විශේෂාංග

මගෙ සීතල නැති කරන්න………..මම දැන් හරි දඟයි…………..

Spread the love

 

 

දිනෙන් දිනම……. අපිලිවෙලයි කිලිටියි මගෙ හිත

පැයෙන් පැයට අවදි වෙලා ඉල්ලයි මධු විත
සීතල වැදි වැදි ගැස්සෙන මගෙ නොකිලිටි ගත
නුඹ මං ලග හිටියානම්

මෙහෙම නිහඩ නැත………..

වීදි පුරා නිල් රතු පැහැ තරු පායා තිබේ
සද පමණක් තනිවී ඇත ඉහල නුවන් ගැබේ
පපුවට තුරුලුව ඉන්නට ඇතිනම් මට නුබේ
සද තරු එක වර පායයි අපේ අහස් ගැබේ

පින්ලන්තයෙ මගෙ ඉගෙනුම නිමා වෙන්න ලගයි
බලා ඉන්නේ දෙසැම්බරයෙ ඉගිල ඉන්න තමයි
ආපු ගමන් මම නිරුවත් වෙන්නෙ ඔබේ ලගයි
මගෙ හීතල නැති කරන්න

මම දැන් හරි දගයි.

(චත්තාරි ධර්මවර්ධන)


Spread the love

Leave a Comment

You may also like