Also available in: English (English)
පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ” ඇස් දෙකට ” යනුවෙන් රාජ්‍ය බුද්ධි අංශයෙන් ඉතාම රහසිගත වාර්තාවක් ලබාදි ඇත.
එම වාර්තාව දුටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම රහසිගත සාකඡ්චාවක් කැදවා තිබේ. එම සාකච්ඡාවට නිමල් පුංචි හේවා සමඟ තවත් මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුන් දෙදෙකුද කැදවා ඇති අතරම පසුව ආරක්ෂක ප්‍රධානින්ද කැදවා විශේෂ රහසිගත සාකඡ්චාවක් පවත්වා ඇත.එහිදි එකහෙලාම තීන්දු කොට ඇත්තේ පුංචි ඡන්දය නොපැවැත්විය යුතු බවය.
ඒත් එම තත්වය කිසි සේත් අවසාන මොහොත දක්වා නොකියා ලබන ජුලි වලින් පසුවට කල් දැමිය යුතු බවට කතා වී ඊට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ද අනුමතිය ලබා දි තිබේ.
ඒ අනුව කිසිසේත් පලාත් සභා හෝ ප්‍රාදේශිය සභා ඡන්ද නොපැත්විය යුතු බවට ස්ථිරවම තීරණය කොට ඇති බවට අපේ ආරක්ෂක බුද්ධි වාර්තාකරුවන් හෙලි කර ගෙන තිබේ.
ඡන්දයක් පැවතිය හොත් සාම්ප්‍රධායික දේශපාලන මාවතෙන් ඔබ්බට රට ගමන් කිරීමට ඇති ඉඩ පිලිබදව රාජ්‍ය බුද්ධි අනතුරු අගවා තිබේ. මේ නිසාම රජයේ රාජපක්ෂ හොරු හා නිලධාරි මාෆියාව තැති ගැන්මකට ලක්ව ඇති බවත් සේවයේ සිටින ආරක්ෂක ප්‍රධානියෙක්කු අපහා පැවසීය.