පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දින නියමයක් නැතුව කල් දමන බව මැතිවරණ කොමිෂම අද දින ප්‍රකාශයට පත් කරන ලදී.රනිල් රාජපක්ෂ ජනපතිවරයා දැන් අඳින්නට හදන්නේ ජේආර් සමයමට බව පැහැදිලිය.ජේ.ආර් ගේ පාලන සමයේදී මැතිවරණ සිතියම හකුලා දැමීමේ දුෂ්ඨ ව්‍යාපෘතිය කෙළවර වූයේ රට මහා ලේ සාගරයක ගිල්වීමෙන් අනතුරුවය.
එළඹෙන පලාත් පාලන මැතිවරණය පැවැත්වූව හොත් රාජපක්ෂ පවුලේ තක්කඩි පොහොට්ටුවන් සමගම තමන් ඇතුළු වල් අලි රැළ කුජීත වන බව රනිල් රාජපක්ෂ දනී.පලාත් පාලන මැතිවරණය සඳහා සිතියම දිග ඇරුණ දිනයේ සිට රනිල් රාජපක්ෂ ආණ්ඩුව නලියන්නට පටන් ගත්තේ බල්ලෙක් නාන්නට ඇද ගෙන යන විදියටය.රනිල් හාමු ගේ පාර්ශවය පළමුවෙන්ම ප්‍රසිද්ධ කෙරුවේ මැතිවරණ කොමිෂමේ සාමාජිකාවක ඉන් ඉවත්වීම සඳහා ජනපතිවරයාට ලිපියක් බාර දී ඇති බවය.එහෙත් මෙහිදී මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ කොමිෂමේ සාමාජිකයෙකු ඉල්ලා අස්වූවද නාම යෝජනා බාර ගැනීමට බාධාවක් නොවන බවය.මේ වන විට පලාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා බාර ගෙන තිබේ.ඒ අතරේ රජයේ මහා භාණ්ඩාගාරය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මුල්‍යමය සීමා කිරීම් යටතේ රාජකාරි කළ යුතු බවත් එම සීමාවන් ඉක්මවා රාජකාරි කරන නිළධාරීන් ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකවම වගකීම බාර ගත යුතු බවය.මේ වන විට ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් නැති බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය නිවේදනය කර තිබේ.මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ රජයේ මුද්‍රණාලයාධිපතිණිය දේශපාලන බලපෑමකට යට වී අසරණ වී ඇති බව හෙළි වන බවය.මේ අතරේ ජනපති රනිල් රාජපක්ෂ විසින් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා ලියනගේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන ජනපති ලේකම් කාර්යාලයට කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන ලෙසටත් මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණය සඳහා මුදල් වැය නොකරන ලෙසටත් නියෝග කර ඇති බව අපට ආරංචි විය.රනිල් රාජපක්ෂ මෙම නියෝගය ලබා දී ඇත්තේ පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵළ සම්බන්ධයෙන් බුද්ධි අංශ වලින් ලබා දී ඇති වාර්තා කියවීමෙන් පසුවය.
ජනපතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ගොස් අවසානයේ අමාරුවේ වැටෙන්නේ රාජ්‍ය නිළධාරීන් බව අපට කැට තියා කියන්නට පුළුවන.අනාගත සමාජය දේශපාලනිකව හැඩ ගැසෙමින් පවතින්නේ දූෂිතයන්ට නැවත අවස්ථාවක් නොදෙන විදියටය.එය යහපාලන ආණ්ඩුවේ මෙන් යටි ගනුදෙනු මගින් බේරා ගැනීමට නොහැකි වන බව සියල්ලන් වටහා ගත යුතුය.මෙහිදී රාජ්‍ය නිළධාරීන් විශේෂයෙන් සිහියේ තබා ගත යුතු වන්නේ ව්‍යවස්ථා විරෝධීව තක්කඩි දේශපාලඥයන්ගේ පෞද්ගලික ඕනෑ එපා කම් ඉටු කරන්නට ගොස් අවසානයේ වැලිකඩ ජම්පරය අඳින්නට සිදු වන එක ස්ථිර බවය.ඒ දැන් මෙරට සමාජයේ බහුතරයක් පෙල ගැසෙමින් පවතින්නේ දූෂිතයන් හොරුන් හා දේශපාලන තක්කඩියන් පිටු දැකිය යුතුය යන ස්ථාවරයක නිසාය.ඉදිරියේදී ජනතාව වෙත වගකියන දේශපාලනයක් මෙරට තුළ නිර්මාණය වෙමින් පවතින බවට ඉඟි පහල වී තිබේ.විශේෂයෙන් තරුණ සමාජය අතර පාර්ලිමේන්තු දේශපාලනය සම්බන්ධයෙන් බුද්ධිමත් වර්ණිත කතිකාවතක් ඇතිවී තිබීම ඒ සම්බන්ධයෙන් වූ සුවිශේෂී ඇරඹුමක් ලෙස සැළකිය හැකිය.පලාත් පාලන මැතිවරණ සිතියම දිග හැරිය දින සිට පොදු ජන පෙරමුණ ඒ පිළිබඳව දැක්වූ අවධානය හා එහි නායකයන් ගේ හැසිරීම අධි තාත්වික විය.මැතිවරණ කොමිෂමෙි සභාපති වරයා ගේ දරදඬු ස්වරූපයද අපගේ විමතියට හේතුවක් වූයේ සතා මොකාදැයි කියා අප හොඳින් දැන සිටි හෙයිනි.මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා දීර්ඝ කාලයක සිට රාජපක්ෂ පවුලේ ඔඩොක්කු කුක්කෙකි.
මොහු පලාත් පාලන මැතිවරණය පිළිබඳව දැක්වූ සුවිශේෂී අවධානය හා මැදිහත්වීම ගැන අප තුළ එදා සිටම පැවතියේ සැකයකි.මේ උන්නැහේ විස්කි බෝතලයකට මිලයට ගත හැකි බව සිල්ලර පරාණයක් බව රාජපක්ෂ පවුලේ තක්සේරුවයි.ලග්ගල සංරක්ෂිතය තුළ තමන් අනවසරයෙන් ඉඳි කරමින් පවතින සංචාරක නිකේතනය පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩා සිය ජීවිතයට සමීප හා වැඩි වටිනාකමක් ගෙන දෙන විෂය කාරණයක් බව මැතිවරණ කොමිෂමේ සභාපති තේරුම් ගෙන නැතිනම් එය මහා පුදුමයකි.රාජපක්ෂ තක්කඩි කෙරුවාව තුළ වැඩ සිද්ධ වෙන්නේ එහෙමය.දැන් මෙරට පවතින්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් බව අප අමතක කළ යුතු නැත.රනිල් නම් දේශපාලන නරියා රාජපක්ෂ හොර දෙටුවන්ගේ සුරතලා වී තිබේ.අප ඉදිරි පලාත් පාලන මැතිවරණය පිළිබඳව ගනන් හැදිය යුත්තේ මේ දෙබිඩි හවුලේ පාදඩ හා මෙලේච්ඡ පැටිකිරිය අමතක නොකරමිනි.එහෙත් රනිල් රාජපක්ෂ වැඩ වරද්දා ගනිමින් සිටින බව අප අවධාරනයෙන් මෙහි ලියා තබමු.ජේ.ආර් උන්දෑගෙන් උගත් පාඩම් අදට වලංගු වන්නේ නැති බව රනිල් උන්දෑට වැටහීමක් නැත.මෙහිදී රාජපක්ෂ වරුන් ඉන්නේ තිරයෙන් පිටුපසය.