වෙනත්

පාතාලයන් මැරයින් හා කුඩු ජාවාරමුන් ඡන්දෙ ඉල්ලනවා බුද්ධි අංශ වාර්තා කරයි

Spread the love

මෙවර පලාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් ලෙස පාතාල ක්‍රියාකාරිකයන්  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා ඔවුන්ගේ පවුල් සාමාජිකයන් රාශියක් ඉදිරිපත්ව සිටින බව බුද්ධි අංශ වාර්තා වලින් අනාවරණය වී තිබේ.මින් වැඩි පිරිසක් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ දකුණු සහ බස්නාහිර පලාත් වලින් බවද වාර්තා වේ.

දෙමටගොඩ නමගිය මත්කුඩු ජාවාරම්කාරයකු වූ දෙමටගොඩ රුවන් ගේ පුත්‍රයා කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන්ද මෙරටින් පලා ගොස්  ඩුබායි රැඳී සිටින පාතාල මැරවරයෙකුගේ පුත්‍රයකු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තරග කරන බවද  බුද්ධි අංශ සඳහන් කර තිබේ.
මත්කුඩු කිලෝ සිය ගනනක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින බහුදින යාත්‍රා හිමිකරුවකු වූ වසන්ත නැමැති තැනැත්තකු බලපිටිය ප්‍රාදේශීය සභාවට එජාපයෙන් තරග කිරීමට ඉදිරිපත්ව සිටී.දැනට ඩුබායි රැඳී සිටින කොස්ගොඩ සුජීව නම් හොරොයින් ජාවරම්කරුගේ සහෝදරියද ශ්‍රීලනිපයෙන් ⁣බලපිටිය ප්‍රාදේශීය සභාවට තරග කරන බව වාර්තා වේ.
මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා පාතාලය හා මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා ඔවුන් ගේ පවුල් වල අයවළුන් සමග වෙනත් අපරාද ක්‍රියා වලට සම්බන්ධ 2000කට ආසන්න පිරිසක් විවිධ දේශපාලන පක්ෂ හා ස්වාධීන අපේක්ෂකයන් ලෙස තරග කරන බව බුද්ධි අංශ වාර්තා පෙන්වා දී තිබේ 
ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……

Spread the love

Leave a Comment

You may also like