උණුසුම් පුවත්

ගෝඨාව ජනාධිපති තරඟයට ඉදිරිපත් නොකරන බවට මහින්ද ඉන්දියාවට සහතික වෙයි.

Spread the love

ලාංකීය ජනතාව කුමක් සිතුවත් ,කුමණ මතයක සිටියත් ලංකාවේ දේශපාලනය තීරනය කරන්නේම අසලවැසි බලවත්ම රාජ්‍ය වු ඉන්දියාව බව කීමට තවත් අටුවා ටිකා කුමකටද ?…

වරෙක රනිල්ව ගෙන්නු ඉන්දියාව කඩි මුඩියේම මහින්දව ගෙන්නුයේ වෙන කිසිවක් නිසා නොව දැන් ලංකීය ජනතාව රටේ නායක කමට ඉල්ලන්නේ කොන්දක් ඇති හරියමන් තීරණයක් ගත හැකි විනයක් ඇති කුමන හෝ පුද්ගලයෙකුය.

කුමණ වැරදි තිබුණත් ගෝඨා ඒ සියලු සුදුසුකම් සපුරා හමාරය. ගෝඨා ට එන්න නොදෙන්නේ මහින්දමය ඒ වෙනතක් නිසා නොව, ගෝඨා ලංකාවේ ජනාධිපති වු දාට රටේ විනයක් හා නියම පරිපාලනයක් ඇතිකරන බව නම් සහතිකය.

මෛත්‍රි ගේ උවමනාවත් ගෝඨා ගෙන ඒමය ඒ මෛත්‍රිට කසේරුකාවක් නැති බව ඔහුම දන්න නිසාය. ගෝඨාට මහින්ද කිසිසේත් එන්න ඉඩ නොදෙන්නෙම ගෝඨා අවොත් දෙවනි තුන්වෙන් පාරටත් ජනතාව ඉල්ලන තරමටම ගෝඨා රට හදන බවමහින්ද දන්න නිසාය.

එදාට මහින්ද ගේ සිහිනය වතුරේ යනබව ඔහුම දනි. මහින්ද ගේ ඇවෑමෙන් මීළඟට කෙසේ හෝ නාමල්ව කරලියට ගෙන්වා ඔහු සින්හාසනාරෑඩ කරවීම එකම අරමුණ නිසාම මහින්ද වෙල්ගම ලවා ගෝඨාව බලු කොට ඇත.

මෙලෙස 2019 වසරේ ජනාධිපති තරඟයට පොර කෑම ආරම්භයත් සමඟම ඉන්දියාව ඔවුන් ගේ දේශපාලන දාම් ලෑල්ල දිගහැර මුලින්ම රනිල් ගෙන්නුවෙය. රනි ගේ එකඟ වීම් ගලේ කෙටුවා හාසමාන බව මෝදි පාලනය ඉතාම හොදින් දනී. ඒත් රනිල්ට වඩා පොලවේ ආකර්ශණය ඇත්තේ මහින්දටය.

ඒබව ඉන්දියාව ඉතාම හොදින් දන්න නිසාම මහින්ද වහාම ගෙන්නුයේ මෝදි පාලනය මහින්ද ගේ ගජ මිතුරෙකු හරහාය.

ඒ සුබ්‍රමනියම් ස්වාමි හරහාය. මහින්ද ගේ නික්ලය ඇල්ලු ඉන්දියාව කිසිදු හේතුවකට ගොඨාව ජනාධිපති වරණයට ඉදිරිපත් නොකරන බවට සහතික කරගත්තේය.

මහින්ද මෝදි පාලනයට පොරොන්දු වුයේ නිතිමය භාධාවක් නොතිබුනොත් මහින්දත් එසේ වුවහොත් චමල්ව ඉදිරිපත් කරන බවටය.

ඉන්දියාව ලාංකීය දේශපාලනය හසුරවන බවට විමල් විරවන්සලාගේ කෝචක් කිරිලි දැන් හමස් පෙට්ටියේය.
මහින්දව ගෙන්වා ගත මෝදි පාලනය මහින්ද බලයට පත වුවහොත් වහාම කලයුතු දෑ පිලිබදව සහතික කර ගත්තෝය.

කවදත් අසල් වැසි රට වලට උවමනා තමාට අවනත වෙන සිරිසේනලාපත් කර ගැනීමටය. මීළඟ ජනාධිපතිත් ඉන්දියාව විසින්ම තෝරා ලාංකීය මෝඩ ජනතාවට දායාද කරන බව නම් සක්සුදත් සේ පැහැදිලිය.

අජිත්

 


Spread the love

Leave a Comment

You may also like