වෙනත්

පින් ජනපතිවරයාට හමුදාවෙන් විවෘත ලිපියක්

Spread the love

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා,

ජනාධිපති ,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.

පලාත් පාලන මැතිවරණය පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධීව කල් දැමීම පිළිබඳව විරෝධය ප්‍රකාශ කිරීම.


ජනපතිතුමණි;
මෙම ලිපිය ඔබ වෙත යොමු කරන අප ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හා සේවා රෙජිමෙන්තු වලට අයත් මේ වන විටත් සක්‍රීය සේවයේ නිරත කොමිෂන් නොලත් නිළධාරීන් හා සාමාන්‍යය සෙබළුන් පිරිසක් බව ප්‍රථමයෙන් සඳහන් කිරීමට කැමතිය.මේ මොහොත වන විට අපට දැන ගැන්මට ලැබී ඇත්තේ ඉදිරියේදී පැවත්වීමට නියමිතව පැවති පලාත් සභා මැතිවරණය දින නියමයක් නැතුව කල් දැමීමට ඔබ විසින් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවය.රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මුල්‍යමය වත්කමක් නොමැති වීම මෙයට හේතුව බව ඔබතුමා හා සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරිකයන් සමාජය වෙත අවධාරණය කරමින් සිටී.
ඔබතුමා මෙරට ජනපතිවරයා ලෙස පත් වී ඇත්තේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතිනජනතාව රජය හා පරමාධිපත්‍යය යන ප්‍රතිපාදනයන්ගෙන් බව ඔබතුමාට මේ වන විට අමතක වී ගොස් ඇති බවක් අපට හැඟී තිබේ.ඒ ඔබතුමා සිදු කරමින් හා හැසිරෙන ආකාරය පිළිබඳව අපේ රටේ ජනමාධ්‍ය වලින් ප්‍රකාශයට පත් කෙරෙන ප්‍රවෘත්ති කියවන විටය.ඒ ප්‍රවෘත්ති ඇසෙන විට හා කියවන විට ඔබතුමා යම් මොළයේ අමාරුවකින් හෝ ආතතියකින් පසුවන බවක් අපට සිතේ. ඔබතුමාගේ සමරිසි ගැන්සියද ඔබතුමාද  සිතා ගෙන සිටින්නේ ඔබතුමා  නැතිනම් මේ රටේ පැවැත්මක් නැති වන බවයැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු.
මේ රට පවතින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ දැක්වෙන ජනතාවගේ පරමාධිපත්‍යය තුළ බව අපට මෙහිදී ඔබතුමාට සිහිපත් කිරීමට සිදු වී තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සඳහන් වේ.එහිදී ඔබතුමාද ජනතාවගේ පරමාධිපත්‍යය භුක්ති විඳීම හා ක්‍රියාත්මක වීම සඳහා පත් කරගන්නා ලද ජනපතිවරයෙක් පමණක් බව සිහියේ තබා ගත යුතුය.එහෙත් බලයෙන් උද්දාමයට පත්ව සිටින ඔබතුමා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමන්ගේ පුක පිහදාගන්නා කඩදාසියක් බවට පත් කරගනිමින් සිටීම කණගාටුදායකය.
අප යුද හමුදාවේ සක්‍රීය සේවයේ නිරත වන්නන් වේ.මෙම පෙත්සම ඔබ වෙත එවීම සඳහා අපට සුදුසු යැයි සිතුන මාර්ගය වූයේ ලංකා දවස විද්‍යුත් ප්‍රකාශනයයි.මෙය ලංකා දවස පල කිරීමෙන් පසුව අපගේ අනන්‍යතාව සෙවීම නිරර්ථක කාර්යයක් බව ඔබතුමා වෙත දන්වමු.ඒ මෙහි සඳහන් සියළු කාරණා යුද හමුදාවේ සෙබළුන් හා නිළධාරීන් සැම ගේ හෘද සාක්ෂියේ හඬ නිසාය.ඔබතුමා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීමේ කාර්යයේ නිරතව සිටින්නේ එයට එරෙහිව මහජන විරෝධතාවක් මතු වුව හොත් යුද හමුදාව යොදවා එය මර්දනය කර ගැනීමේ අරමුණින් සිටින බැවින් විය හැකිය.
ඔබතුමා වැඩ වරද්දා ගන්නේ එතැනදීය.හමුදාවේ  සක්‍රීය සේවයේ නිරත අප සියළුම දෙනා අහසින් කඩා වැටුන වුන් නොවේ.අද රටේ පවතින ආර්ථික අර්බුදය නිසා දැඩි පීඩාවට පත් වී සි⁣ටින්නේ අපේ අම්මා තාත්තාය.බිරින්දෑ වරුන් හා දුවා දරුවන්ය.ලේ ඥාතීන්ය.මේ වන විට හමුදා කඳවුරුවල තත්වයද ඒ දුක්විඳින සමාජයේ පැති කඩක් වේ.හමුදාවට ලබා දුන් ආහාර වේල පවා කටුක නීරස තත්වයට පත් වී ති⁣බේ.අනෙකුත් පහසුකම්ද එසේමය.කොටින්ම සඳහන් කරනවා නම් හමුදාව හිඟමනට වැටී තිබේ.හමුදා පුහුණුවීම් වලදී භාවිතා කිරීම සඳහා ජීව උන්ඩ පවා ලබා ගත නොහැකි  වටපිටාවක් නිර්මාණය වී ඇති බව දැකිය හැකිය.හෙට අනිද්දා වන විට හමුදා සෙබළුන්ට ආරක්ෂක රාජකාරි වලදී බයිනෙත්තුව පමනක් භාවිතා කරන්නට නියෝග ලැබෙන්නට පුළුවන.
   
