ලංකා දවස පසු ගිය දා කී ආකාරයට රනිල්ට ලබුණු බුද්ධි වාර්තාවන් අනුව රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂය හා පොහොට්ටුව ප්‍රතික්ෂේප කරමින් සමඟි ජනබලවේගය හා ජාතික ජනබලවේගය වටා එක් වෙමින් තිබෙන බවට වාර්තාවෙ.
ඒත් රටේ ආරක්ෂක අංශවල 87% වඩා වැඩි පිරිසක් ජාතික ජනබලවේගය හා එක්ව ඇති බවට ද රාජ්‍ය බුද්ධි වාර්තාවන්ම ලබාදි තිබේ. පසු ගිය දා අපි ස්ථිරවම කීවේ රනිල් කිසිදු හේතුවකට ඉදිරි පලාත් පාලන මැතිවරණය නොපවත්වන බවයි.ඒ රාජ්‍ය බුද්ධි අංශ ලබාදි ඇති වාර්තාවන් පදනම් කොට ගෙනය.
අද රනිල් දැනුම් දි ඇත්තේ මැතිවරණ කොමිසමේ සියළු සාමාජිකයන්ට ඉල්ලා අස්වෙන ලෙසටය. ඒ අනුව යාපනය හිටපු දිසාපතිනිය වු චාල්ස් ඉවත්වී තිබේ තවත් සුළු මොහොතකින් සියළුම කොමසාරිස්වරුන් ඉවත්වන බව සහතිකය.

රනිල් ගේ මැතිවරණ නොපවැත්වීමේ උප්පරවැට්ටිය පිලිබදව බැසිල් හා මහින්ද සමඟ පැවති සාකඡ්චාවේදි ද කියා තිබේ. ඒ අනුව බැසිල් ගේ හා මහින්දගේ පුර්ණ සහාය රනිල්ට ලැබෙන බවට ඔවුන් කියා ඇත. ඒත් රටේ ජනතාවට එවන්නක් හෙලි නොවීමට පොහොට්ටුවේ පිරිස් වහාම ගොස් මැතිවරණයට නාමයෝජනා ලබාදි ඇප තැන්පත් කලාය. ඒ බැසිල් හා රනිල්ගේ රහසක් නිසාය.
ඒ කෙසේ වෙතත් රනිල්ට මෙය පාරාවලල්ලක් වී තිබේ. රටේ සමස්ථ ආරක්ෂක සාමාජිකයන් ජාතික ජනබල වේගය හා එක්ව සිටීම නිසාය. රනිල් ගේ ඉදිරි සැලසුම් සියල්ලම විනාශවනවා නියතය. ඒත් රනිල් නම් මෙවනි අවස්ථාවක අපේක්ෂා කරන්නේම විශාල ගැටුමකි. එසේත් නැතිනම් රටේ කඩකප්පල්කාරි ක්‍රියාවන්ය. ඒ සියල්ලම සිදුකල හැකි ආකාරයේ පාස්කු මිනිමරුවන් සියල්ලම දැන් දැන් රනිල් ගේ සුරතලුන්ය.