උණුසුම් පුවත්

ලැබු 2023 වසර සියල්ලෝම නිතියට යටත් බව සිතන බුද්ධිමත් සිතුවිලි පහල වෙන වසරක් වේවා….!!

Spread the love

ලැබු නව වසර ශ්‍රි ලංකා ඉතිහාසයේ තවත් තිරණාත්මක වසරක් බව සහතිකය. ඒ පෙර වසර වලට වඩා විශාල අභියෝග රාශියක් අභිමුඛව සිටින වසරක් බව මේ වනවිටත් පෙනියයි. පාස්කු ,ප්‍රහාරය වැනි මිලේඡ්ච ප්‍රහාරයන් සිදුකල මිනිමරුවන් සේම , ජනතාවගේ බිලියන ගනන් සෝරාකාපු සොර දෙටුවන් තවමත් රාජ්‍ය ආරක්ෂාව ලබමින් නිතියට හා යුක්තියට රෙද්ද උස්සමින් සිටින අවාසනාවන්ත තත්වය 2023 වසරේදි නිමකල යුතුය.

එසේ නොවන තාක් කල් ශ්‍රි ලංකාව සදාකල්හිම නොදියුණු රාජ්‍යක්  බව ලෝකයාම කියනු ඇත. ඊට එකා මෙන් එක්ව රටේ නිතිය සැමටම එක හා සමානව ඉටුවිය යුතු බවට සමස්ථ ජාතියම මේ වසරේ හඩක් නැගිය යුතුය.

ඊට චිත්ත ශක්තිය  ලැබේවායි ලංකා දවසේ අපි ප්‍රාර්ථනා කරන්නෙමු……..


Spread the love

Leave a Comment

You may also like