වෙනත්

පලාත් පාලන මැතිවරණය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංඟමයෙන් නිවේදනයක්

Spread the love

සියලුම මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය අංඟයක් වන පසුබිමක එළඹෙන මාර්තු 9 වන දින පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා රජය ගනු ලබන උත්සාහය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල පල කර ඇත.

එම සංඟමය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ රාජ්‍ය මුදල් කලමනාකරණය කිරීම අරමුණු කර ගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක්ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් බලපා ඇති බවය.තවදුරටත් නීතිඥ සංඟමය පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර ලේකම්වරයාගේ රාජ්‍ය මුද්‍රණාලයාධිපතිනියගේ සහ ආයතන වල එම ක්‍රියා කළාපය මැතිවරණය කඩා කප්පල් කිරීමේ අරමුණෙන්ම ගත් උත්සාහයක් බව පැහැදිලිව පෙනෙන්ට ඇති බවය.මැතිවරණ කොමසමට සහාය දැක්වීම රාජ්‍ය නිළධාරීන්ගේ වගකීම වන අතර එසේ සිඳු නොකිරීම හෝ එලෙස කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන බවද එම නිවේදනයේ දැක්වේ.

ලංකාවේන් ලංකා දවස කියවන්න……

lanakadawasa.blogspot.com


Spread the love

Leave a Comment

You may also like