රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ආගමන විගමන පනත යටතේ වරදක් සිදු කර තිබෙන බව අනාවරණය වේ නම් ඇය අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සදහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බවකොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කරන ලදී.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කරන ලද්දේ ඩයනා ගමගේ ඇමතිවරියගේ උප්පැන්න සහතිකය,ජාතික හැඳුනුම්පත ,සහ විදේශ ගමන් බලපත්‍රය ගැන විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල අද (9)කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් පසුවය.මෙම නඩුව අද කැඳවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කරන ලද පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්ථාවක් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ශ්‍රි ලංකාවේ මොබිටෙල් පාඨකයන්ට ලංකා දවස කියවීමට මෙම දිගුවට යන්න…….