Spread the love

මේ හැමෝටම ජීවිතේ තිත්ත ද……..?

අන්න අර කඳු සිරස
උඩින් පාතට පැනපු
පුංචි දිය සීරාව දැක්කද
යන්න හිස හැරුණු අත
ඔහේ මුණු මුණු ගගා
ප්‍රේමයෙන් බැඳුනෙ කා එක්කද

දන්න අය කියනවා
ඇය මඳක් උමතු බව
ඒ ඇහෙන කටකතා ඇත්තද

ඉන්න තැන හොයාගත්තොත්
මමත් අහනවා
මේ හැටිම ජීවිතේ තිත්තද ?

(( දිනූ ))

——————————————————————————————————————————————
ඇඹුල් මතක………

‘අඹ වෙරළු අන්නාසි ඇඹුල් නෑ’ කියා
පුරුදු බවලත් හඩක් දුම්රියේ ගියා
නිදා සිටි බිරිදගේ හිසට අත තියා
මදක් එසවී බලමි කවුද ඈ කියා

විඩාබර ජීවිතේ කොළඹ තනි වෙලා
මා උන්න වංගියේ සැනසුමක් හොයා
‘මල්ලියේ උබට free’ කියා හිනැහිලා
ඇග පතේ හිරි කැඩූ ඇයයි නිර්මලා

සරසවියෙ ජීවිතේ නිමාවක් වෙලා
ජීවිතේ ඉඩෝරය කෙමෙන් පහ උනා
වැසි වැටී කළු මතක හේදිලා ගියා
නිර්මලා පවා පොඩි මතකයක් උනා

‘අප්පච්චි වෙරළු නම් ඕනැමයි’ කියා
පුංචි දූ හඩද්දී ඈව පෙන්නලා
‘දුවේ ඔය වෙරළු හරි ඇඹුල්’යැයි කියා
බිරිදගේ උර හිසේ මූන හැංගුවා

(චින්තක සමන් හේරත්)


Spread the love

Leave a Comment

You may also like