වෙනත්

නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට බටලන්දේ රනිල් කුමන්ත්‍රණයක

Spread the love

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ලබන සතියේ ආණ්ඩුවට එක්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පසුගිය දිනක (26) බදුල්ලේ පැවැති ජන හමුවකදී ප්‍රකාශ කළේය.

අපි නුදුරේදීම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එජාපයට ගෙන නව සන්ධාන රජයක් පිහිටුවනවා.මම ආණ්ඩුවට එන විටත් සමගි ජන බලවේගයෙන්  තව මන්ත්‍රීවරුන්  කිහිප දෙනෙක් එක්ක එන්න හිටියත් ජනාධිපති තුමා කිව්වා එහෙම කරන්න එපාය කියල.ඒත් ඊයෙ පෙරේද දවසක අපි හික්කඩුවට ගිය වෙලාවෙදි ජනපති තුමා කිව්වා දැන් ඒ මන්ත්‍රීවරුන් අරගන්න කියලා යැයිද ඇමති හරීන් ප්‍රනාන්දු එහිදී වැඩිදුරටත් පැවසීය.
අප මීට පෙර මෙම පෙරළිය ගැන අනාවරණය කෙරුවෙමු.රනිල් රාජපක්ෂ ජනපතිවරයාට නව සන්ධාන ආණ්ඩුව පිහිටුවීම සදහා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට උපකාර කරමින් සිටින්නේ හිටපු පාම සජින් වාස් ගුනවර්දනය.ඔහු මේ වන විටත් රාජපක්ෂ කඳවුර නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණනාවකින්ම රනිල් රාජපක්ෂගේ නව සන්ධාන ආණ්ඩුවට සහයෝගය ලබා දීමට කැමැත්ත ගෙන ඇති බව දැන ගැන්මට තිබේ.මෙම සන්ධාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය වරයා ලෙස නිමල් සිරිපාලද සිල්වා පත් කිරීමටද ⁣සැලසුම් කර ඇතැයිද වාර්තා වෙි.
රනිල් රාජපක්ෂගේ මෙම යටිබිම් ගත කුමන්ත්‍රණය ආරංචි වීමෙන් පසු  රාජපක්ෂ පවුල තුළ මතු වී ඇත්තේ බරපතල අර්බුදයකි.නාමල් රාපක්ෂ මන්ත්‍රීවරයා මේ වනවිටත් පොදු ජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් ජනපතිවරයාගේ සන්ධාන රජයට සම්බන්ධ වීම වලක්වා ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටී.
කෙසේවෙතත් පොදු ජන පෙරමුණ තුළ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනට පක්ෂපාතී මන්ත්‍රීවරුන් පිරිසක් එජාපයේ සාමාජිකත්වය ගැනීමට සූදානමිව සිටින බවද දැන ගැන්මට තිබේ.උතුර නියෝජනය කරන දෙමළ පක්ෂ නව සන්ධාන  ආණ්ඩුවට සහයෝගය දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.
එහෙත් නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම ජනපති බටලන්දේ රනිල් සිතන තරමට ලේසි පහසු කාර්යයක් නොවන බව අ⁣පගේ ගනන් හැදීමයි.

Spread the love

Leave a Comment

You may also like