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරාගනිමින් හමුදා මර්දනය යොදවා රට පාලනය කිරීමට ඔබතුමා සිතන්නේ නම් එය දවල් දකිනා සිහිනයක් වන බව නිසැකය.හමුදාවේ සිටින්නේ කියන කියන දේ කරන අට පාස් මෝඩයන් යැයි සමහරු සිතා සිටී.හමුදා ඉතිහාසයේ අසාධාරණයට එරෙහිව රෙජිමෙන්තු තුළ කැරලි ඇති වූ බව අප ඔබතුමාට මතක් කරමු.1957 වර්ෂයේදී මන්නාරම කඳවුරේ සිටි කාලතුවක්කු හමුදාවේ සෙනීන් ගස් උඩ නැගී වර්ජනයක් සංවිධානය කරන ලද්දේ ආහාර සලාකය පිළිබඳව ප්‍රශ්ණයකටය.1975 වර්ෂයේදී කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ කඳවුරු ගතව සිටි සිංහ රෙජිමෙන්තුවේ සෙනීන් ලුතිනන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදා නිළධාරීන්ට පහරදී කඳවුරෙන් එළවා දමන ලද්දේ සිය සෙබළෙකුට නිළධාරියකු විසින් පහරදී මරා දැමීම නිසාය.
අසූව දශකයේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සියළුම කොමිෂන් ලත් නිළධාරීන් කඳවුර හැර යන ලද්දේ  සාමාන්‍ය සෙබළෙකු ලවා සිය යට ඇඳුම සෝදා ගැනීමට නිළධාරියකු ගත් අනීතික බලපෑමට විරෝධතාව දැක්වීමටය.එසේම  80 දශකයේ මැද භාගයේදී මෙරටට පැමිණි ඉන්දියාවේ අගමැතිවරයාට ගිනි අවි මිටෙන් පහර දුන් නාවුක සෙබළ විජිත් විජයමුණි ගැනද අපට මෙහිදී අමතක කරන්නට නොහැකිය.
අපේ රටේ ඉතිහාසය පිරික්සා බැලුවද රාජ්‍ය පීඩනයට එරෙහිව  මහජනතාව සමග එක්ව සටන් කළ රාජ්‍ය නිළධරයන් වූ කැප්පෙටිපොළ වැනි  වීරයන් පිළිබඳවද මෙහිදී සිහිපත් කරන්නට හැකිය.
රට තුළ පවතින අති දුෂ්කර වටපිටාව නිරාකරණය කිරීම සඳහා මේ හෝරාවේ  මහජන මතය විමසිය යුතු බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.ඒ සඳහා ඇති එකම ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වන කවර හෝ හැඩයේ මැතිවරණයක් බව අපි ඔබතුමාට දන්වා සිටිමු.
එම කාර්යය ඉටු නොකර ඔබතුමා ඇතුළු ඔබතුමාගේ සමරිසි කල්ලිය අධිකාරීවාදීව බලහත්කාරයෙන් විධායක ජනපති තනතුරට මුවා වී සෙල්ලම් දාන්නට සූදානම් ⁣වුව හොත් එය මහා විනාශයකට මුල පිරීමක් විය හැකි බවට අපි ඔබතුමාට අනතුරු අඟවමු.
ඔබතුමා ඇතුළු සාගල අකිල වජිර ආදී සමරිසි කල්ලිය ආරක්ෂා කිරීම යනු තවදුරටත් මෙරට ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාව සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම නොවන බව අපි දැන් පසක් කර ගෙන සිටිමු.
