උණුසුම් පුවත්

පලාත් පාලන ඡන්දය කල් දැමීමට නොහැකි බව මහචාර්ය ජී.එල්.පීරිස් පවසයි

Spread the love

පලාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් මෙරට බොහෝ දේශපාලන පක්ෂ අතර පවතින්නේ විවාදාත්මක මතයකි. විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ පලාත් පාලන ඡන්දය පැවැත්වීම අනිවාර්ය බව සඳහන් කරන අතර ආණ්ඩු පක්ෂයට සම්බන්ධ බොහෝ දේශපාලඥයන් ප්‍රකාශ කරමින් සිටින්නේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වටපිටාවක් රට තුළ පවතින බවය.

එහෙත් පලාත් පාලන මැතිවරණය කල් දැමීමට නම් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රේෂඨාධිකරණය නඩු තීන්දුවකින් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවත් ඒ නිසා ඉදිරි මාර්තු මාසයේ 20 වන දාට පෙර පලාත් පාලන මැතිවරණය පැවැත්වීම අනිවාර්ය බවත් හිටපු අමාත්‍ය පාම මහාචාර්ය ජී.එල්.පීරිස් අද (2)පැවසීය.

පලාත්පාලන මැතිවරණය පිළිබඳව මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නඩු තීන්දු කිහිපයක්ම දී තිබෙන බව ප්‍රකාශ කළ මහචාර්ය ජී .එල්.පීරිස් වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ නීතියට අනුව මාර්තු 20 දාට පෙර මෙරට පලාත් පාලන 340 ස්ථාපිත කිරීමට අනිවාර්යයෙන් පෙබරවාරි මස අවසානයේ හෝ මාර්තු මාසයේ මුල මැතිවරණය පැවැත්විය යුතු බවය.පාර්ලිමේන්තුව පලාත්පාලන මැතිවරණය කල් දැමීමට යෝජනාවක් සමිමත කර ගත හොත් එයට අවනත වීමට සිදු වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති වරයා ප්‍රකාශ කර ඇතත් එය නෛතිකව සාවද්‍ය ප්‍රකාශයක් බවද මහචාර්ය ජී.එල් පීරිස් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.


Spread the love

Leave a Comment

You may also like