උණුසුම් පුවත්

“වෙන්නට පොලිස්පති” වෙනුවෙන් කුඩු මුදලාලිලාත් තරඟ බිමේ

Spread the love

ශ්‍රිලංකා පොලිස් ඉතිහාසයේ අන් කවරදාකවත් නොදුටු අසික්කිත ,තුප්පැහි තරඟයක් හට ගෙන ඇත්තේ පොලිස්පති නිලය වෙනුවෙන්ය. ඒ වර්තමාන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න තම ධුරයේ පොලිස්පති කම කුඹුරේ පබයාගේ බෙල්ලේ එලීමේ ප්‍රතිඵලයකි.

ඔහු තම වගකීම හා වගවීම නිසි ලෙසට ඉටුකලානම් අද වෙන්න පොලිස්පතිලා බොහෝ දෙනෙක් ලගින්නේ වැලිකඩය.

ඒත් අවාසනාවකට ඉතිහාසයේ සිටි නෝංජල්ම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නය. අද වික්‍රමරත්නට සිදුව ඇත්තේ පොහොට්ටු මංත්‍රිලාගේ අමුඩ සේදීමටය. ඒ ඔහු නිතිපතියේ හෝ අධිකරණයේ අණ නිසි ලෙසට ඉටු නොකිරීමේ ආනිසන්ස දැන් විදවන නිසාය.

අදවන විට “වෙන්න පොලිස්පති “වෙනුවෙන් යාග හෝම තියන්නත් බිලි පුජාදුන්නු බවට කීප තැනකදීම කියා ඇත. එම හඩ පට ගෙන්වා ගැනීමට අපි ද ක්‍රියා කරමින් සිටින්නෙමු. කෙසේ වෙතත් මෙවනි පාහරයන් තුලින් රටක නිතිය හා සාමය රටේ ජනතාවට ආරක්ෂාවක් ලැබෙනවා තබා ඉතාම හොදින් කුඩු ජාවරම නම් සිදුවන බව සහතිකය.

එසේම වෙන්න පොලිස්පතිව පත් වුවහොත් ඊට වතිකානුවෙන හා ජාත්‍යන්තරව ද විශාල පීඩනයක් ජනාධිපතිට එල්ල වෙන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොදන්නවා නොවේ.

කුඩු මුදලාලිලා ගේ වසරක් නම් 2023 “වෙන්න පොලිස්පති” පත් කරගනු ඇත. ඊට  කුඩු ව්‍යාපාරයට සම්බන්ද දේශපාලකයෙකු ද සමබන්ධ බව අපහා කැබිනට් ඇමතිවරයෙකු පැවසීය.


Spread the love

Leave a Comment

You may also like