වෙනත්

රාජපක්ෂ පොහොට්ටුව කඩා බිඳ දමන්නට බටලන්දේ මහා කුමන්ත්‍රණයක්

Spread the love

වසන්ත මුදලිගේ ගේ ජීවිත අවදානම පිළිබඳව අප වාර්තා කළ ප්‍රවෘත්තිය පල වීමෙන් පසුව පින් ජනපති බටලන්දේ වදකයා මැදිහත් වීමෙන් සිදු වෙන කුමන්ත්‍රණකාරී ඉදිරි සැළසුමක් ගැන ඉතා විශ්වාසදායී තොරතුරක් ලැබී තිබේ. මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ කපටි නරියකු ලෙස සැළකිය හැකි බටලන්දේ වදකයා අමුතුම ජාතියේ හීන් නූලෙන් ගේම් දෙන අයෙකි.

පෙරමුණ “ඇණයක්”……
බටලන්දේ වදකයා හා ඔහුගේ සමරිසි සගයන් හට මෙි වන විට පොදු ජන පෙරමුණ “ඇණයක්” බවට පත් වී තිබේ.විධායක ජනපතිවරයා වශයෙන් පවතින බලතල ක්‍රියාත්මක කිරීමේදී පවා බටලන්දේ වදකයාට සිද්ධ වී ඇත්තේ බැසිල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ වැනි අයවළුන්ගේ අනුමැතිය හා අවසරය යටතේ එය සිදු කිරීමටය.
බටලන්දේ වදකයා දේශපාලනික උද්දච්චයෙකි.එබැවින් රාජපක්ෂ වරුන්ගේ කොන්දේසි යටතේ ක්‍රියාත්මක වීම ඔහු නොරුස්සයි.එහෙත් එය නොතකා කටයුතු කරන්නටද බටලන්⁣දේ වදකයාට නොහැකිය.මරණ තුනක් ඇති මිණිසෙක් පැණි කෑය කවිය අපට සිහිපත් වන්නේ බටලන්දේ වදකයා අද වැටී තිබෙන අමාරුව දකින විටය.එහෙත් බටලන්දේ වදකයා දැන් සූදානම් වන්නේ අමුතුම ජාතියේ කරණමකටය.ඒ සඳහා පිටිය සකස් කිරීම ඔහුගේ ගෝල බාලයන් ඉතා රහසිගතව සිද්ධ කරමින් තිබේ.
පොහොට්ටුව සතු දේශපාලන බලය කප්පාදු……
අප මීට ඉහත පල කළ ප්‍රවෘත්තිය වූයේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට ගන්නා වැඩපිළිවෙල සම්බන්ධවය.එය එසේ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව තුළ පවතින පොහොට්ටුව සතු දේශපාලන බලය කප්පාදු කිරීම ඊළඟ සැලසුමයි.මේ වන විට බටලන්ද වදක⁣යාගේ සමරිසි සගයන් පිරිස වන සාගල වජිර හා අකිල වැන්නන් යටි බිම්ගත කුමන්ත්‍රණ වැඩ සටහනක් දියත් කර ඇත්තේ ඒ සඳහාය.එය සිද්ධ වෙමින් පවතින්නේ පොදු ජන පෙරමුණේ පිරිසක් සජිත් ප්‍රේමදා⁣සගේ සමගි ජන බලවේගයේ හා  මෛත්‍රීපාල සිරිසේන ගේ කණ්ඩායම් එකමුතුවකිනි.එහිදී දෙමළ පක්ෂ වල ස⁣හයෝගය මේ වන විටත් බටලන්දේ වදකයාට ලබා දීමට එකඟතාව ප්‍රකාශ කර තිබේ.
සජින් වාස්…..
කොසේවෙතත් මෙම කුමන්ත්‍රණයේ සම්බන්ධීකාරකයා වී ඇත්තේ සජින් වාස් ගුනවර්දනය.ඔහු දේශපාලන පක්ෂවල නියෝජිතයන් බිලි බා ගැනීමෙහි ලා අති දක්ෂයෙකි.මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩු පක්ෂයට ආ බොහෝ මන්ත්‍රීවරුන් එසේ පැමිණියේ සජින් වාස් ගේ ඇවුලුම් බිලියට හසුවීමෙනි.එලෙස පැමිණි මන්ත්‍රීවරුන්ට විවිධ මිල ගණන් තක්සේරු විය.
