නිදහස් අධ්‍යාපනයේ පියාවන දිවංගත සී.ඩබ්ලියු.ඩබ්ලියු කන්නන්ගර ශ්‍රීමතාණන්ගේ පිහිටෙන් මෙරට සිංහල ,දෙමළ ,මුස්ලිම්,බර්ගර්, මැලේ ආදි සියල්ලන් ගේම නිදහස් අධ්‍යාපනයේ පියාගේ උරුමයෙන් අකුරු කොට රටේ ජනතාවගේ බදු මුදලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබු දරුවන්ද , පමණක් නොව දඹානේ එල කොල්ලකු වූ, 6900000 ක් දේශප්‍රේමී සිංහල බෞද්ධ මැටිමෝලුන්ගේ වීරයා වූ ,ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරනොගෙන ,මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ පූර්ණ ආශිර්වාදය සහ අනුග්‍රහය සහිතව නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දී,ජනාධිපති වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මැදමුලන වලව්වේ සූර චෞරයන් පන්නා දමා ජනතා පාපහරින් දේශපාලන කුනු බක්කියට විසි කිරීමට රටේ ජනතාව පෙල ගැස්සු දබානේ උපන් වසන්ත මුදලි ගේ තරුණයාටද, ඔහුට අධ්‍යාපනය දුන් ගුරුවරුන්ද සිහිගන්වා,
දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි වෛද්‍ය ඥාණසේන විජේසේකර මහතා ගේ ධන පරිත්‍යගයෙන් අද පිලිකා රෝහලට අවශ්‍ය ඖෂධ හා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා ළමුන්ට සෙල්ලම් බඩු පරිත්‍යාගය සිදු විය.










හුදෙක් මෙය මිය ගිය නිදහස් අධ්‍යපනයේ පියානන් වු කන්නන්ගර ශ්‍රිමතානන්ට හා වෛද්‍ය ඥාණසේන මහතාගේ දෙමාපියන්ට මෙන්ම ඔහු අකුරුකල ඉගිනියාගල ප්‍රාථමික විද්‍යාලයේ ,ඉගිනියාගල මහා විද්‍යලයේ හා අම්පාර ඩි.එස් .සේනානායක විද්‍යාලයේ මෙන්ම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේත් අකුරු ඉගැන්වු සියළු ගුරු මෑණිවරුන්ට ,පියවරුන්ට හා රුහුණු වෛද්‍ය පීඨයේ මිය ගිය සියළුම ගුරු මෑණිවරුන්ට ,පියවරුන්ට පිං අනුමෝදන් කිරීමට මෙම රුපි; එක් ලක්ෂ 27 000 සක මුදලක් වැය කිරීම සිදු කොට ඇත.
රටේ ජනතාවගේ බත් පත හොරා කා ජීවතවෙන දේශපාලකයන්ට මෙම වෛද්‍ය ඥාණසේන විජේසේකර මහතා කියා දි ඇත්තේ අපුරු පාඩමකි. ඒ තොපි නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන රටේ ජනතාවගේ බත් පත හොරාකන නිසාම රටේ ජනතාවට අත් විදීමට සිදුව ඇති දුක් ගැහැට ඇස් ඇර බලපියව් කිමකි.
අදවන විට පිලිකා රෝහලේ දැඩි ඖෂධ හිඟයක් පවතින මොහොතක මෙවන් පුණ්‍යකර්මයක් සිදු කිරීම කන්නන්ගර මැති දුන් ගේ නිදහස් අධ්‍යපනයේන් ලෝකයේ ජීවත් වෙන සැමටම මහගු ආදර්ශයකි.
ලංකා දවසේ අපිද ඥාණ සේන මහතාට අනේකවාරයක් ස්තුතිකරන්නේ රටේ ජනතාවගේ බත් පත ගොරාකන දේශපාලකයන්ට ඔබ ගේ පරිත්‍යගය කනේ පහරකි නිසාය.