උණුසුම් පුවත්

සිරිසේනව සතුටුකල නිතිපති ජයසුරිය අද රටේ අගවිනිසුරු ලෙසට රනිල්වත් සතුටු සාගරේ ගිල්වන්න සුදානම් ද

Spread the love

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇති විශ්‍රාමික හමුදා නිලධාරියා ගේ පෙත්සමට අනුව අධිකරණය අද රනිල් වික්‍රමසිංහට අපුරු තැග්ගක් දීමට සුදානම්වන බවට අපට තොරතුරු ලබී තිබේ.

ඒමෙරට ජනතාවට හිමි පරමාධිපත්‍ය බලය පිලිබදව වරක් තමා නිතිපති ලෙස,  කල ඉල්ලීම වුයේ දින 51 දි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂව පත් කිරීම නිතියානුකූල බවත්, ඔහු එවක දේශපාලන හෙන්චයියෙකු ලෙසට මෛත්‍රි වෙනුවෙන් පෙනි සිට සමස්ථ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය පාවාදුනි.

එසේම එවක නිතිපති ජයන්ත ජයසුරිය විසින් පාර්ලිමේන්තු කතානායකට ලියා ඇත්තේ පාර්ලිමේන්තුව කල දැමීම ද නිතියානුකූල බවකි. එවක නිතිපති වු ජයන්ත ජයසුරිය අද වනවිට මෙරට අග්‍රවිනිසුරුය.

එ ආකාරයටම තවත් අද ඉදිරි මැතිවරණයත් ආර්ථික හේතුන් මත දින නියමයක් නොමතිව කල් දැමීමට සුදානම් බවට තොරතුරු ලැබී තිබේ.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ (3) පරමාධිකාරි බලය ජනතාවය එය කිසිවකුට උදුරාගත නොහැකිය. 4 (ඉ ) නිසිකලට ජනතාවට ජනතා නියෝජිතයන් පත් කර ගැනීමේ බලය. 4 උපලේඛණ ප්‍රකාරව ජනතා පරමාධිපත්‍ය බලයට ගරු කරන බවට දිවුරාපොරොන්දුවීම යන මේ සියල්ලටම රටේ උත්තරීතර අධිකරණය පයින් ගසාවිදැයි අපි බලා සිටින්නෙමු.

එසේම ශ්‍රි ලංකීය ජනතාවගේ පරමාධිපත්‍ය බලයට කිසිවකුටත් අභියෝග කල නොහැක්කාක් සේම  එම ජනතා පරමාධිපත්‍ය බලයට එල්ලකරනු ලබන ඕනැම හා ප්‍රජාතන්ත්‍රවාදියට , මුලික මිනිස් අයිතින් වලට කිසිවකු කුමණ තරාතිරමකින් වුවත් එල්ලකරනු ලබන ඕනෑම් තර්ජනයක් මැඩලීමට දිවි හිමියෙන් මාධ්‍යක්  ලෙසට මුහුණ දෙන්නෙමු.

එදා මැතිවරණය කල් දැමීමට නිතිපති එවක වර්තමාන අගවිනිසුරු ජයන්ත ජයසුරිය යැව් ලිපිය පහතින් ඇත.

එදා සිරිසේනව සතුටුකල ජයසුරිය අද රනිල්වත් සතුටුකිරීමට යනබවට අප වෙතට තොරතුරු ලැබී තිබේ. අද අනුර දිසානයක නොකියා කියන්නේත් මේ කතාවමදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය සියල්ලම රටේ ජනතා පවමාධිපත්‍යයට යටත් බව නම් පොත්වල ඇත.

එසේ නොවුනහොත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳව දැඩි  අර්බුදයක් නිර්මාණය වීමට ඉඩකඩ පවතී.

අද වන විට ශ්‍රි ලංකාවේ ආර්ථික ,සාමාජීය ,දේශපාලන, බංකොලොත් භාවයට මෙරට සිටි බොහෝ නින්දිත විනිසුරන් වගකිව යුතුය. ඒ මෙරට තාවකාලික භාරකාරත්වයට පත්වන ජනාධිපතිවරුන් ගේ උවමනාවන් හා කැමැත්තට රටේ පරමාධිපත්‍ය පාවාදුන් අවස්ථාවන් එමටය. ඒ ආකාරයටම එදා රනිල්ට විරුද්ධව සිරිසේනව සතුටු කිරීමට ඒවක නිතිපති ජයන්ත ජයසුරිය රටේ ජනතාව ගේ පරමාධිපත්‍ය පාවාදුන්නේය.

ඒ ආකාරයටම අදත් ඒ ජයන්ත ජයසුරියම මෙරට අගවිනිසුරු ලෙසට රටේ ජනතාවගේ පරමාධිපත්‍ය පාවාදීමට මේ ලියන මොහොත වන විට සුදානම් බවට ශ්‍රේෂ්ඨාධිකරණය තුලින්ම අපිට දැන ගැනීමට තිබේ.

රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමට ආණ්ඩුව උත්සාහ කළ හොත් එහි ප්‍රතිඵලය ඉතා භයානක විය හැකි බවත් ,  අද ජනතාව තම පරමාධිපත්‍ය බලය පිලිබදව අන් කවරදාටත් වඩා උනන්දුව සිටින බැවිනි. 

ශ්‍රිලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….

https://www.blogger.com/blog/post/edit/3724418903831623831/6623481093391243408?hl=en


Spread the love

Leave a Comment

You may also like