පබා……
පබා නම් නාට්‍යංගනාවට සජින් වාස් ගේ ඇවුලුමි බිලියේ ඇම වූයේ ලක්ෂ තිස්පහකි.මනූෂ නානායක්කාර ලක්ෂ හැට පහකි.මනූෂ නානායක්කාර ඒ තරමට ලාභ පරාණයක් වූයේ ඔහු ඒ දින වල පෞද්ගලික ජීවිතයේ වැටී සිටි ආර්ථික හානියයි.
මනූෂ නානායක්කාර……
සජින් වාස්ට මනූෂ නානායක්කාර ඒ ගනනට තක්සේරු කිරීමට හැකිවූයේ  ඔහු සජින් වාස් හමුවූ අවස්ථාවක “අයියේ මට බෙල්ලෙ වැල දාගන්න හිතිල තියෙන්නෙ දේශපාලනේ කරන්න ගිහින් ණය වෙලා තියෙන විදියට ” යැයි කළ ප්‍රකාශයයි.සජින් වාස් ගුනවර්දන සිය ඇවිලුමි බිලිය භාවිතා කෙරුවේ අනෙකාගේ දුර්වලතාවය හොඳට හොයා බලාය.පොහොට්ටුවේ අද කයිවාරු චන්ඩිකම් ඇද බාන බොහොමයක ගේ “ජරා ඇතුලාන්තය” සඳහන් වෙන ලිපි ගොනු   සජින් වාස් අත තිබේ.
“ජරා ඇතුලාන්තය”…….
හොඳින් හෝ නරකින් මේ අයවළුන් බිලි බා ගැනීමට සජින් වාසනාව  තුළ ඇත්තේ අපූරු හැකියාවකි.එවැන්නකු එහිදී කල්පනා කර බැලිය යුතු වන්නේ තමන්ගේ කර්තෘත්වයෙන් සැඟව සිඳු කරන ලද  ජරා කතන්දර එළියට දමා ගන්නවාද එසේත් නැතිනමි හිරේ විලංගුවේ ලගිනවාද ඒ සියල්ලම නැතිනම් මිලියන කිහිපයක් ගෙන සජින් වාස් ගේ ඉල්ලීම⁣ට එකඟව බටලන්දේ වදකයාගේ දෑත් ශක්තිමත් කරනවාද යන්න පමණය.දැන් වැඩේ සිද්ධ වෙමින් පවතින්නේ ඒ විදියටය.
කෙසේ හෝ හෙට අනිද්දා වන විට පොහොට්ටුවේ පෙති කැඩී බිඳී විසිර යන හැටි දැක ගත හැකිය.තමන්ට සිද්ධ වුනේ කුමක්ද යන්න හිතා ගන්නට බැරිතරමට පොදුජන පෙරමුණ අන්දුන් කුන්දුන් වෙන විදියට ක්ෂනිකව පාර්ලිමේන්තුව තුළ මේ ⁣පිපිරීම සිද්ධ වෙන බව ස්ථිරය.
බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ….
සජින් වාස් ගුනවර්දනගේ න්‍යාය පත්‍රයේ බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ දේශපාලනිකව කුජීත කිරීමේ වුවමනාවද පවතී.
දැන් ඒ අපේක්ෂාව බටලන්දේ වදකයාගේ අවශ්‍යතාවට ගැලපෙන විදියට සකස් වෙමින් තිබේ.එහෙත් ප්‍රශ්ණය තිබෙන්නේ මේ වන විට මහ පොලොවේ ඇවිලෙමින් තිබෙන මහා ⁣ජනතා පෙල ගැස්ම කළමනාකරණය කරන්නට සජින් වාස්ට හා බටලන්දේ සමරිසි සගයන්ට හැකිවේද යන්න ගැනය.

ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……


Spread the love

Leave a Comment

You may also like