වෙනත්

ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවට පහරදී සිදු කළ මනුෂ්‍ය ඝාතනයේ වගකීම රනිල් බාරගත යුතුයි -ජාතික ජන බලවේගය කියයි

Spread the love

ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝොෂණයට පහරදී සිඳු කළ මිනිස් ඝාතනයේ වගකීම රනිල් වික්‍රමසිංහ විසින් බාරගත යුතු බව ජාතික ජනබලවේගය අවධාරණය කර සිටී.ජාතික ජන බලවේගය මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල,

පැලවත්ත පිහි⁣ටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.එම මාධ්‍ය හමුව සදහා ජාතික ජන බලවේගයේ විධායක සභික ජනතා විමුක්ති පෙරමුණේ ටිල්වින් සිල්වා, ජාතික ජන බලවේගයේ විධායක සභික හර්ෂණ නානායක්කාර,විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ ආදීන් සහභාගි වෙන ලදී.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් මෙසේ පැවසීය.
ඊයේ අප විසින් සිදු කෙරුවේ ඉතා සාමකාමී විරෝධතාවක්.එම විරෝධතාවට ආණ්ඩුව අධිකරණ තුනකින් වාරණ නියෝග ගත්තා.ඉන් පසුව විරෝධතාවට මෙලේච්ඡ විදියට පහර දීල අපේ සගයන් 28 දෙනෙකුට පහරදීමෙන් ඇතිවූ තුවාල නිසා ඔවුන් රොහල් ගත කෙරුවා.ඉන් දෙදෙනෙකු සිටියේ ඉතා අසාධ්‍ය තත්වයේ.මේ වන විට ඒ දෙදෙනාගෙන් එක් අයෙකු වන නිවිතිගල ප්‍රදේශීය සභාවේ අපේක්ෂකයකු වන නිමල් අමරසිරි සහෝදරයාගේ ජීවිතය අහිමි වී තිබෙනවා.මේ ජීවිතය අහිමිවීමේ වගකීම රනිල් වික්‍රමසිංහආණ්ඩුව බාර ගත යුතුයි.අපි විරෝධතාව පැවැත්වූයේ ජනතාවගේ ව්‍යවස්ථානුකූල අයිතියක් වන මැතිවරණය පැවැත්වීම වැලක්වීමට එරෙහිවයි.ඒත් රනිල් වික්‍රමසිංහ සිය ඒකාධිපති වියරුව මුදා හරිමින් පාලනය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා.
ආණ්ඩුව මැතිවරණය පවත්වන්න සල්ලි නැහැ කියන්නෙ බොරුවක්.මැතිවරණ කොමිෂම ප්‍රකාශයට පත් කර තිබෙන මේ මැතිවරනය යම් නීතියකින් හෝ අධිකරණයකින් නතර කර නැහැ.
මැතිවරණ නීතිය පැත්තකට දමා නිළධාරීන්ට බලපෑම් කර මුදල් දීම නවත්වා මැතිවරණ කොමිෂමට පසුගිය අයවැයෙන් අනුමත කරන ලද ප්‍රතිපාදන නොදී උමතු හැසිරීමක් ජනපතිවරයා ප්‍රදර්ශනය කරනවා.පිනට ලැබුණ ජනපතිකම අතේ තියාගෙන ,තමන්ගේ සාමකාමී උද්ඝෝෂණ අයිතිය අනුව ක්‍රියා කරන ජනතාවට පහරදීමේ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් අවසන් කළ යුතුයි.ජනපතිවරයා ඒකාධිපති ක්‍රියා මාර්ගවලට ගමන් කරන්න උත්සාහ කරනවා නම් ඊට එරෙහිව ගත හැකි සියළුම ප්‍රජතන්ත්‍රවාදී ක්‍රියා මාර්ග ජාතික ජන බලවේගය විසින් ගන්නවා.
මේ උද්ඝොෂණයේදී ජීවිතය අහිමි වූ අපේ සහෝදරයා පිළිබඳව ජාතික ජන බලවේගයේ කණගාටුව ප්‍රකාශ කරනවා.ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කිසිවෙකුගේ ජීවිතය අහිමි විය යුතු නැහැ.නිමල් අමරසිරි සහෝදරයා උද්ඝොෂණයට එක්වුනේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් 
තමන් කැමති පාලනයක් පිහිටුවා ගැනීමේ අයිතිය වෙනුවෙන් ඒ නිසා මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා ගෙන යන බව අප සහතික කරනවා.