රනිල් උන්දෑ වෙිදිකාවට දමා තමන්ගේ තක්කඩි දේශපාලනය ඉදිරියට පවත්වා ගෙන යාම රාජපක්ෂ කල්ලියේ අරමුණ වී ඇත.හැට නව ලක්ෂයේ ආශීර්වාදයෙන් බලයට ආ මිල්ටෙරි නන්දසේන රටින් පලා ගියේ මහජන නැගිටීම දරා ගන්නට නොහැකි වීම නිසාය.මිල්ටෙරි නන්දසේන ගේ අත් හැරීම සමග ජනපති පුටුවේ වාඩි වීමේ පින් චාන්ස් එක රනිල් හාමුට ලැබුණේ රාජපක්ෂලාගේ වරමෙනි.මෙරට ජනපතිවරයා ලෙස පාර්ලිමේන්තු ඡන්දයෙන් තෝරා පත් කර ගත් දිනයේ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් එළියට ආ රනිල් උන්දෑ පළමුවෙන් හමු වූයේ හමුදා සාමාජිකයන්ය. ඔහු එහිදී සමාජයට අනියම් ආකාරයෙන් පෙන්වා දෙන්නට උත්සාහ කරන ලද්දේ සිය පාලනය හමුදා යාන්ත්‍රණය සමග සහ සම්බන්ධයෙන් ගෙන යන බවය.පසුව ජනපති වරයා වශයෙන්ද පාර්ලිමේන්තුව අමතා රනිල් උන්දෑ ප්‍රකාශ කෙරුවේ තමන්ට හිට්ලර් වීමට පවා හැකියාවක් තිබෙන බවය.පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීම දැන් ස්ථිරය.ඒ කඩාකප්පල් කිරීම යනු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවභුක්ති විඳින ප්‍රජතන්ත්‍රීය අයිතිය ඉතා බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි.මේ තත්වය පිළිබඳව දේශපාලනික සමාජයේ ප්‍රතිචාරයද රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ගුණ දායක නොවනු ඇත.පලාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස අසූ දාහක පිරිසක් ඉදිරිපත් වී තිබේ.මේ අතර වැටුප් රහිත නිවාඩු ලබා ගත් රාජ්‍ය සේවකයන්ද වේ.මැතිවරණ අපේක්ෂකයන් වශයෙන් ඉදිරිපත්ව සිටින මොවුන් දින නියමයක් නොමැතිව ඡන්දය කල් දැමීම නිසා බරපතල ප්‍රශ්ණයකට මුහුන පාන බව නිසැකය.එය ආණ්ඩුව මුහුණපාන අතුරු ප්‍රශ්ණයකි.කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රනිල් රාජපක්ෂ ගේ ආණ්ඩුව සිදු කරමින් පවතින මෙම බලහත්කාරය සිර දඬුවම් විඳිය හැකි වරදක් බව කාට කාටත් අමතක වී තිබේ.ආණ්ඩුවට එරෙහිව මේ වන විටත් ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස සැළකිය හැකි සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් දේශපාලනිකව ජනතාව පෙල ගස්සවමින් සිටී.එම පක්ෂ විසින් පවත්වන ලද දේශපාලන රැළි වල ජනතාව විශාල වශයෙන් සිටි බවද දකින්නට තිබුණි.රනිල් රාජපක්ෂ ජනපතිවරයා හා අවජාතක කූට්ටාලින් හිතා ගෙන සිටින්නේ ජනතා විරෝධයන් ආරක්ෂක හමුදා යාන්ත්‍රණය යොදා බය ගන්වා මර්දනය කළ හැකි බවය.මේ සිහිණය ගැන අපට ලියන්නට ඇත්තේ අනේ පව් කියා පමණය.දැන් මෙරට සමාජය ජීවත්වන්නේ දැඩි ආර්ථික පීඩනයකිනි.මේ වන විට රෝහල් වල ශල්‍යකර්ම අත් හිටුවා ඇති බව වාර්තා වේ.අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්ද පවතී.කෑම බීම වල මිල අහස උසටය.