන්ද දෙකම ජනතාවගේ පරමාධිපත්‍යය අභ්‍යාස කරන අවස්ථා දෙකක්.ඒ අවස්ථා දෙකම අද තහනම් කරලා.ලබන වසරේ ඔක්තෝම්බර් මාසයේදී ජනපතිවරනයක් පවත්වන තෙක් මැතිවරණ සිතියම හැකිලීමේ අවශ්‍යතාවක් ජනපතිවරයාට තිබෙන බවක් අපට පෙනී යනවා.ඒ අරමුණ ඉටු කර ගැනීමට ගැලපෙන විදියට පොලිස් ඇමතිවරයෙක් හා පොලිස්පතිවරයෙක් ජනපතිවරයාට ලැබී තිබෙනවා.
1982 වර්ෂයේ ජනපතිවරණයෙන් ජේ.ආර්.ජයවර්ධන ජනපතිතුමා ජයග්‍රහණය කෙරුවාට පසු ඔහු ප්‍රකාශ කෙරුවා කුමන්ත්‍රණයක් තිබෙන බව.ඒ කුමන්ත්‍රණය පාර්ලිමේන්තුවට එන්න යන බව කීවා.ඔහු ඉන් චෝදනා කෙරුවේ විජය කුමාරතුංග ඇතුළු පිරිසට.ඒ නැක්සලයිට් කුමන්ත්‍රණය කියන කාරණයට මුවාවෙලා 1983 පවත්වන්න නියමිතව තිබුණ මහ මැතිවරණය ජනමත විචාරණයක් පවත්වා කල් දැමිමා.ඒ ජනමත විචාරණය ඡන්ද මංකොල්ලයක් වුනා. එතැනින් පටන්ගෙන ජේ.ආර්. ජනපතිවරයා ප්‍රජතන්ත්‍රවාදී විපක්ෂය මර්දනය කිරීම නිසා මේ රට තුළ ලේ තැවරුණ බරපතල සිදුවීම් ගනනාවක් සිද්ධ වුනා.
මෙන්න මේ ගමන් මගෙන් ඈත් වෙන්න කියන එක අප බොහොම පැහැදිලිව ජනපතිවරයාට ප්‍රකාශ කරනවා.ඒ වගේම අප නැවතත් අවධාරණය කරනවා මේ අමරසිරි මහත්මයාගේ මරණයෙන් ඉගෙන ගත යුතු පාඩම අපි ලේ කුපිත වෙලා ඒ ඡන්දයෙන් සම්බන්ධ වන ක්‍රියා දාමයන් වලට අප ගමන් කෙරුවොත් අවුරුදු හයකට පාර්ලිමේන්තු කාලය දිග් ගහන්න හිතාගෙන ඉන්න අර ලේ වලට ඉව අල්ලන කල්ලි කණ්ඩායම්වලට තටු ලැබෙනවා.
ඔවුන්ට මේ මර්ධනය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වටපිටාව සැකසෙනවා.ඒ නිසා අප ඉල්ලා සිටිනවා විපක්ෂයේ සියලුම බලවේග වලින් හා ආණ්ඩුවට සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වලින් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව එක පෙරමුණකට එක සන්ධානයක⁣ට සම්බන්ධ වෙන ලෙසට.
මෙම මාධ්‍ය හමුවේදී  පාඨලී චම්පික රණවක තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.
රට තුළ තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිරන්තරයෙන් නිවේදන නිකුත් කරන ඒ සම්බන්ධයෙන් මැදිහත්වන සියලුම ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලිනුත් අප ඉල්ලනවා. කරුණාකරලා උතුරේ  විතරක් නොවෙයි උතුරේ දකුණේ බටහිර හා නැගෙනහිර මේ හැම තැනකම මානව හිමිකම් කඩවීම් ගැන මේ මර්ධනය ගැන ප්‍රජාතන්ත්‍රවාදයට අගුලු දැමීම ගැන ඔබේ හඬ අවදි කිරීම ගැන අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය,ඡන්ද අයිතිය යන මූලික අයිතීන් සපුරාලීමට ජනපතිවරයා කටයුතු කටයුතු කර නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත අප සිහිපත් කරනවා .
එහෙත් ඒ පිළිබඳව අවධානය යොමු නොකළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද මේ රටේ ජනතාවගේ මානව හිමිකම්,ප්‍රජාතන්ත්‍ර අයිතීන් යටපත් කිරීමට සහාය දෙන ආයතනයක් ලෙස සැළකීමට අපට  සිඳුවන බව සිහිපත් කරන්නට කැමතියි.

Spread the love

Leave a Comment

You may also like