වෙනත්

4G සහ 5Gදුරකථන සවන්දීමේ උපකරණ ගෙන්වීමට කියා හමුදා රහස් ගිණුමට කෙලීමේ සුදානමක්

Spread the love

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහජන මුදල් කෝටි ගණන් පිල්ලි ගැසීමට යන බව ආරක්ෂක අමාත්‍යංශයෙන් වාර්තා වේ.ආරක්ෂක අමාත්‍යංශයේ කමල් ගුණරත්නගේ සහචරයකු වන පර්යේෂණ සහ අධයක්ෂ ජෙනරාල් වශයෙන් කටයුතු කරන විශ්‍රාමික මේජර් ජනරාල් රෝවල්  ලංකා යුද හමුදාවේ සංඥා රෙජිමේන්තුවේ සේවය කළ පුද්ගලයෙකි.

පරිගණක සහ රේඩාර් පද්ධති මෙන්ම දුරකථන පද්ධති පිළිබඳව මොහුට හසල දැනුමක් ඇත.මොහු විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට පවසා ඇත්තේ.දැනට තිබෙන තාක්ෂණික උපකරණ තුලින්4G සහ 5Gදුරකථන සවන්දීමේ අපහසුතා ඇති බවත් එය මහා පරිමාණයේ සවන් දීමට හැකියාවක් නොමැති බවයි.

මේ නිසා ඔහුගේ රෙකමදාරුව මත ඊශ්‍රාලයෙන්, රුසියාවෙන් සහ ඇමෙරිකන් එක්සත් ජනපදයෙන් මෙම නවීන තාක්ෂණයෙන් යුතු ජංගම දුරකථනවලට සවන්දීමට හැකි නවීන උපකරණ ගෙන්වීමටයෝජනා කොට තිබේ.

එමෙන්ම ජංගම දුරකථන ජෑම් කිරීමේ උපකරණ ගෙන්වීමට ද, යම් පුද්ගලයෙකු ජංගම දුරකතනයෙන් කතා කරන විට සිටින ස්ථානය සොයා ගැනීමට දුරකථන කුලුනු හරහා සිදු වන බවයි .මෙම දූෂිත නිලධාරියා වන මේජර් ජනරාල් රෝවල්  විසින් දෙනු ලබන රෙකමදාරුව මත ඉතාම ළඟකදි මෙම උපකරන  මිලට ගැනීමට නියමිතය. යුද හමුදා ඔත්තුකරුවනට  වෙන් කොට තිබෙන මුදල් වලින්  මිලියන ගානකට පිල්ලි ගැසීමට මෙය සිදුකරන බවට ඉහලම මට්ටමේ හමුදා ජේෂ්ඨයන් හෙලිකරයි.

ලංකාවේන් ලංකා දවස කියවන්න……

https://lanakadawasa.blogspot.com/


Spread the love

Leave a Comment

You may also like