වෙනත්

රටේ ජනතාව බඩගින්නේ වැලපෙද්දී බටලන්දේ මිනී මස් කඩ කාරයා පෙරහැර චූන් ගනී – වියදම් කෝටි 19 ක්

Spread the love

ජනාධිපති රනිල් රාජපක්ෂ නො⁣හොත් බටලන්දේ මස් කඩ කාරයාට ඇත්තේ අමුතුම මේනියාවකි.රටේ ජනතාව දහදුක් විඳිද්දී ⁣මිලියන ගානක් වැය කර නිදහස් පෙළපාලියේ මෝඩ පාට් දැමූ මේ ⁣උන්දෑ 75 වන නිදහස් දිනය වෙනුවෙන් යැයි ප්‍රකාශ කරමින් සංවිධානය කරන ලද ජනරජ පෙරහැර හෙට මහනුවරදී පැවැත්වීමට අපේක්ෂිතය.

මෙම පෙරහැර දළදා මාලිගාවේ ඇසල පෙරහැර අවසන් රන්දෝලී පෙරහැර සේම පැවැත්වීමට ජනපති රනිල් රාජපක්ෂ පෙරහැර කමිටුවට නියෝග කර ඇතැයි වාර්තා⁣ වේ.ඒ අනුව එම උත්කර්ෂවත් පෙරහැර හෙට සවස 6 ට දළදා මාලිගයෙන් ඇරඹෙන අතර එහිදී දළදා කරඬුව ⁣වෙනුවට ජනරජ ලාංඡනය ගෙන යාමට නියමිතය.
උඩරට පහතරට නර්තන කණ්ඩායම් හේවිසි හොරණෑ සහිතව අලි ඇතුන් 60 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්කර්ෂවත් පෙරහැර වීදි සංචාරය කිරීමට සැළසුම් කර ඇත.පෙරහැර සංවිධානය සඳහා කෝටි
අටකට අධික මූලික වියදමක් ඇස්තමේන්තු කර ඇත.
එම මුදල් ප්‍රමාණය අමාත්‍යංශ මට්ටමින් සහ දළදා මාලිගයේ පෙරහැර භාරයෙන් ලබා ගැනීමටද නියමිතය.මේ වන විටත් රජයේ සියලු මැති ඇමතිවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් රජයේ වියදමින් හා රජයේ වාහන වලින් මහනුවර වෙත පැමිණ සිටී.
මෙම ප්‍රභූ කණ්ඩායම් වලට මහවැලි රීච් ස්විස් ක්වින්ස් ග්‍රෑන්ඩ් කැන්ඩියන් ආදී තරු හෝටල්වල නවාතැන් සපයා ඇති අතර එම හෝටල තුළ ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ට පවුලේ අයට  කාර්ය මණ්ඩලවලට ආරක්ෂක නිළධාරීන්ට හා රියදුරන්ටද විශේෂ පහසුකම් සලසා ඇතැයිද වාර්තා වේ.
ලංකාවේන් ලංකා දවස කියවන්න……

Spread the love

Leave a Comment

You may also like