උණුසුම් පුවත්

කොරියානුවා ඇමතිට අපේ ඇමතිට දෙහි කපයි

Spread the love

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් හා එම අමාත්‍යංශ නිළධාරීන් කණ්ඩායමක් දකුණු කොරියානු ආපදා සහන පදනමේ සාමාජිකයන් අතර ඊයේ(21) පැවැති රැස්වීමකට විනාඩි තිහක කාලයක් ප්‍රමාද වී පැමිණීම ගැන එම පදනමෙි සභාපති චෝ සුංග් ලී ගේ දැඩි විවේචනයට ලක් විය.

⁣එහිදී චෝ සුංග් ලී මෙසේ පැවසීය
නියමිත රැස්වීමක් විනාඩි 30 කින් ආරම්භ කිරීමට ප්‍රමාද වීම යහපත් සලකුණක් නොවේ.තම පොරොන්දු ඉටු කිරීමට සහ වෙලාවට වැඩ කිරීමට ඇමතිවරුන් වගකිව යුතුයි.මෙය දකුණු කොරියාවේ සිඳුවූයේ නම් එවැනි නිළධාරීන් ගෙන් ප්‍රශ්ණ කර විනය ක්‍රියා මාර්ග ගැනීම සිඳු වෙනවා.රැස්වීමක් නිශ්චිත වේලාවට සසැළසුම් කර ඇත්නම් එය එම අවස්ථාවේදීම ආරම්භ විය යුතුය.එවැනි ඇමතිවරුන්ට එය කළ නොහැකි නම් එවැනි පුද්ගලයන් හමුවීමෙන් පලක් නැහැ.ලංකාවේ බොරු කීම පොරොන්දු දීම සාමාන්‍ය දෙයක් වෙලා.ඒක එයාලගෙ සංස්කෘතියෙ කොටසක් වෙලා.රටක් විදියට විදේශිකයෙකුගෙන් මේ වගේ අහගන්න
මිනිස්සු ලැජ්ජ වෙන්න ඕන.ලංකාවෙ මිනිසුන්ට ඒ පුරුද්ද වෙනස් කරන්න බැරි නම් විදේශිකයන් සමඟ සබඳතා ඇති කර ගැනීමට රටට හැකියාවක් නැතිවේවි.ජනතාවට පොරොන්දු ඉටුකළ යුතුයි.ඒවා ඉටු කිරීමට කිසිදා අමතක නොකළ යුතුය.ජීවිතය ගියත් පොරොන්දු ඉටු කළ යුතුය.ඇමතිවරු වුනත් එහෙම කරන්නෝන.එහෙම නොවුනොත් මේ වගේ ඇමතිවරු හමුවෙලා වැඩක් නෑ.ජනතාවට බොරු කියන්න එපා.ඔවුන්ට වඩා හොඳ අවබෝධයක් තිබිය යුතුය.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සහ මිනිසුන්ගේ චින්තන රටාවේ වෙනසක් සිදු විය යුතුය.
සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය කාර්යාලයේදී ඊයේ (21)පැවැති මෙම හමුවේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට දකුණු කොරියාවට ශ්‍රී ලංකාව උපකාර කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.  

Spread the love

Leave a Comment

You may also like