වෙනත්

බටලන්දේ යක්ෂයා පළමු බිල්ල ගනී

Spread the love

පලාත් පාලන මැතිවරණය ඉල්ලමින් ඊයේ (26)ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද ජන රැළියට එල්ල වූ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයෙන් තුවාල ලද පුද්ගලයකු රෝහලේදී මිය ගොස් ඇතැයි වාර්තා වේ.මෙලෙස මිය ගොස් ඇත්තේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ සමානුපාතික  ලැයිස්තුවේ  අපේක්ෂකයකු වන නිමල් අමරිසිරිය.ඔහු ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිළධාරියකු වේ.

මෙම විරෝධතා පා ගමනට පොලීසිය මගින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් පුද්ගලයන් 28 දෙනෙකු පමණ තුවාල  ලබා තිබේ.මෙදින සිදුවූ සිද්ධිය පිළිබඳව තම කොමිෂම මගින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලිස්පති වරයාගෙන් ඒ ගැන සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇති බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම නිවේදනය කර ඇත.
ඊයේ පැවැත්වූ විරෝධතා රැළියේදී සිඳුවූ පොලිස් ප්‍රහාරයෙන් සිය සටන් සගයකු මිය යාම පිළිබඳව ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙර⁣මූණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කරන ලද්දේ මේ ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් බාර ගත යුතු බවය.
පොලීසිය විසින් සිඳු කළ කඳුළු ගෑස්  ප්‍රහාරය ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් සිදු කළ ප්‍රහාරයක් බව ලංකා දවසේ නිරීක්ෂණයට ලක් වී තිබේ.කඳුළු ගෑස් භාවිතය පිළිබඳව ජාත්‍යන්තර සමා ආයතනය විසින්
 
2021 ජුලි මස30වන දින ප්‍රකාශයට පත් කරන ලද තිස් වැදෑරුම්  නීති මාලාවෙහි අංක 9 හා 15 වගන්ති දෙක මෙසේය.
9.විදුම්කාරයකින් විදිනු ලබන ග්‍රෙනේඩ්,කැනිස්ටර්,සහ කාටිජර වැනි කිසිදු දෙයක් කිසිවිටෙකවත් පුද්ගලයන් ඉලක්ක කර නොතිබිය යුතුය.ඒවා සෑම විටම ජන රාශියෙහි මිනිසුන්ගේ හිසට ඉහළින් යන සේ යම් ආනතියකින් යුතුව නිකුත් කළ යුතුය.නිශ්චිතවම කුමන ආනතියකින් ද යන්න විදුම්කාරකය හා ජන රාශිය අතර දුර අනුව තීරණය වේ.ඒවා කිසිම අවස්ථාවක කෙළින්ම සිරස්ව අහසට නොතැබිය යුතුය.මක් නිසාද යත් බිම වැටෙන ශුන්‍ය විදුම් බහාලන මිනිසුන්ට වැදී තුවාල සිදු විය හැකි බැවිනි.
15.ඉඩ ඇහිරීමක් හෝ ජනතාවට පසු බැස යා නොහැකි ලෙස කොටුවීමක් පවතින කිසිදු අවස්ථාවක කඳුළු ගෑස් ප්‍රහාර එල්ල නොකළ යුතුය.ජනතාව පසුබස්සනවා හැර කිසිදු අවස්ථාවක ජන රාශියක් කොටු කිරීම සඳහා කඳුළු ගෑස් කිසිවිටකත් භාවිතා නොකළ යුතුය.එසේම පසුබැස යන ජන රාශියක් ඉලක්ක කර කිසි විටකත් කඳුළු ගෑස් එල්ල නොකළ යුතුය.

මෙම මිනිමැරුමට සම්පුර්ණම වගකිව යුත්තේ කොළඹ මධ්‍යම භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ලීලාරත්න ය. මොහු පලායමින් සිටි ජනතාවකට මිලේච්ච  කදුලුවායු ගැසීම පිලිබදව් වහාම විමර්ෂණයක් කල යුතුය.

මෙම කදුලුවායු කල් ඉකුත් වු ඒවාද එසේ නම් වෙනත් වායුවක්ද උන්න පිලිබදව් දැනට විශේෂ බලකායේ සේවයේ සිටින ඉහලම හමුදා නිලධාරියෙකු අපට තවත් සුළු මොහොතකින් එම සවිස්තර වාර්තාවක් ලබාදෙනු ඇත.


Spread the love

Leave a Comment

You may also like