උණුසුම් පුවත්

2018 සිට ප්‍රහාරයකට සුදානම් බව දැන දැනත් සමුල ඝාතනයට ඉහල පොලිස් නිලධාරින් ඉඩදුන්නේ කාගේ උවමනාවටද

Spread the love

2021 පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කර එම ප්‍රහාරයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු විජිත් මලල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කල අතර එම කමිටුව නියෝජනය කළ අනෙකුත් සාමාජිකයන් වන්නේ හිටපු පොලිස්පති කේ.ඉලංගකෝන්  සහ මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න වේ. 
බුද්ධි තොරතුරු…….
මෙම ත්‍රිපුද්ගල කමිටුව ඉදිරිපත් කළ වාර්තාව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් තොරතුරු පනත යටතේ ලබා ගැනීමෙන් අනතුරුව මේ වන විට සමාජගත කර තිබේ.එම වාර්තාවේ සඳහන් ආකාරයට මෙවැනි ප්‍රහාරයක්  එල්ල වීමට තිබෙන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බව සහ එලෙස ලැබුණු බුද්ධි තොරතුරු නිශ්චිතව තහවුරු වී ඇති බවත් සඳහන්ය.පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබුණු පළමු බුද්ධි තොරතුර පිළිබඳව ක්‍රියාත්මක වූ  පොලිස්පතිවරයා මේ පිළිබඳව බස්නාහිර පලාත බාර ඡ්‍යෙශ්ඨ පොලිස්පති වරයා දැනුවත් කර ඇති බවද මෙම වාර්තාවේ දැක්වේ.
නියෝජ්‍ය පොලිස්පති  නන්දන මුණසිංහ…..

එහිදී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  නන්දන මුණසිංහ මහතා  විසින් එම බුද්ධි තොරතුර සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන  කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දෙදෙනා දැනුවත් කොට මෙවැනි ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි වාර්තාවක් පැමිණ ඇති බවත්, එම බුද්ධි වාර්තාව අනුව  කතෝලික පල්ලි ඉලක්ක කොට ජන සමූල ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කොට ඇති බව සඳහන් කර ඇත.වැඩි දුරටත් මේ ප්‍රහාරය බෝම්බ පිපිරවීමේ සැලැස්මක් බවද හෙළි කර ඇති අතර ⁣  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා  විසින් කොළඹ  දකුණ නියෝජ්‍ය පොලිස්පති වික්‍මසිංහ කළුතර නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා  කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේද අවධානය යොමු කර ඇත.

එහිදී නියොජ්‍ය පොලිස්පති  නන්දන මුණසිංහ විසින් පළාතේ  පොලිස් ස්ථානවලට අනුයුක්තව සිටින බුද්ධි නිලධාරීන් යොදවා මේ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින ලෙසත් නන්නාදුනන පුද්ගලයන් පදිංචි වී සිටින නිවාස ආදිය සුපරික්ෂාකාරී වන ලෙසත් පල්ලි ආශ්‍රිතව පිහි⁣ටි නිවාස ගැන හා ඒවයේ පදිංචි සැක සහිත පුද්ගලයන් ගැනත් අවධානයෙන් සිටින  ලෙසත් පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුවත් කර ඇත.

රාජ්‍ය බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන….

විසිවැනි දින රාජ්‍ය බුද්ධි ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා අමතා දැනුම් දී ඇත්තේ හෙට දවසේදී ⁣මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වන බවත් ,ඒ  නිසා සූදානමින් සිටින ලෙසත්ය. එමෙන්ම එහිදී නිලන්ත ජයවර්ධන  පවසා ඇත්තේ දාහත් වන දින වව්නතිව් ප්‍රදේශයේදී මෝටර්  බයිසිකලයක් පුපුරුවා හැර ඇති බවත් එම යතුරුපැදියේ  අයිතිකරුසොයා ගත් බවත් එම සිද්ධියට අදාල සැකකටයුතු පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත්ය.

ඒ අනුව ලද තොරතුරු අනුව සහරාන් ඊබ්බ්‍හිම  ඇතුළු කිහිප දෙනෙකුගේ ඡායාරූප සොයා ගැනීමට සමත් වී තිබේ. නිලන්ත ජයවර්ධනගේ  දුරකතන ඇමතුමෙන් පසුව ඡෙ.නි.පො නන්දන මුණසිංහ විසින්  පළාත් භාර සියලු  නියෝජ්‍ය පොලිස්පතිවරුන් අමතා හෙට දින ප්‍රහාරයක් සිදුවන බවත් එය බොහෝ දුරට දුරස්ථ  පාලක මගින් පුපුරවා හරින බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවද දන්වා ඇත.

