වෙනත්

යූරියා කම්හල විකුණාගෙන කෑ පින් ජනපතියාගේ අතීත පැටිකිරිය මෙහෙමය

Spread the love

පින් ජනපති රනිල් රාජපක්ෂ ජේආර් ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී මොහුගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වූයේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ කපිතාන් රනිල් විමලසුරිය නම් තරුණ හමුදා නිළධාරියාය.පසුව මේ හමුදා නිළධාරියා යුද්ධය පැවැති කාල වකවානුවෙදී එල්ටීටී ප්‍රහාරයකින් මිය ගියේය.කපිතාන් විමලසූරිය සක්‍රීය හමුදා සේවයේදී රාජ්‍ය බැංකුවකින් ගත් ණය මුදලක් සම්බන්ධයෙන් ඔහු මිය යාමෙන් පසුව මතුවූ ගැටළුවක් විසඳා ගැනීමට ඔහුගේ පියා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරියාගෙන් ඉල්ලීමක් කරන ලදී.

කමාන්ඩෝ රෙජිමෙන්තුවේ අණදෙන නිළධාරියා ඒ පිළිබඳව අවධානය යොමු කර සිය ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු එවකට කර්මාන්ත අමාත්‍ය වරයා වූ පින් ජනපති රනිල් රාජපක්ෂ හමුවට යවන ලද්දේ අදාල ප්‍රශ්ණය දේශපාලනිකව විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි.එහෙත් එහිදී සිදුවූ අමිහිරි අත්දැකීම ලද එම ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් දෙදෙනා මේ වන විටත් විශ්‍රාමිකව ජීවත්ව සිටී.

සිය මියගිය සහෝදර හමුදා නිළධාරියා පිළිබඳව කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුවත් කළ කමාන්ඩෝ නිළධාරීන් දෙදෙනා ඔහු ලබා ගත් ණය මුදලට සහනයක් ලබා ගැනීමට උපකාරී වන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.එම අවස්ථාවේ රනිල් රාජපක්ෂ පවසා ඇත්තේ මැරුණු එකා මැරුණා මම ඒකට මොනව කරන්නද බැංකුවේ නීති වෙනස් කරන්න මට බැහැ යනුවෙන්ය.

මේ රනිල් රාජපක්ෂගේ උද්දච්ච අමානුෂික ගති පැවතුම් වල හැටිය.මොහුගේ ඒ මෙලේච්ඡ ගති පැවතුම් දේශපාලනයට අදාල නැති යැයි කවරකුට හෝ කියන්නට පුළුවන.එහෙත් රනිල් රාජපක්ෂගේ සැබෑ ස්වරූපය දේශපාලනයට සෘජුවම සම්බන්ධවන බව අප විසින් වටහා ගත යුත්තේ මොහුගේ දේශපාලනික කෙරුවාව ඒ මේලේච්ඡ උද්දච්චකම හා සමපාතව සහසම්බන්ධයෙන් එක්ව ක්‍රියාත්මක වන බැවිනි.

එයට හොඳම උදාහරණය 1988/1994 කාලයේ බටලන්ද පිහිටා තිබූ යූරියා කම්හලය.මේ අවදියේ කර්මාන්ත අමාත්‍යවරයා වූයේ රනිල් රාජපක්ෂය.මෙම යූරියා කම්හල සඳහා ආණ්ඩුව ආයෝජනය කර තිබූ මුදල රුපියල් මිලියන 6000කි.
මොහු මෙම කම්හල පැරණි යකඩ වලට විකිණා දමන ලදී.මෙම කම්හල මිලදීී ගත් ඉන්දියානු සමාගම එහි තිබූ යන්ත්‍ර සූත්‍ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජබෙල් අලි නමි ආයෝජන කලා⁣පයේ සවිකර යූරියා නිශ්පාදනය ඇරඹීය.අපේ රට යූරියා මිලදී ගත්තේ එම සමාගමෙනි.

රනිල් රාජපක්ෂගේ ආර්ථිකය කළමණා කිරීමේ දක්ෂතාවයේ ඓතිහාසික පැටිකිරිය ඔන්න ඔහොමය.මේ ගොන් වස්සා කර්මාන්ත ඇමතිවරයා ලෙස තරුණ කාලයේදී මේ රටේ සම්පත් විකුණා කෑවේ නම් දැන් මහළු වයසේ සිටින මොහුට අළුතෙන් මොළයක් පහල වී ඇතැයි සිතන වුන් මානසික ආබාධ සහිත වුන් බව සහතිකය.

මේ මෙලේච්ඡයා බටලන්ද වදකාගාරය ඉඳි කෙරුවේ මේ යූරියා කම්හල පැවැති භූමියේය.දැන් මේකා සැලසුම් කරමින් සිටින්නේ යූරියා කම්හල විකිනූ ආකාරයට මෙරට හැම සම්පතක්ම විකුණා දමා සිය දේශපාලනික පැවැත්ම තහවුරු කර ගැනීමටය.තමා අවුරුදු ගනනාවක් ආරක්ෂා කළ තරුණ හමුදා නිළධාරියාගේ මිය යාම ගැන අබ ඇටයක තරමේ කම්පනයට පත් නොවූ මේ මෙලෙච්ඡයාට රට ගැන ලෙන්ගතු හැගීමක් පවතී යයි කිසිසේත්ම සිතිය යුතු නැත.

 

 


Spread the love

Leave a Comment

You may also like