වෙනත්

නිති වෘතියේ සදාචාරය

Spread the love

අපේ රටේ නීතිඥ වෘත්තිය පිළිගත් වෘත්තියක් මෙන්ම නීතිඥවරුන්ට සදාචාරය පිළිබඳ අනුගමනය කළ යුතු නීති මාලාවක්ද තිබේ.

ඒ අතර මුදල් ලබා හෝ නොලබා නඩු නිමිත්තක දෙපාර්ශ්වයම වෙනුවෙන් පෙනී සිටීමට ඔවුන්ට නොහැක.

එහෙත් විරුද්ධ පාර්ශ්වයේ නීතිඥයා තමන්ගේ හොඳ ගජයකු නම් කතාවී තම සේවාදායකයා නොමග යවා බඩ වඩා ගන්නා නීතිඥයෝ එමටය.

ඔවුන්ට සහය පළ කරමින් නඩු කල් දමන නඩු ඇද ගෙන යන හා නීතිඥයාගේ ජ්‍යේෂ්ඨත්වය සළකා තීන්දු තීරණ දෙන නඩු කාරයන්ද සිටිති.

නීතිඥ වෘත්තිය බල්ලට දමමින් දෙපැත්ත කන අපූරු නීතිඥයකු පිළිබඳව ලංකා දවසට වාර්තා වේ.

පණ්ඩුක කීර්තිනන්ද නම් මේ නීතිඥයා තමන්ව හඳුන්වා ගන්නේ ක්‍රීඩා නීති විශාරදයකු ලෙසය.

මේ හේතුවෙන් ඔහු මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු හා ඩලස් අලහප්පෙරුම ක්‍රීඩා ඇමති ධූර දරද්දී ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස කටයුතු කළේය.

ඒ අතර වාරයේ වරින් වර සිදු කෙරුනු ක්‍රීඩා පනත සංශෝධන වල ඔහු තිරයෙන් පිටුපස සිටිමින් කාර්‍යභාරයක් ඉටු කළේය.

හරින් සමග එක්ව ක්‍රිකට් පරිපාලනයෙන් තිලංග සුමතිපාල එලවා දැමීමට ගෙනා සූදුවේ නිරතවන්නන්ට හා බුකි කරුවන්ට ක්‍රීඩා පරිපාලනයට එක්විය නොහැකි නීති සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමේ කාර්‍ය්භාරයද ඉටු කළේ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස කටයුතු කළ පණ්ඩුකය.

කෙසේ වෙතත් වර්තමාන ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති ධූරය භාර ගනිද්දී පණ්ඩුකව තම අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස පත් කර නොගත්තේය.

එහෙත් තමන් සමග තිබෙන මිත්‍රත්වය මත මොහුට තම සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ නීති කටයුතු වලට අමතරව උපදේශක තනතුරක් ලබා දීමට හරින් කටයුතු කළේය.

ඒ අතර පණ්ඩුක රගර් සම්මේලනයේ හා ක්‍රිකට් ආයතනයේ නීති උපදේශකවරයකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේ කොන්ෆිල්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් නම් ගුණාංගයට පටහැනිව පමණක් නොව නීතිඥ වෘත්තියේ සදාචාරයද පාවා දෙමිනි.

තමන්ම සංශෝධන එක් කළ ක්‍රීඩා පනතේ විධි විධාන වලට එරෙහිව ඔහු රග්බි සම්මේලනය වෙනුවෙන් හා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඔවුන් ක්‍රීඩා ඇමතිවරයාට එරෙහිව පවරා ඇති නඩු වලට පෙනී සිටී.

ඇතැම් විට ක්‍රීඩා ඇමතිවරයා ඔහුගෙන් ලබා ගන්නා ක්‍රීඩා නීති උපදෙසටද මුදල් ලබා ගන්නා මොහු එම උපදෙසටම විරුද්ධව ක්‍රිකට් හා රග්බි නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් ඔවුන්ගෙන්ද මුදල් කුට්ටියක් කඩා ගනී.

මෙවැනි දෙබිඩි පිළිවෙතක් කිසිදු සදාචාරයකින් තොරව සිදු කෙරෙන මෙවන් නීතිඥ යන්ගේ ලෝගුව ගලවා දැමිය යුතුය. ඒ සඳහාද නීති පද්ධතියේ නීතිවේදීන් වෙනුවෙන් නීතියක් තිබේ.

මීට අමතරව පණ්ඩුක ක්‍රීඩා අමාත්‍යාංශයේ සුගතදාස ක්‍රීඩාංගණ පරිපාලනය යටතේ පවතින නුවරඑලිය තුරග තරග පිටිය කුලියට ගෙන සිටින රෝයල් ටර්ෆ් ක්ලබ් හි සභාපති වරයා ලෙසද කටයුතු කරන්නේය.

එසේ සිටිමින් ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයට එරෙහිව නඩුද කියන්නේ සුගතදාස ක්‍රීඩාංගණ අධිකාරියට රෝයල් ටර්ෆ් ක්ලබ් එක මගින් වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදලද නොගෙවා පැහැර හරිමින් වීම විශේෂත්වයකි.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේම පවතින තහනම් උත්තේජක මර්ධන ඒකකයටද ඔහු ලක්ෂ ගණනක් පොලු තබා තිබේ. ඒ තුරග තරග වලදී අශ්වයන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂාව වෙනුවෙන් එම ඒකකයට ගෙවිය යුතු මුදල් නොගෙවා පැහැර හැරීමෙනි.
ක්‍රීඩාවේ අරක් ගෙන සිටින ගෙවලයන් හා හොරුන් එලවා දැමීමට රොෂාන් රණසිංහ නීති ගෙනෙද්දී ඊට එරෙහිව නඩු කියන්න යන මෙවැන්නන් උසාවියට යන්නේ කලිසමක් හැඳ නොවිය යුතුය.

නීති වෘත්තිය මුදල් වෙනුවෙන් ගණිකා වෘත්තියක් බවට පත් කර ගන්නා මෙවැනි සට කපට නීතිඥයන්ට එරෙහිව නීතිඥයන්ගේ සංගමය වහා පියවර ගත යුතුය.

*ලංකාදවස නයිට් වොච්මන්*


Spread the love

Leave a Comment

You may also like