පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීමෙන් ජනපතිවරයා සිදු කරමින් පවතින්නේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය පාඨලී චමිපක රණවක පවසයි.හිටපු අමාත්‍යවරයා එසේ පැවසුවේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ඔහු විසින් අද (15)දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී
එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක වැඩිදුරටත් මෙසේද කීය.මාර්තු 9වන දිනට යෙදී ඇති පලාත් පාලන මැතිවරණයේ කාල සටහනට අනුව පෙබරවාරිි 22 23 හා 24 දින වල හය ලක්ෂයකට ආසන්න රජයේ සේවකයන් සදහා තැපැල් චන්ද පැවැත්විය යුතුයි.ඒ සඳහා වූ නිල පත්‍රිකා අද (15)දින සිට බෙදා හැරීම කළ යුතු බව මැතිවරණ කාල සටහනේ තියෙනවා. නමුත් ඊයේ මැතිවරණ කොමිසම හා එම කාර්යාලය නිවේදනය කෙරුවේ මුදල් ලබා නොදෙන්නේනම් මෙම මුද්‍රණය කරන ඡන්ද කාඩ් පත් මුද්‍රණය කිරීමට නොහැකි බව රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති හෙයින් ඡන්ද කාඩ් පත් බෙදා හැරීම දින නියමයක් නැතුව කල් යන බවය.සමහර ඇතැම් මාධ්‍ය මෙම ප්‍රකාශය වාර්තා කෙරුවේ තැපැල් ඡන්දය කල් යන බවටය.කෙසේ නමුත් විසි එක් වතාවක් මැතිවරණයට බාධා කරල විසි දෙවන අවස්ථාවෙි රජය මුදල් අමාත්‍යංශයේ ලේකම් වරයාත් මුද්‍රණලයාධිපතිනියත් යොදා ගෙන මුදල් නොදීමෙි පදනම මත මැතිවරණය කල් දැමීම සඳහා වූ විධායක ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.ඒ සමග අධිකරණ ක්‍රියාවලියක් මගින් මැතිවරණය පවත්වන්න එපාය කියල අධිකරණයට ඉදිරිපත් කල පෙත්සම කඩිනමින් විභාග කරන්නය කියල අතුරු මෝසමක් ඉදිරිපත් කරල තියෙනවා.මේ පිළිබඳව අපට කියන්නට ඇත්තේ මෙම ක්‍රියාවලිය ඉතා භයානක බවයි.අපේ ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය බලය පැවරෙන්නෙ දෙවියන්ගෙන් බලය ලබා ගත් නියෝජිතයෙකුට හෝ රාජ්‍යයක් කරන රජෙකුට නොවෙයි.ජනතාවටයි පරමාධිපත්‍යය පැවරිලා තියෙන්නෙ.ජනතාව සතු පරමාධිපත්‍යය ඔවුන් ව්‍යවස්ථාවට අනුව විටින්විට අභ්‍යාස කරන්නෙ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය පලාත් සභා මැතිවරණය පලාත් පාලන මැතිවරණය වැනි අවස්ථාවලයි.ඒ අනුව නිල කාල සීමාව මත පැවැත්විය විය යුතු මේ පලාත් පාලන මැතිවරණය වසරකින් කල් ගිහින් තියෙනවා.එය නැවත කල් දැමීමට ගන්නා මේ උත්සාහයෙන් ජනතා පරමාධිපත්‍යයට මරු පහරක් එල්ල වෙනවා.විවිධ හේතූන් නිසා ලෝකයේ මැතිවරණ කල් යනවා.ඉන් එක් හේතුවක් තමයි යුද ත්‍රස්ත ක්‍රියාවන් ආදී ක්‍රියාවන්.1982 ජනපතිවරණයේ සිට 2010 ජනපතිවරණය දක්වා පවත්වන ලද සෑම මැතිවරණයකටම රට තුළ පැවැති ත්‍රස්ත ක්‍රියාවල බලපෑම් වලට මුහුණ පෑමට සිදු වුන නිසා ජන මතයේ විකෘතියක් සිදු වුනා.එහෙත් එම වටපිටාව තුල පවා මැතිවරණ පැවැත්වුනා.එහෙත් අද එහෙම වටපිටාවක් නැති හන්ද ඒ සාධකය මත මැතිවරණය කල් දාන්න අවශ්‍ය නැහැ. දෙවන කාරණය පාරිසරික තත්වයක් මත මැතිවරණ කල් දාන්න පුළුවන්.ඒ සුනාමි වැනි තත්වයක් ඇතිවුනොත්.එහෙත් එහෙම පාරිසරික බලපෑමක් රට තුළ නැහැ.අනික වසංගත තත්වයක් තුළ මැතිවරණයක් පවත්වන්නට බැහැ .එහෙත් රට කෝවිඩ් වසංගතයට මුහුණ පා සිටියදී පවා අපේ රටේ මැතිවරණ පැවැත්වුනා. ඒ වගේම විධායක තීරණ මත මැතිවරණ කල් දැමීමට පුළුවන්.සිරිමා බණ්ඩාරනායක හා ජේආර් ගේ රාජ්‍ය පාලනය තුළ විවිධ විධායක තීරණ මගින් මැතිවරණ කල් දැමීම නිසා රට තුළ අර්බුද මතු වුනා.අන්න ඒ නිසා මෙම පලාත් පාලන මැතිවරණය කල් දැමීමට ක්‍රියා කළ හොත් ජනතාව අරගයක් කරා ඇදී යන්න පුළුවන්. ඒ අතරේ මේ රටේ ඉතා සුළු පිරිසක් සම්බන්ධ පොලිස් ජුන්ටාවක් ක්‍රියාත්මක වෙනවා.මේ පොලිස් ජුන්ටාවට අවශ්‍ය වෙලා තියෙනවා ලේ වැගිරීමක් කරන්න.දේශපාලන පක්ෂ තහනම් කරවන්න.මෙය ඉතා බරපතල භයානක තත්වයක් රට තුළ නිර්මාණය කිරීමක්.මෙය වලක්වා ගැනීමට මෙරට විපක්ෂයේ සදහා සියළුම දේශපාලන පක්ෂ පුළුල් දේශපාලන එකතුවක් අවශ්‍යයි.ඒ සදහා උතුරේ හා දකුණේ සියළු දේශපාලන පක්ෂ වහා පෙල ගැසිය යුතුයි.ඒ සමගම ලේ රහ සොයන පොලිස් ජුන්ටාව පිළිබඳව හොද අවධානයකින් කටයුතු කරන ලෙසට පොලීසියේ මහත්වරුන් ගෙන් හා ආරක්ෂක හමුදාවල නිළධාරීන් ගෙන් මා ඉල්ලා සිටිනවා.
ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……