උණුසුම් පුවත්

කමල් ගුණරත්න ගේ විශුෂණ නම් ලැයිස්තු රනිල් කුණු කුඩයට දමලා

Spread the love

විසිපස් වර්ෂයකට නොඅඩු සුවිශේෂ වූද, උදාර වූද, අවනත වූද, ගණන්ගත හැකි සේවා කාලයක් ඇත්තා වූත්, නිර්මල පෞද්ගලික හා සෛනික පැවැත්මක් ඇත්තා වූත්, ශ්‍රී ලංකා ජනරජයේ යුද්ධ, නාවික සහ ගුවන් හමුදාවන්හි නිත්‍ය බලසේනාවල නියුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට මෙම විභූෂණය පිරිනැමිය යුත්තේය. සෑම විභූෂණලාභියෙකුටම තම නමට පසුව ‘වීඑස්වී’ යන සංකේතය භාවිතා කිරීමට හිමිකම් ඇත්තේය.මෙම පදක්කම හිමිකම් කීමට ඇත්තේ.ඉහත සඳහන්.පාඨකයන් ඇති නිලධාරීන්ට පමණි.

2019 ,2020, 2021 වර්ෂවල කිසිදු චෝදනාවකට ලක් නොවුණු විශිෂ්ට සේවයක් කළ නිලධාරීන්ට මෙම උතුම් පදක්කම පුද කරනු ලබයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්දර සිල්වා මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අතර ,එහෙත් යුද හමුදාපති විකුම් ලියනගේ මෙම උතුම් පදක්කමට හිමිකම් නොකිරීමයි.

මෙම සම්මානය ආරක්ෂක අමාත්‍යංශය විසින් නිර්දේශකොට ජනාධිපතිවරයාට යැවීම සම්ප්‍රධායක් මෙවර ද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න විසින් නිර්දේශකොට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යැවුවද ජනාධිපතිවරයා සමඟ සිටින ඔහුගේ  හමුදා උපදේශකයන් වන විශ්‍රාමික යුද හමුදාපතිවරුන් විකුම් ලියනගේ නම ඉවත් කොට ඇත.මෙය යුද හමුදා ඉතිහාසයේ පළවෙනි වතාවට යුද හමුදාපතිවරයෙකුට මෙම පදක්කම හිමි නොවීම සිදු විය.

මෙම පදක්කම ලබාගැනීම සඳහා මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ ද කමල් ගුණරත්න හරහා නොමැද උත්සාහයක් දැරු බව ආරක්ෂක අමාත්‍යංශයේ අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මේ පදක්කම් සම්මානයක් සමඟම හමුදාපතිවරුන්ගේ මුහුණු කළු වී ගිය ඇති එයින් පෙනි යන්නේ කමල් ගුණරත්නගේ කිසිදු අනුමතියකට මෙවර වීර විකුම් විභූෂණ පදක්කම් නොදුන් බවයි.

මෙම පදක්කම් උත්සවය.පුවත්පත් ඡායාරූප සමඟ වාර්තා කළ අතර යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව,ඔවුන්ගේ කිසිදු වෙබ් අඩවියක මෙම පුවත්පත පළ කොට නොමැත.එයට හේතුව නම් කුහක කම ය.

අන් නිලධාරීන් එම පදක්කමට හිමිකම් කිව්වද? එම නිලධාරීන්ගේ නම් හෝ ඡායාරූප පළකිරීමට ඇත්තේ හා  හමුදාපතිවරුන්ගේ ඇති තදබල කුහකත්වයයි.

 


Spread the love

Leave a Comment

You may also like