උණුසුම් පුවත්

පුදුමයි ඒත් ඇත්තයි……………..අපරාධ චෝදනාවලට ලක් වු විනිසුරු වරුන් නඩු අහන ලෝකයේ අරුම පුදුම රට ශ්‍රි ලංකාවයි.

Spread the love

ලෝකයේ කුමන රටකවත් මෙවනි අපුරු විනිසුරුවරුන් නැත. ඒ වෙනතක් නිසා නොව තමාට අල්ලස් පනත යටතේම තම අධිකරණයේම නඩු පවරා තිබිය දීත් මහජනතාවට කොලේ වසා රටේ ජනතාව ගේ නඩු අසන අරුම පුදුම විනිසුරන් ඉන්න ලෝකයේ එකම රට ඉන්දියන් සාගරයේ අමුතු නැටේ ශ්‍රි ලංකාවේය.

මේ වනවිට රටේ උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරනයේ දැනට සේවයේ සිටින විනිසුරු විජිත් මලල්ගොඩ, ඊවා වනසුන්දර යන දෙදෙනාටම මේ වනවිට අල්ලස් පනතේ වගන්ති යටතේ රටේ පුරවැසියකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරාතිබියදී මොවුන්තවමත් ඉතාහොදින් නීතිය නමමින් ඒ නඩු අසමින් රටේ ජනතාවට නිතිය ක්‍රියාත්මක කරමින් ඇත.

අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ මේ විනිසුරන් දෙදෙනාට නඩු පවරා තිබියදීත් රටේ ජනතාව මුලාකරමින් ගොනාට අන්දවා තවදුරටත් නඩු අසමින් ජනතාව ගේම බදුසල්ලි වලින් ජීවත් වෙමින් පවති .

මෙය රටක කිසි සේත් නොවිය යුතු දෙයකි. එසේ තිබියදී නිතියේ ආධිපත්‍ය සැමට සාධාරණව ඉටු නොකර එවනි නඩුකාරයන්ට එක් ආකාරයකට නිතිය ක්‍රියාත්මක කිරීමටත් රටේ ජනතාවට තවත් ආකාරයකට නිතිය ක්‍රියාත්මක කිරීමම රටේ ජනතාව අධිකරණය කෙරෙහි කුමන් විශ්වාසයක් තැබිය හැකිද…..?

ලෝකයේ අරුම පුදුම මෙවනි විනිසුරන් සිටිනවා නම් ඒ ලෝකයේ පුදුම ඇටේ අරක් ගෙන සිටින ලංකාවේ පමණයි.

ඒ ආකාරයටම රටේ හිටපු දුෂිතම අගවිනිසුරු සරත් එන් ද සිල්වා හා හිටපු අගවිනිසුරු ශ්‍රි පවන් යන දෙදෙනාත් රටේ ජනතාවට වංචා කරමින් ගොනාට අන්දවා ලෝකයටම දුෂිතම අධිකරණයත් ඇත්තේ ශ්‍රි ලංකාවේ බවට ලෝකයටම දැන් ඔප්පුකර හමාරයි.


Spread the love

Leave a Comment

You may also like