උණුසුම් පුවත්

කුඩු අල්ලන්න පොලිස්පති නාකොටික් එකට කුඩ්ඩෙක්ම දමලා

Spread the love

පොලිස්පතිකමට තබා පොලිස් කොස්තාපල් කෙනෙකු වශයෙන්වත් පොලිස් සේවයට බදවා නොගතයුතු සී.ඩී.වික්‍රමරත්න විශ්‍රාම යාමට යන්නේ සමස්ථ පොලිස් සංහතියම වලපල්ලට දක්කාය.

පසු ගියදා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් ස්ථාන මාරුකරමින් කර තිබු අපුරු ඇනිල්ල නිසාය. සහකාර පොලිස් අධිකාරි තනතුරේ සිටියදි පොලිස් නාකොටික් අංශයේ රාජකාරිකල අංක එකේ ප්‍රධානම කුඩු කාරයන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වු වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේට රටට හොදම කුඩු  පුරයක් කිරීමට මත් ද්‍රව්‍ය කාර්යංශය ලබාදීමෙන් පොලිස්පති වික්‍රමරත්න කුමක් අපේක්ෂා කරනවාදැයි අපි නොදනිමු.

ඒත් එකක් නම් අපි දන්නවාය  පහල මට්ට මේ පොලිස් නිලධාරින් දුෂිත වුවාට ඉහල නිලධාරින් දුෂිත නොවේයැයි සමමතයක් විය.

ඒත් ලංකා පොලිසියේ පට්ටම දුෂිතයන් සිටින්නේ තරු ඔටුණු ගසාගෙනය ඒ ප්‍රියන්ත ලියන ගේ වැනි ප්‍රද්ගලයන්ය. පොලිස් නාකොටික් අංශයේ එවක රාජකාරි කල නිලධාරිකු හෙරෝයින් කිලෝ 04ක් සමඟ පොල්හේන්ගොඩ සුමිත් නැමති සැකකරු අත් අඩංගුවට ගත්තේය.

ඒ සැකකරු ගමන්කරමින් තිබු මෝටර් රථයේදිමය හෙගෝයින් කිලෝ 04 සමඟ සැකකරු අත් අඩංගුවට ගත් රථය පොලිස් නිලධාරින් විසින් දැඩි පරික්ෂාවට ලක් කලේය. එවිට රථයේ තිබි යතුරු කැරැල්ලක් හමුවිය.

මේ පිලිබදව සුමිත් නැමති මත් ද්‍රව්‍ය ජාවාරම් කරු ගෙන් ප්‍රශ්ණ කිරීමේදි හෙලිවි ඇත්තේ එම යතුරු කැරැල්ල ඒ වනවිට පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේම රාජකාරි කරමින් සිටි  එවක සහකාර පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ  ගේනිවසේ යතුරු කැරැල්ල බවයි .

ඒ පිලිබදව් වැටලීම කල නිලධාරින් සටහන් දැමීමෙන් පසුව වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ෂණයක් ආරම්භ විය. මත් ද්‍රව්‍ය ජාවාරම් කරු පොල් හේන්ගොඩ සුමිත් භාරයේ තිබි හමු වු යතුරු කැරැල්ල අද පොලිස් නාකොටික් එක භාර දි ඇති ප්‍රියන්ත ලියනගේ ගෙදර ඉදිරි දොර අල්මාරි සියල්ලම ඇරෙන යතුරු කැරැල්ලක් බවයි

පසුව නිලධාරිය වහාමස්ථාන මාරු කොට එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති විසින් චෝදනා පත්‍රයක් දි නැවතත් කිසිම හේතුවකට ඔහුට පොලිස් නාකොටික් අංශයට ස්ථාන මාරු නොකරන ලෙසට සටහන් යොදා ස්ථාන මාරුකල කුඩු මුදලාලි ලාගේ අංක එකේ ජාවාරම්කාර කුඩ්ඩෙකි.

ඒත් සී.ඩි වික්‍රමරත්න අද බබා සේ මෙවනි කාලකන්ණියන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට ස්ථාන මාරු කොට ඇත. භයානක ආකාරයට රටම කුඩු වලින් වෙලා ගනිද්දී  එම අංශයම භාර දෙන්නේ හෙට අනිද්දා ගෙදර යන වික්‍රමරත්නට කුඩු මුදලාලිලාගෙන් Blubird කාර් එකක් තැගි ගැනීමට දැයි අපිට සිතේ.

පොලිසිය භාර ඇමති ටිරාන් අලස් මේ පිලිබදව නොදන්නවාද , නෝසේනම් දැනගෙන වෙන්න දි බලා සිටිනවාදැයි අපි ප්‍රශ්ණ කරන්නේ රටේ කුඩු ඇල්ලීමට පොලිස්පති කුඩ්ඩෙකම  වැඩේ භාර දීම හොදයැයි ඔහුත් සිතන  නිසා බව පොලිස් නිලධාරින් කියයි.


Spread the love

Leave a Comment

You may also like