මහජනතාව තුළ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳව ඇත්තේ දැඩි අප්‍රසාදයකි.දත් මිටි කන තරමේ වෛරයකි.හමුදාව හා පොලීසිය අයිති වන්නේද මේ සංයුතියට බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අමතක වී තිබෙි.පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීම අප සාකච්ඡා කළ යුත්තේ මේ සමාජ වටපිටාව තුළ සිටය.හැට නව ලක්ෂයක ඡන්දයෙන් බලයට පත් වූ මිල්ටෙරි නන්දසේන එළවාදැමූ ඒ සටන් අත්දැකීම සමාජයට තවමත් අමතක නොවී ඇති බවද විශ්වාසය.මිල්ටෙරි නන්දසේනට පැවැති සමාජ ඇගයීමෙන් බිංදුවක තරමේ වටිනාකමක් වත් රනිල් රාජපක්ෂට හා ඔහුගේ අවජාතක කූට්ටාලියන්ට හිමිව නැත.පලාත් පාලන මැතිවරණය කඩා කප්පල් කිරීම සම්බන්ධයෙන් වූ පන්දුව දැන් ඇත්තේ ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ දේශපාලන පක්ෂ පැත්තේය.ඔවුන් එම පන්දුවට ඉතා සැලසුම් සහගතව පහරදීමට සූදානම් බව පෙනෙන්නට තිබේ.පිටියේ දිරි ගැන්වීමෙි ඔල්වරසන් හඬ නැගී එන්නේ විපක්ෂයේ දේශපාලන නායකයන් හටය.රනිල් රාජපක්ෂ මතක හිටින පාඩමක් ඉගෙන ගන්නේ මෙදා බව අපට ස්ථිර වශයෙන් කිව හැකිය.අපට ලැබෙන තොරතුරු අනුව පොලීසියේ හා ආරක්ෂක හමුදා සාමාජිකයන් රනිල් රාජපක්ශ ආණ්ඩුව ආරක්ෂා කිරීමට මැදිහත් නොවීමේ ලක්ෂණ තැනින් තැන දකින්නට පවතී.රනිල් රාජපක්ෂ ආණ්ඩුවට බැල මෙහෙවරකම් කරන ආරක්ෂක හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ දරු පවුල් වලට මේ වතාවේ සමාජයෙන් සමාවක් නොලැබෙනු ඇත.මේ පිපිරීම ඉතා බරපතල විය හැකිය.එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයන්ට රනිල් හාමු හා රාජපක්ෂ තක්කඩි රැළ තවදුරටත් ආරක්ෂා කරනවාද එසේ නැතිනම් ගෙදර සිටින අම්මා අප්පා හා අඹු දරුවන් වෙනුවෙන් පෙනී හිටිනවාද නැද්ද යන්න තීරණයක් ගන්නට සිදු වනු ඇත.
බටලන්ද වැනි මිල්ටෙරි මෙලෙච්ඡ මස් කඩ මේ යුගයට වලංගු නැති බව රනිල් රාජපක්ෂට හා ඔහුගේ සහචරයන්ට හැඟීමක් ඇත්තේද නැත. හැට නව ලක්ෂයේ ජයග්‍රහණය කුජීත කළ මහජන අරගලය මේ වතාවේ එන්නේ මහා සුනාමියක් විදියට බව නම් පෙනෙන්නට ඇත.එය ඇස් පනා පිටම පැහැදිලිය.මේ මහා සුනාමියට රනිල් උන්දෑගේ ඔඩොක්කු කුක්කන් වී සිටින නීතිපති හා අළුත්කඩේ නඩුකාර අපතයන්ගේ ඉරණම පවා වෙනස් කරවන බව අප කැට තියා පවසමු.
රටේ ජනතාවගේ ව්‍යවස්ථානු කූල ප්‍රජාතන්ත්‍රවාදී මානව අයිතිය උල්ලංඝනය කරමින් හුරතල් වෙමින් සිටින කාගෙ කාගෙත් කේන්දර බලා ගැනීම සුදුසු බව ඒ පාදඩයන් සැමට අප මේ හෝරාවේ අවධාරණය කරමු.ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……
රනිල් හාමු අවසන් තුරුම්බුව ගසයි පලාත් පාලන මැතිවරණය කල් දමයි මහජන සුනාමියක් අත ළඟ
