පොලිස්පති වරයා මෙය ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා සේවයෙන් විශ්‍රාම ගිය ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් එකොළස්දෙනෙකුගේ විශ්‍රාම යාම හේතුවෙන් පොලිස් මූලස්ථානයේ පැවැති උත්සවයට එක්වෙමිනි.
මෙවැනි ලැජ්ජා සහගත හැසිරීම් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම බලපාන බවත් මෙම සියළු කරුණු දෙස උපේක්ෂා සහගතව බලා සිටින තමන් තුළ සැඟව සිටින යක්ෂයා අවධි නොකරවන ලෙසත් පොලිස්පතිවරයා මෙහිදී ඉල්ලා තිබේ.
පොලිස් ධුරයට නිළධාරියෙක් පත්වන නිසි ක්‍රමවේදයක් සහ පිළිගත් ගෞරවණීය ක්‍රමයක් සම්ප්‍රදායක් තිබෙනවා.එසේම පොලිස්පති ධුරය යනු ඉතාමත් ගෞරවයක්.එය දේශපාලනයෙන් හෝ බලහත්කාරයෙන් අත්පත් කර ගත නොහැකි බවද පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා කවරෙක්ද යන්න පොලිස්පති විසින් අනාවරණය කර නැති අතර එසේ කේන්දර ගෙන ගොස් ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් බව අපට පොලිස් මූලස්ථානයෙන් ලද තොරතුරු වලින් තහවුරු වී තිබේ.