ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත යටතේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වසන්ත මුදලිගේ නීතිපති උපදෙස් ලැබෙන තුරු නොසිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් චෝදනා වලින් නිදහස් කිරීම නීතියට පටහැනි බව දක්වා එම නියෝගය බල රහිත කර නඩුව පෙර පැවැති තත්වයෙන්ම පවත්වාගෙන යාමට නියෝගයක් දෙන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් පසුගිය සිකුරාදා කොළඹ මහාධිකරණයට අභියාචනයක් ගොනු කරන ලදී.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටි වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැක්වූ විරෝධතාව පිළි නොගෙන නීතිපති උපදෙස් නොතකා ඇප ලබා දීමට බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව එම අභියාචනයේ සඳහන් වන බව වාර්තා වේ.එහිදී නඩු කටයුත්තෙන් සැකකරු නිදහස් කිරීම නීතියට පටහැනි බවත් එම අභියාචනයේ දක්වා ඇති බවද වැඩිදුරටත් දැනගැන්මට තිබේ.
ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……