උණුසුම් පුවත්

මනුෂ්‍ය ඝාතනයක් යට ගහන්නට ඡේපො අධිකාරී රුවන් ගුණසේකර ගේමක් ගහලා

Spread the love

නාවුල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේ සාක්කි මෙහෙයවීමට පොලීසියේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇතුළු පිරිසක් නිල ඇඳුම් රහිතව නීතිඥ නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණීම නීතිඥ වෘත්තියේ ආචාර ධර්ම කඩ කිරීමක් බවට චෝදනා කොට ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙසට මියගිය තැනැත්තාගේ බිරිඳ අගවිනිසුරුවරයාට,ජාතික පොලිස් කොමිෂන් සභාවට,පොලිස්පතිට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මෙහිදී නීතිඥ 1988 ශ්‍රේෂ්ඨාධිකරණ  අංක 7 අංක 8 අංක 9 අංක 10 යන  රීති ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඇතුළු නීතිඥවරුන් බව පැවසෙන එම පොලිස් කණ්ඩායම විසින් උල්ලංඝනය කරන ලද බව එම පැමිණිල්ලේ දැක්වේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ 2022 මාර්තු මස 03 වනදාා නාවුල පොලිස් බල ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් මිය ගිය තුෂාර චන්ද්‍රරත්න නැමැති අයගේ බිරිද වන දිනූෂා තුෂාරි වේ.
තම සැමියා පොලීසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ආකාරය ඇසින් දුටු සාක්ෂි තිබියදී නාවුල පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කරමින් ගිණි අවිය පැහැර ගැනීමට පොලීසිය හා පොර බදන විට තම සැමියා මිය යන ලදැයි කියා ඇතැයි දිනූෂා තුෂාරි තම පෙත්සමෙහි සඳහන් කර තිබේ.මේ සම්බන්ධයෙන් අධිකරණයේදී පැවැති මරණ පරීක්ෂණයට ඡෙ.පො.අ. රුවන් ගුණසේකර ඇතුළු පොලීසියේ නිළධාරීන් පිරිසක් නීතිඥ නිල ඇඳුමෙන් පැමිණ නීතිඥ වරුන්ගේ මේසයේ සිට කරුනු දැක්වීමක් කොට තමා කෙතරමි ස්වාධීනව මරණ පරීක්ෂණය සිදු කරන්නේද යන්න මරණ පරීක්ෂණයේ සාක්ෂි මෙහෙයවද්දී දැක ගත හැකි වනු බවත් වෙඩි තැබීම හා සම්බන්ධ පොලිස් නිළධාරීන් දෙදෙනා දණ්ඩ නීති සංග්‍රහයේ ව්‍යාතිරේකවල⁣ට අනුව නිදහස් වන බව මහේස්ත්‍රාත්වරියට පෙනී යනු ඇති බවත් සඳහන් කරන ලදැයිද එම පැමිණිල්ලේ දැක්වේ.
ඡෙ.නි.පො.අ.රුවන් ගුණසේකර ඇතුළු පොලීසියේ නිළධාරීන් කණ්ඩායම පොලීසියේ නිලතල දරමින් සිටියදී නීතිඥවරුන් ලෙස ඔවුන් සාක්ෂි මෙහෙයවීම සිදු කරනු ලබන්නේ තමන් සේවය කරන දෙපාර්තමේන්තුවේම පොලිස් නිළධාරියකු විසින් වෙඩි තබා සිදු කරන ලද ඝාතනයක් සම්බන්ධයෙන් බවත් ඔවුන් මෙලෙස කටයුතු කිරීම නිසා බැඳියාවන් අතර ගැටුමක් ඇතිවන බවත්  පෙත්සම්කාරිය සඳහන් කර තිබේ.
එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රීති පද්ධතිය උල්ලංඝනය කිරීම පිළිබඳව මොවුන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා ඇති පෙත්සම්කාරිය මෙම මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංඟමයේ නියෝජිතයන් සහභාගි කරවන ලෙසද ඉල්ලා ඇත. 


Spread the love

Leave a Comment

You may also like