ඡෙ.නි. පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන්…..

එමෙන්ම පල්ලි ආසන්නයේ මෝටර් රථ නතර කිරීමට ඉඩ නොදෙන ලෙසද එහිදී දන්වා ඇත.එහෙත්  ඡෙ.නි.පොලිස්පති නන්දන මුණසිංහට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති අතර නියෝජ්‍ය පොලිස්පති වරුන් වන නිමල් පෙරේරා,වික්‍රමසිංහ තම ඡ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග අනුව ක්‍රියාත්මක වී ඇත.

නි.පො ලලිත් පතිනායක……

මෙහිදී නි.පො ලලිත් පතිනායක තුළ එම නියෝග සම්බන්ධයෙන් කිසිදු පෙර සූදානමක් තිබී නැති අතර නි.පො දේශබන්ධු තෙන්නකෝන් නිවාඩු දමා පෞද්ගලික සංචාරයක නිරත වී ඇති අතර සිය ජංගම දුරකතනය පවා ක්‍රියා විරහිත කර ගෙන සිටි බව අනාවරණය වී තිබේ.

ජංගම දුරකථන…….

  රජයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ජංගම දුරකථන පහසුකම ලබා දී ඇත්තේ මහජන මුදල් වැය කරමිනි.   එම නිසා පැය විසිහතරම ඒ දුරකථන වලට ඔවුන් ඇමතිය යුතු අතර ලැබෙන නියෝග පිළිපැදිය යුතුය.එමෙන්ම ඔවුන් සිය පහළ නිලධාරීන්ට නියෝග දිය යුතුය.දේශබන්ධු තෙන්නකෝන් නිවාඩු  ගියද ඔහුට ඔහුගේ එම වගකීමෙන් සහ වගවීමෙන් බැහැර විය නොහැක.එයට හේතුව ඔහු දරණ තනතුරය.

පෞද්ගලික  සංචාරය……….

මේ සා විශාල ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳව බුද්ධි  තොරතුරු ලැබී තිබියදී  දේශබන්ද් තෙන්නකෝන් සිය රාජකරිමය අත් හැර පෞද්ගලික  සංචාරයක නිරත වීම බරපතළ ප්‍රශ්ණයක් බව කමිටු වර්තාවේ සඳහන් වේ. කාරණයකි.තවදුරටත් මලල්ගොඩ වාර්තාවේ දක්වන්නේ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් ලබා දී ඇති  නියෝග නොසලකා හරිමින් දේශබන්දු තෙන්නකෝන් නම් වූ ඡ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරයා16  වෙනි දින නිවාඩු ගැන පාසිකුඩා පිහිටි මාළු, මාළු හෝටලය වෙත  පවුලේ අය සමඟ විවේකයට ගියේ කුමන හේතුවක් මතදැයි ප්‍ර්ශණ කර තිබේ. බුද්ධි අංශ විසින් ඉතා පැහැදිලිවම කතෝලික පල්ලි වෙත ප්‍රහාර එල්ල කරන බව දැන දැනත් තම බල ප්‍රදේශය අයාලේ දමා යන්නට දේශබන්දු තෙන්නකෝන්ට තිබුණු අමාරුව කුමක්ද යන්න අපටත් බර⁣පතල ප්‍රශ්ණයකි.

දක්ෂ පොලිස් නිලධාරියෙක් නම්…….

අභ්‍යන්තර ආරංචිමාර්ග ප්‍රකාශ කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මෙම ප්‍රහාරය ගැන ඉතා හොඳින්  දැන සිටි නිසා එය සිදුවීමට ඉඩ දී නික්ම ගොස් ඇති බවය.  දේශබන්ධු තෙන්නකෝන්  දක්ෂ පොලිස් නිලධාරියෙක් නම්  ඔහු සිය පොලිස් බල ප්‍රදේශයේ සිටියේ නැතත් තමා යටතේ සිටින  පොලිස් නිලධාරීන් හැසිරවීම සම්බන්ධයෙන් වග කිව යුතුය.ඔහු සතුව එවැනා පරිපාලන ක්‍රියාදාමයක්  නොමැති බව මලල්ගොඩ වාර්තාව තුළ දැක්වේ.

මීගමුව කටුවාපිටිය ප්‍රහාර…….