ජනතාව පාරට බැස්සෙ අපට තිබුණු අයිතිය නැති කරපු නිසායි.මාර්තු 9 වන දා ඡන්දය පවත්වන බව ප්‍රකාශ කෙරුවේ ස්වාධීන මැතිවරණ කොමිෂමයි.අපි ඒ මැතිවරණ ක්‍රියාවලියට අනුව සංවිධාන කටයුතු කෙරුවා.ඒත් අවසන් මොහොතේ වෙන වෙන දහම්ගැට ගහලා මේ මැතිවරණය නවත්වන්න අනීතිකව සිදු කරන බලපෑම් නවත්වන්න බල කිරීමටයි අපි ලිප්ටන්  වට රවුමට ආවෙ.මෙම පලාත් පාලන මැතිවරණය ගිය වසරේ පවත්වන්න තිබුණේ.මැතිවරණ නීතියට හා ව්‍යවස්ථාවට අනුව මෙය මාර්තු මාසයේදී අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු⁣ වෙනවා.ජනපතිවරයාට කැමැති දිනයක් දක්වා මැතිවරණ කල් දැමීම අපේ රටේ සම්ප්‍රදායක් කර ගත හොත් ඉන් පසු ලැබෙන්නේ පවතින ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න පුළුවන් මැතිවරණ විතරයි.ඒ නිසා මේ ක්‍රියා මාර්ගය ආරම්භයේදීම පරාජයට පත් කළ යුතුයි.ඒ වගේම මේ අනීතික මැදිහත් වීම පරාජයට පත් කිරීම සඳහා අධිකරණ ක්‍රියා මාර්ග.ගැනීමටත් ,ජාත්‍යන්තර සංවිධාන දැනුවත් කිරීම හා මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කිරීම ආදී ක්‍රියා මාර්ග ගන්නා අතුරතරදී තමයි මේ සාමකාමී උද්ඝොෂණය පැවැත්වූයේ.අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාද යේ මලගම සටහන් කරන්න ජනපති රනිල් වික්‍රමසිංහ⁣ට ඉඩ දිය යුතු නැහැ.රනිල් වික්‍රමසිංහ පිණට ලැබුණ ජනපතිකම යොදා ගෙන උමතුවෙන් හැසිරෙනවා.ඒ නිසා ප්‍රජතන්ත්‍රවාදය වෙනුවෙන් එකතු කළ හැකි සියලුම බලවේග එකට එකතු කර මේ තත්වය පරාජයට පත් කළ යුතුයි.මේ රට නැවත මෙලේච්ඡ යුගයකට ඇද දමන්න රනිල් වගේ පුද්ගලයෙකුට ඉඩ දෙන්න බැහැ.
මෙහිදී ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර මෙසේ පැවසීය
ජාතික ජන බලවේගයේ අපි ජනතාවට හැමදාම එක දෙයක් කියනවා.ඔබට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති අයිතිවාසිකම් වන භාෂණයේ සහ නීතියේ සමානත්මතාවය වෙනුවෙන් අපි අඛන්ඩව පෙනී සිටිනවා.අපි ඊයේ  විනය ගරුකව ක්‍රියා කරාද යන්න කාටවත් දකින්නට පුළුවන් වුනා.ව්‍යවස්ථවෙන් හිමිව ඇති කතා කිරීමේ නිදහස හා සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය වෙනුවෙන් දසදහස් සංඛ්‍යාත පිරිසක් ලිප්ටන් වට රවුමට ආවා.ප්‍රජාතන්ත්‍ර 
වාදය ගිලිහෙමින් තිබෙන යන රටකට දකින්නට තිබෙන නරක පෙරනිමිති
විධාන දක්වමින් සාමකාමී උද්ඝෝෂණයට පහර දුන්නා.අනීතිකව ඡන්ද කල් දාන්න කල්පනා කරන රනිල් වික්‍රමසිංහ කවදා හෝ ඔහුට ඡන්දය දිනන්න හැකි වෙන තුරු අත්තනෝමතිකව ක්‍රියා කිරීමට ඉඩ දිය යුතු නැහැ.වැඩිවෙන විදුලි බිල,ආහාර හිඟය,රැකියා නැතිවීම වැනි පීඩාකාරී ක්‍රියාමාර්ග වලට  විරුද්ධව ඡන්දයෙන් පිළිතුරු දෙන්න ජනතාව බලාගෙන හිටියා.නමුත් කතිරයෙන් තම අදහස කියන්නත් බැරි පාරට ඇවිත් කියන්නත් බැරි තත්වයක් ඇති කිරීමට විරුද්ධව මේ රටේ සියලුම පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් අපි පෙනී හිටිනවා.

Spread the love

Leave a Comment

You may also like