සැබවින්ම ඔබතුමාගේ සමරිසි කල්ලියට අයත් වූවන් විවාහක බිරින්දෑ වරුන් සිටින මැදිවියේ තලස්තෑනි පුද්ගලයන්ය.අප⁣ට ප්‍රශ්ණයක් වී ඇත්තේ ඔබතුමා ගේ සමරිසි කල්ලියේ අයවළුන්⁣ට ලැජ්ජාවක් නැතත් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටවත් අඩුම ගානේ ලැජ්ජාවක් නැද්ද යන්නය.එය ඔබතුමාගේ මහචාර්ය බිරිඳටද වලංගුය.
සමරිසි ලිංගික තත්වය අප ප්‍රතික්ෂේප කරන බව ඉන් අදහස් නොකෙරේ.අපට මෙය ප්‍රශ්ණයක් වී ඇත්තේ ඔබතුමාගේ කාම සුඛල්ලිකානු පැවැත්ම සඳහා ප්‍රතිපාදන යොදා ගෙන ඇත්තේ මහජන බදු මුදල් වලින් වීමය.ඔබතුමා තම උපදේශකයන් ලෙස පත් කර ගෙන රජයේ වැටුප් ගෙවමින් හා සියළු වරප්‍රසාද ලබා දී ඇත්තේ එම සමරිසි සගයන් හටය.එය කෙතරම් නින්දා සහගත කාරණයක්ද යන්න පවා ඔබතුමා අමතක කර තිබේ.ඇතැම් විට  ඔබතුමා සිතාගෙන සිටින්නේ තම සමරිසි සගයන්ට වඩා දක්ෂ බුද්ධිමතුන් මේ රටේ නැති බව වන්නට පුළුවන. 
දැන් ඊළඟට ඔබතුමා සැලසුම් කර ගෙන ඇත්තේ මහජන විරෝධතාවන් මර්දනය කිරීම සඳහා හමුදාව යෙදවීමටය. එහෙත් ඔබතුමා වැඩ වරද්දා ගන්නේ එතැනදීය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එලවා දැමූ තරුණ ආවේගය තවමත් වියකී නැත.එම තරුණයන් ගේ ප්‍රකාශනය තුළ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ රාජපක්ෂ දූෂිත කල්ලිය මෙරට දේශපාලනයෙන් තුරන් කිරීමය.ඔබතුමාවිධායක ජනපති බලය හා වරප්‍රසාද යොදා ගනිමින් ආරක්ෂා කරගනිමින් සිටින්නේ එම දූෂිත කල්ලිය බව සමස්ත සමාජයයම දැන් වටහා ගෙන අවසන්ය.
හෙට දවසේ ඒ තරුණයන්ගේ ආවේගය මහ පාරේදී  නැවත පුපුරා යන බව නිසැකය.මේ පුපුරා යාම සමගි ජන බලවේගය හෝ ජාතික ජන බලවේගය ප්‍රධාන කොට ගත් දේශපාලන බලවේගවල මැදිහත්වීමක් ලෙසට ලඝු නොකරන්න  යැයි අපි ඔබතුමාගෙන් ඉල්ලමු.
ඔබතුමා සිතා සිටින විදියට හමුදාව ඉදිරියේදී ඔබතු⁣මාගේ වැරදි නියෝග පිළිපදින්නට සූදානම් නැත.අපි අපගේ අවි කඳවුරේ තබා නිවාස වලට යන්නට සැළසුම් කරමු.එය හමුදාවෙන් පලා යාමක් නොවන බව අපගේ ඇගයීමයි.අප ආරක්ෂා කරන්නට බැඳී සිටින්නේ මෙරට ජනතාව මිස ඔබතුමා හෝ ඔබතුමාගේ සමරිසි කල්ලිය නොවන බවද අවසාන වශයෙන් සිහිපත් කරමු.  
මීට විශ්වාසී
ශ්‍රී ලංකා යුද හමුදාවේ පාබල හා සේවා සේනාංක වල සක්‍රීය සේවයේ නිරත  කොමිෂන් නොළත් නිළධාරීන් හා සාමාන්‍ය සෙබළුන් සමූහය

ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……


Spread the love

Leave a Comment

You may also like