එමෙන්ම මීගමුව කටුවාපිටිය ප්‍රහාරය සඳහා පැමිණි ප්‍රහාරකයන් නිවසක් කුලියට ගෙන එම නිවසේ ලැගුම්ගෙන සිටි බවද අනාවරණය වී ඇත.එසේ සිටියදීත් දේශබන්දු තෙන්නකෝන් යටතේ සිටි පොලීසියට  ඔවුන් ගැන ඉව වැටුණේ නැද්ද යන්න පිළිබඳවත්  ඔහු යටතේ පැවැති පොලිස් ස්ථානවල බුද්ධි අංශ ක්‍රියාත්මක නොවීද යනින බරපතල ප්‍රශ්ණයකි.එය එසේ වන්නේ නම් මේ පිළිබඳව සම්පූර්ණ    වගකීම  පැවරෙන්නේ දේශබන්දු තෙන්නකෝන් හටය. එහෙත් ඔහු තුළ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියකු තුළ පැවතිය යුතු  මනා කළමනාකරණය හෝ  පරිපාලනමය දක්ෂතාවක් නොමැති බව මින් තහවුරු වී තිබේ.

ජනපතිවරයාගේ එම නියෝගය………

මැයි නවවන දින අරලියගහ මන්දිරයට රැස් වුණු පොදු ජන පෙරමුණට අයත් පාක්ෂිකයන්  ගාලුමුවදොර සිටි  විරෝධතාකරුවන්ට පහර දීම සඳහා පැමිණෙන බව බුද්ධි අංශ  මගින් රජය වෙත  දැනුම් දී තිබී ඇත .එම බුද්ධි අංශ වාර්තා පිළිබඳව ජනාධිපති මිල්ටෙරි නන්දසේන පෞද්ගලිකවම ඔහුගේ දුරකථනයෙන් දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී ඇත්තේ ගාලු මුවදොර අරගල කරුවන්ට පහරදීම සඳහා පැමිණෙන අයට පැමිණීමට ඉඩ නොදෙන ලෙසය. එහෙත් ජනපතිවරයාගේ එම නියෝගය තුට්ටුවකටවත් මායිම් නොකළ දේශබන්දු තෙන්නකෝන් සාමකාමී අරගල කරුවන්ට පහර දීමට පොදුජන පෙරමුනේ මැරයන්ට  ඉඩ දී අරගලකරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් විය.

අද වන තෙක් එම මරණ වලට වගකිව යුත්තන් අත් අඩංගුවට ගෙන නැත.මෙම ප්‍රහාරයෙන් පසුව මුළු ලංකාවේම එකම ගිනි ගොඩක් බවට පත්ව බොහෝ දෙනෙකුගේ  නිවාස දේපොළ හානි සිදුවිය. ජීවිත හානි සිදුවිය.ඒ මහා විනාශයේ ආරම්භය ගාලුමෝදර විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධියයි.මේ විරෝධතාකරුවන්ට පහර දීමට ඉඩ සැලසුවේ දේශබන්දු  තෙන්නකෝන් බව අනාවරනය වී තිබෙි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළ අවස්ථාවේදී භාරත ලක්ෂ්මන් ඝාතනය කිරීම සඳහා දුමින්ද සිල්වා පැමිණි රථ පෙලපාලියේ ගමන් ගත් එක් රථයක දේශබන්දු තෙන්නකෝන් සිටි බව වාර්තා වී ඇත. ඒ අනුව එම අපරාධය සිදුවන අවස්ථාවේදීද දේශබන්දු තෙන්නකෝන් සිට ඇති අතර ඒ අපරාධය පවා වළක්වා ගැනීමට පවා කටයුතු කර නැත.

ඇමති ටිරාන් අලස්…….

මේ අතරේ ඇමති ටිරාන් අලස්ගේ සහයෝගයෙන්  මෙරට පොලිස්පති තනතුර⁣ට පත්වන්නට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සැළසුම් කරමින් සිටී . පොලිස් දෙපාර්තමේන්තුවේ  පොලිස්පති ධුරයට තබා පොලිස්පතිතුමාගේ කාර්යාලයේ පියන් දුරකටවත්  සුදුසු නැති

දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පති වරයා වුව හොත් පොලීසිය පිළිබඳව අපට ලියන්නට අනිච්චා වත සංඛාරා කියා පමණය. 

ශ්‍රි ලංකාවේදි ඔබට ඉතාම පහසුවෙන් කියවීමට පහත දිගුවට යන්න……

https://www.blogger.com/blog/posts/3724418903831623831?hl=en

 

 


Spread the love

Leave a Comment

You may also like