උණුසුම් පුවත්

හිටපු රාජ්‍ය සේවක ජනාධිපති ලේකම් දුෂිත ගාමිණි සෙනරත් ගේ පුතාගේ මගුලේ උත්සව සංවිධානය ඉන්දියානු සමාගමකට ලක්ෂ 750 ක්, නර්ථනය ඉන්දියානු කණ්ඩායමක් නෙදර්ලන්තයෙන් මල් ඒත් අල්ලස් කොමිසමේ බල්ලන් දුදි

Spread the love

ගාළු මුවදොර ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පසුගියදා (19)පැවැති ගාමිණි සෙනරත්ගේ දියණිය ගේ විවාහයට මෙරට දේශපාලන හා ව්‍යාපාරික ක්ෂෙත්‍රයට සම්බන්ධ ප්‍රභූන් විශාල පිරිසක් සහභාගි වූ බව දැන ගැන්මට තිබේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා පවුලේ සියළුම දෙනාද ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද හමුදා හා පොලිස් ආරක්ෂක ප්‍රධානීන්ද පරිපාලන ක්ෂේත්‍රය ඡ්‍යෙෂ්ඨයන් ද ඒ අතර සිටි බව කියවේ.   
ගාමිණි සෙනරත් ගේ නිවස
මෙම මංඟල්‍ය උත්සවයේ සංවිධාන කටයුතු ඉන්දියානු සමාගමක් විසින්  කර ඇති අතර නැටුම් කණ්ඩායම පවා ගෙන්වා ඇත්තේ මුම්බායි නුවරින් වේ.උත්සවය සැරසීමට මල් ⁣ගෙන විත් ඇත්තේ නෙදර්ලන්තයෙනි.මංඟල උත්සවයේ සංවිධාන කටයුතු සඳහා වැය කර ඇති මුදල කෝටි හතකි.
රට දැඩි ආර්ථික අර්බුදයක පැවතියදී ඩොලර් වැය කර නවසීලන්තයෙන් මල් ගෙන්වීමට හා ඉන්දියාවෙන් නැටුම් කණ්ඩායම් ගෙන්වීමට ගාමිණි සෙනරත්ට හැකි වීම විශේෂ අවධානය යොමු කළ යුතු කාරණයකි.රාජ්‍ය පරිපාලන ⁣ක්ෂෙත්‍රයේ නිළධාරියකු වූ ගාමිණි සෙනරත්ට මෙතරම් මුදල් කන්දරාවක් ලැබී ඇත්තේ කෙසේද යන්න පවා සැකයට භාජනය වේ.
මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත් වූ දින අරලියගහ මන්දිරයේ සිට සැක සහිත මුදල් තොගයක්  ගාමිණි සෙනරත් විසින් ගෙන ගිය බව ඒ දිනවල ප්‍රචාරය වූ තොරතුරකි.මොහු පදිංචිව සිටින නිවස පවා ඡ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියකු විසින් රාජ්‍ය සේවයේ අවුරුදු තිස් ගනනක් තිස්සේ සේවය කළ අයෙකු විසින් උපයාගන්නා ආදායමෙන් ඉඳි කිරීමට නොහැකි සුවිසල් මන්දිරයකි.
වේල් තුන අහිමි ජනතාවක් අඬා වැලෙපෙන රටක රටේ දේපොල සොරකම් කරගත් මෙවැනි පාදඩ සොරදෙටුවන්ට හා උන්ගේ දරු මල්ලන්ට අව් වැහි නැති හෙණ පාත් වෙන්නේ නැති එක පුදුමයකි.මේ සොර දෙටුවන් මහජන දේපොල සොරා ගත් ආකාරය ගැන හිතන විට මුන් ජීවත්ව සිටියදීම පණුවන් ගසා වද වේදනා විඳිය යුතුමය.එසේත් නැතහොත් මේ තිරිසනුන්ගේ දරුවන් හට ඉපදෙන දරුවන් පවා අංඟවිකල මන්ද බුද්දිකයන් විය යුතුමය.ඒ අපගේ ප්‍රාර්ථනයයි.

Spread the love

Leave a Comment

You may also like