වෙනත්

ජාති ජන බලවේගය අප්‍රසාදයට පත් කිරීම සඳහා ආණ්ඩුවේ තක්කඩි සැලසුම් එළියට

Spread the love

ජාතික ජන බලවේගය පොදු ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම සඳහා ජනපති බටලන්දේ රනිල් රාජපක්ෂගේ උපදේශකයන් කූට්ටම යම් සැලසුමක් නිර්මාණය කර ඇති බව තමාට අනාවරණය වූයේ යැයි එහි නායක අනුර කුමාර දිසානායක ඇඹිලපිටිය ජන හමුවේදී පැවසීය

ජාතික ජන බලවේගය ජනතාව අතරේ අප්‍රසාදයට පත් කිරීම සඳහා සැලසුමක් පිළිබඳව සාකච්ඡාව පැවැත්වූයේ ජනපති ලේකම් කාර්යාලයේදීය.එම සාකච්ඡාව නර්ස් සමන් රත්නප්‍රිය ,රජිත කීර්ති තෙන්නකෝන්, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ආදීන් සහභාගි වූ බව අපට වාර්තා වී තිබේ.
මෙහිදී මෙම කණ්ඩායම විසින් ඒ සඳහා වූ ඉදිරි සැලසුම සිතියම් ගත කෙරිණි. 
ඒ අනුව තෙල් නැවක් පැමිනීම ප්‍රමාද කර රට පුරා ඉන්ධන සැපයුම අඩාල කිරීම,රෝහල් තුළ සැත්කම් කිරීම අත් හිටුවීම ,ඖෂධ හිඟයක් නිර්මාණය කිරීම ආදී ක්‍රියා දාමයක් ආරම්භ කර ඒ සඳහා ජනපතිවරයා ගේ මැදිහත් වීමෙන් එම ප්‍රශ්ණ විසඳීමට අපේක්ෂා කෙරේ.
කෙසේ හෝ මේ වන විට ආණ්ඩුවේ ප්‍රධාන ජන්මාන්තරගත සතුරා ලෙසට පත් වී ඇත්තේ ජාතික ජන බලවේගයයි.
ලංකාවේන් ලංකා දවස කියවන්න……

Spread the love

Leave a Comment

You may also like