වෙනත්

මේජර් අජිත් ප්‍රසන්නට සිර දඬුවම්

Spread the love

අධිකරණයට අපහාස කිරීමේ වරදට වැරදිකරු වූ යුද හමුදා විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර
විනිසුරුවරු විසින් බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවම් නියම කර ඇති බව වාර්තාවේ.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසිංහ ,සහ එස්.තුරෙයිරාජා යන බහුතර විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර රුපියල් ලක්ෂ 3ක දඩයක්ද විත්තිකරුට නියම කළ අතර එම දඩ මුදල ගෙවීම පැහැර හැරියහොත් දෙන ලද සිර දඬුවමට අමතරව තවත් මාස හයක සිර දඬුවම් නියම කරන බවත් එම නියෝගයේ දැක්වේ.
2020 වසරේ ජනවාරි මස 19 වනදින මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක තීන්දුවක් විවේචනය කිරීම තුළින් අධිකරණය⁣ට අපහාස කළේ යැයි චෝදනා කරමින් මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට  එරෙහිව නීතිපතිවරයා මෙම චෝදනා පත්‍රය ගොනුකර තිබුණි.
මේජර් අජිත් ප්‍රසන්න කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රීවරයෙක් වේ.

Spread the love

Leave a Comment

You may also like