උණුසුම් පුවත්

ජාතික ජන⁣ බලවේගයේ ගමනට බාධා කරන්නට බුද්ධි අංශ ප්‍රධානීන්ගේ රහස් සාකච්ඡාවක්

Spread the love

මේ වන විට ජාතික ජන බලවේගයේ දේශපාලනය කෙරෙහි පොලීසියේ හා ආරක්ෂක හමුදා සාමාජිකයන් ගේ ආකර්ශණය වැලැක්වීමට වහා පියවර ගන්නා ලෙස ජනපති රනිල් රාජපක්ෂ ජාතික බුද්ධි සේවා ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරය සැළසුම් කළ මේජර් ජනරාල් සලේ ඇතුළු කණ්ඩායම මෙම ක්‍රියාන්විතය සඳහා මැදිහත් වනු ඇතැයි ආරක්ෂක ආරංචි මාර්ග වලින් පැවැසේ.
කුරුණෑගල නගරයේ ජාතික ජන බලවේගයේ රැස්වීම ඇමතූ නායකයන් ආරක්ෂක හමුදා අප සමග යැයි සිදු කළ ප්‍රකාශය ආණ්ඩුවේ ප්‍රධානියන් ගේ තැති ගැන්වීමට හේතු වී ඇත. 
පොලීසිය හා ආරක්ෂක අංශවල සේවය කරන රනිල් රාජපක්ෂ හිතවාදී පාර්ශවයන් ඉදිරියේදී විවිධ ආකාරයෙන් ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රියාකාරිත්වය අඩපන කිරීම සඳහා අමානුෂික සැලසුම් සමාජය වෙත මුදා හැරිය හැකි බවද ඒ සඳහා පාස්කු බෝම්බ ප්‍රහාරය සැළසුම් කළ ආරක්ෂක ප්‍රධානින් මැදිහත් වෙනු ඇතැයිද අපේ විශ්වාසයයි.
මෙහිදී අසූ නවය භීෂනය පැවැති වටපිටාවේදී හමුදාව හා ජනතා විමුක්ති පෙරමුන ගොඩ නැගෙමින් පැවැති සම්බන්ධතාවන් බිඳවීමට ගත් මිල්ටෙරිමය ක්‍රියා මාර්ග හා සමාන වර්තමානයට ගැලපෙන ආකාරයේ බුද්ධි මෙහෙයුමක් ර⁣ට පුරා දියත් වෙනු ඇතැයිද සිතිය හැකිය.එහි හැඩය හා ස්වරූපය ගැන නිශ්චිතයක් ⁣නොමැති නමුත් ඒ මෙහෙයුම ජාතික ජන බලවේගය පිළිබඳව මහජනතාව ඉතා දැඩි ලෙස කළකිරවන රහස් සැලසුමක් තුළ ක්‍රියාත්මක වන්නක් පුළුවන.ඒ අතර විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන් අතර පවතින සම්බන්ධතා බිඳවීමටද කටයුතු කරමින් සිටින බවට ඉඟි පහල වෙමින් තිබේ.
ඇතැම්  යූ ටියුබ ක්‍රියාකාරිකයන්  මේ වන විටත් මේජර් ජනරාල් සලේ ⁣විසින් යොදවාගෙන ඇති කණ්ඩායමක් විසින්  බිලි බා ගෙන ඇති අතර එහි විශේෂත්වය වන්නේ තමන් ආණ්ඩුවේ ඇම ගිල ඇතැයි යන්න ඔවුන් නොදැනීමයි.විපක්ෂයේ සිටින දූෂිතයන් නොවන දේශපාලඥන් ජාතික ජන බලවේගයට සම්බන්ධ කර ගැනීමේ වැඩපිළිවෙලක් ඇතැයිද ආණ්ඩුව සැකයෙන් සිටී.
මේජර් ජනරාල් සුරේෂ් සලේ ඉන්නේ විශ්‍රාම යාමට නියමිතවය.එහෙත් තව හමුදාමය සේවා දිගුවක් ලබා ගැනීම⁣ට මොහු  ඕනෑම ආකාරයේ මෙලේච්ඡ මෙහෙයුමක් දියත් කිරීමට මැදිහත් වනු ඇති බවටද සැකයක් නැත.  
කුරුණෑගල පැවැති ජාතික ජන බලවේගයේ රැස්වීමට විශාල ජන සහභාගිත්වයක් තිබීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂද විමතියට පත් වී තිබේ.මේ යන ගමන කොහෙන් කෙළවර වේදැයි සිතා ගන්න නොහැකි වනු ඇතැයි යන්න ඔහු තම ව්‍යාපාරිකයෙකුට පවසා තිබේ.මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනපතිවරයා සුළු පක්ෂ හා එක්ව ගෙනයන බලය බෙදීමේ වැඩ සටහන මේ වටපිටාව තුළ සාර්ථක දේශපාලන උපක්‍රමයක් බවය.අඩුම වශයෙන්  මෙහිදී දෙමළ හා මුසල්මානු ඡන්ද ගොඩවල් ආරක්ෂා කර ගත හැකි යැයිද අඩුපාඩුවට තවමත් තමන් අත් හැර නොගොස් සිටින පාක්ෂිකයන් සම්බන්ධ කර ගැනීමෙන් සිය කඳවුරේ බලය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇතැයිද මෙහිදී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
කෙසේ වෙතත් හෙට අනිද්දා වෙන විට දැනට ආණ්ඩුවට එරෙහිව පවතින  විරුද්ධ පක්ෂ දේශපාලන ක්‍රියාකාරිත්වය ඉතා  කුමන්ත්‍රණකාරීව කඩා  බිඳ දැමීමට  සැළසුම් කරන ලද මිල්ටෙරිමය  මනෝමය බුද්ධි මෙහෙයුමක් දියත් විය හැකි බව  බව නම් සහතිකය.එය පාස්කු ප්‍රහාරය හා සමාන මෙලේචඡ මෙහෙයුමක් වන්නට විය හැකි මුත් එහි ස්වරූපය හා හැඩය වෙනස් විය හැකි බව අපි විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයන්ට අනතුරු අඟවා සි⁣ටිමු.

විශේෂයෙන් මෙහිදී ජාතික ජන බලවේගයේ දේශපාලන බලමණ්ඩලයට මේ ගැන අවධානයෙන් සිටින ලෙසටද අපි ඉල්ලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like