මෙරට පාතාල ක්‍රියාකාරිකයකු වූ කන්ජිපානී ඉම්රාන් රාමේශ්වරම් ඔස්සේ ඉන්දියාවට පැමිණ ඇති බව ඉන්දියාවෙි ද හින්දු පුවත්පත අනාවරණය කරන ලදී.
මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අවශ්‍යව සිටි කන්ජිපානි ඉම්රාන් 2019 වර්ෂයේදී ඩුබායිහිදී අත් අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කළ අතර එතැන් සිට ඔහු මෙරට බන්ධනාගාර ගතව සිටින ලදී. රුපියල් මිලියන 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත පසුගිය 20 වන දා කන්ජිපානී ඉම්රාන් මෙරට අධිකරණය මගින් මුදා හැරීමෙන් පසුව ඔහු මෙලෙස ඉන්දියාවට පැණ ගොස් තිබේ. ඔහු පාකිස්තානයට ගිය බවට අදවන විට වාර්තාවි තිබේ
කන්ජිපානී ඉම්රාන් හට අධිකරණය මගින් ඇප ලැබීම හා මෙරටින් පලා යාම ඉතා සැළසුම් සහගතව සිදුවූ ක්‍රියාවලියක් බව අපට අනාවරණය වී තිබේ.මෙහිදී කන්ජිපානි ඉම්රාන් ගේ නඩු විභාගයට ගැනීමට දින නියමව තිබුණේ මාර්තු මාසයේදී වන අතර ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසුව මොහුට අධිකරණය මගින් ඇප ලබා දීම පොලීසිය නීතිඥයන් හා අධිකරණය එක්ව කළ විශාල ගණුදෙනුවක අවසන් ප්‍රතිඵළය වේ.
ඒ සඳහා කන්ජිපානී ඉම්රාන් ගේ පාර්ශවය කෝටි ගනනක මුදලක් වැය කර ඇත.මොහු ගේ පලා යාම ගැන මෙරට බුද්ධි අංශ නොදැන සිටි බව යමෙකු සිතන්නේ නම් එය විහිළුවකි.ඇතැම් විට කන්ජිපානී ඉම්රාන්ට මෙරටින් පලා යාම සඳහා ජාතික රහස් ඔත්තු සේවයේ මේජර් ජනරාල් සලේ ගේ සහයෝගය පවා ලැබී ඇතැයි අපට සැකයක් පවතී.
ඉන්දියාවට ගිය කන්ජිපානී ඉම්රාන්ට රැකවරණය ලබා දීමට කටයුතු කර ඇත්තේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයවළුන් පිරිසක් බව ඉන්දියානු බුද්ධි අංශ අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වේ.
මෙරට හෙරොයින් ජාවාරමට සම්බන්ධව දේශපාලඥයන් විනිසුරුවරුන් නීතිඥයන් හා පොලිස් නිළධාරීන් පිරිසක් සිටියදී පාසැල් ළමුන්ගේ බෑග් පරීක්ෂාව හාස්‍යජනකය.
පාතාල ක්‍රියාකාරිකයන් වූ මදූෂ් හා තාරක මරා දැමෙන්නේද මෙම හෙරොයින් ජාවාරම්කරුවන් ගෙන් කොන්ත්‍රාත් ගත් පොලිස් කණ්ඩායමක් විසින් බව අප මීට ඉහතදීද හෙළි දරව් කර ඇත.
මෙවැනි ඇඟ හිරි වැටෙන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ඒ සම්බන්ධ පොලිස් නිළධාරීන් ඇතුළු සියළුම දෙනා අත්අඩංගුවට ගන්නා දවසක් එළඹෙන තුරු අපි ඇඟිලි ගනිමුන් සිටිමු.