වෙනත්

ෂාෆ්ටර් වාහනයේ උදැල්ලකුත් දාගෙන ගියානම් තනියම වැලලෙන්නත් තිබුණා – සියදිවි නසා ගැනීමක් විමර්ෂණයට දින19ක් ගියේ ඇයි………? පොලිසියේ වගකීම අපරාධකරුවන් සැඟවීමද…. ? -හිටපු අපරාධ විමර්ෂකයෙක් අසයි

Spread the love

තාජු දීන් සිය මෝටර් රථයට නැග පෙට්‍රල් දමාගෙන බොරැල්ල දෙසට පැමිණ සී.සී.ටී.වී නැති තැනට ගොස් කාර් රථය පාර අයිනේ ඇති ගසක හප්පාගෙන සියදිවි නසාගත්තාය. තාජු දීන්ට සිය දිවි නසා ගැනීමට උපදෙස් දී ඇත්තේ යෝෂිත රාජපක්ෂය.

වැස්සේ සපත්තුවල වැලි මඩ නොගෑවෙන්න කුඩයකුත් නැතිව කිලෝමීටර් ගනනාවක් ඇවිද ගෙන ඇවිත් එයා බස් ගනුදෙනුවේ ප්‍රභල තොරතුරු මාධ්‍යට ලියු රජිව් ජයවීර ලියුමකුත් ලියා බෙල්ලට වෙඩි තබාගෙන නිදහස් චතුරශ්‍රය අසල සියදිවි නසාගත්තාය . එයාර් බස් ගනු දෙනුව ගැන හොය හොයා නොලියා සියදිවි නසාගන්න යැයි රජිව් ජයවීරට කියා ඇත්තේ නාමල් රාජපක්ෂය.

මේ රජිව් ජයවීර මැරෙන්වා දුටු පොලිස් කොස්තාපල් 93666 අලහප්පෙරුම ආර්ච්චිලාගේ සිතුම් දුලීක පණ එපාකියා පාරේ ගිය රත්වත්තෙලාගේ සුදුපාටම ඩිපෙන්ඩරයක්ට පැන සියදිවි නසාගත්තාය.රාජ්‍ය බුද්ධි අංශයට් අනුයුක්තව රාජකාරි නොකර වට පිට බල බලා අවිදින් නැතුව සිය දිවි නසාගැනීමට උපදෙස් දි ඇත්තේ සුදු පාට ඩිපෙන්ඩරය ය පැදවු  කුඨප්‍රකාර රත්වත්තේය. 

දින සති ගානක් බොරැල්ල කනත්තේ රව්ම් ගහපු දිනේෂ් ෂාෆ්ටර් සී.සී.ටී වී ඔෆ් කරන තැන් බලාගෙනම යකඩ බටේට ගැට ගැසු ඇන්ටනාවේ කේබලය කපාගෙන ඇවිත් කොමන්ඩෝ සෙබළුන් ට පමණක් පාවිච්චියට ගත හැකි ප්ලාස්ටි ටයි බෙල්ට් කාගෙන් හෝ ණයට ඉල්ලන් ඇවිත් ඒ එන අතරේ කාලා මැරීමත් සැපක් යැයි සිතා පේස්ට්‍රි 03 අරන් එකක් කා දමා තවත් දෙකක් අරන් ඇවිත් ඒවත් තවත් කාලා මැරි සියදිවි නසාගන්නෙකුට දි බොරැල්ල අනාත් කොටසටම පමිණ නිස්සංක සේනාපති ගේ රත්නාලංකා සිකුරිටි කාරයන්ගෙන් බේරි කාර් එකත් අරන් ඇවිත් බොරැල්ල කනත්තේම සියදිවි නසා ගත්තාය .

එහෙමනම් ප්‍රසාද් රණසිංහම පත්තරේට කියලා ඇති ආකාරයට ෂාෆ්ටර් අධික ණය බරින් බැංකුවලට ගෙවන්න තියෙන සල්ලි නිසාම එවා නොගෙවා සිය දිවි නසාගැනීමට උපදෙස් දුන්නේ මෙරට අසීමිත කළු සල්ලි සුදුකරන පුද්ගලයෙක් ද….? නැත්තන් බැංකුවක්ද………?  කියා අපි අසන්නේ අපරාධ විමර්ෂණයේ පකීර් කෙනෙකු වු ඩී.අයි.ජී .සී.අයි.ඩී. ගෙන්ය.

මේවා කියන කොට අපිට නම් හිතෙන්නේ ඇත්තටම ෂාෆ්ටර් ගේ ගෙදර තිබුණ උදැල්ලකුත් දාගෙනම අවානම් තනියම වැලලෙන්නත් තිබුණා කියාය.

මේවා මිනිමැරුන් නොවේ, ඒ සියල්ලම සියදිවි නසා ගත් ජවනිකාය. මුලින්ම ඔක තාජුදින්ට කීවේ අනුර සේනානායක නැමති පොලිස් නිලඇදුම වේසකමේ යෙදවු එකාය.

උගෙ තැන ගන්න පෝලිමේ ආවත් එකටම රජ බඩ්ඩක් සෙට් විය. මෙකටම හරි ගිය අපුරු සී.අයි,ඩි, ඩී.අයි.ජී යෙක් ගෙනාවාය. මුන් කන්නේ සමස්ථ ශ්‍රි ලංකා පොලිස් සංහතියයි. මළ පොතේ දෙයක් නොදන්න පොලිස්පති වික්‍රමරත්න දෙනදෙයක් කා වෙනදෙයක් බලාගෙන පොලිසිය කමින් සිටිනවාය.ඒත් මේ සියල්ලම වසන් කලේ නිලඇදුම් ඇගලා ගත් අපරාධකරුවන්ය.

ඒ සියල්ලම  මිනිමැරුම්ය. ඒ බව නියම අපරාධ විමර්ෂකයන් ගේ  හෘද සාක්ෂිය දන්නවා ඇත. දැන් රටේ ජනතාවට අපිට කීමට ඇත්තේ අපරාධකරුවන්ට වඩා භයානක නිතියානුකුල අපරාධකරුවන් පිරිසක් පොලිසියේ ඉහලම ඇවරියේ සිටින නිසා ඔබටත් ඉතාම ඉක්මනින් සියදිවි නසා ගැනීමට සිතුවිලි පහලවීමට පුළුවන් කියාය.


Spread the love

Leave a Comment

You may also like