මේ වනවිට රටේ පොදු ජනතාව මැතිවරණයක් ඉල්ලා ඇත්තේ තම පරමාධිපත්‍ය පිලිබදව අති අවබෝදයක් නිසා නොව , බඩ ගින්න ,උහුලන්න බැරි ජීවන වියදම පිලිබදව වගේ වගක්, නැති පාලකයන් එලවීමටය.
ඒ නිසාම ඊට උනන්දුවක් දක්වන පොදු ජනතාව වෙනුවෙන් දේශපාලන පක්ෂ කීපයක සාමාජිකයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත් වීමට නිසි නියෝගයක් ඉල්ලීය.
ඊට පසු ගිය දිනවල දෙපාර්ෂයටම උත්තර බැදිමට කාලය දි අද එස්. තුරේරාජා විනිසුරු තුමාගේ ප්‍රධානත්වයෙන් නියෝගය ලබාදිමට තිබුණි. ඒ අනුව අද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා සිටි මැන්ඩාමුස් ආඥව නිකුත් නොකලේය.
අධිකරණය කියා සිටියේ එවනි ආඥාවක් නිකුත් කිරීමට කිසිසේත් අවශ්‍ය නොවන්නේ ඒ වෙන විටත් බ්මැතිවරණ කොමිසම අධිකරණයට මැතිවරණය පැවැත්වීමට සියල්ලම සුදානම් බව ලිඛිතවම පොරොන්දුවක් දි තිබෙන නිසා බවය.
ඒත් මේ සම්බන්ධව අද ඉංග්‍රිසි මාධ්‍ය නිසි පරිදි ලියා තිබුණත් කිසිදු සිංහල මාධ්‍ය තුල මෙය හුවාදක්වා තිබුනේ මැතිවරණය පැවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කල බවය ,එය සහමුලින්ම අද අධිකරණය කල ප්‍රකාශය විකෘති කිරීමකි.
ඒ අනුව මැන්ඩාමුස් ආඥාවක් නිකුත් නොකලේය.
ශ්‍රිලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….
https://www.blogger.com/blog/posts/3724418903831623831?hl=en