ජනශක්ති රක්ෂණ සමූහයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය තවමත් ඉලක්කය සපුරා ගෙන නැත.අප ඒ පිළිබඳව සිටින්නේ දැඩි විමසිල්ලෙනි.
රාජපක්ෂ යුගයේ පැවැති අබිරහස් ඝාතන ක්‍රියාවලියේදී පොලීසිය එම ඝාතන පිළිබඳව කටයුතු ආකාරය අප දනිමු.එහිදී කිසියම් ඝාතනයක සැබෑ ඝාතකයන් සඟවා කවරකු හෝ විත්තිකාර ඩමියක් අධිකරණයට ඉදිරිපත් කොට නිහඬ වීම පොලීසියේ පිළිවෙත විය.මේ වන විටත් දිනේෂ් ෂාප්ටර් ඝාතනය සිදු කළ සැබෑ මිනීමරුවන් සඟවා ගැනීමට කාගේ හෝ අදෘශ්‍යමාන හස්තයක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්ට තිබේ.එහිදී මෙම ඝාතනය සිදු කරන ලද්දේ ෂාෆ්ටර් ගේ බිරිඳ වන ටානියා ෂාෆ්ටර් යැයි කියන්නට බැරි නැත.ඇය මෙම ඝාතනයට සම්බන්ධද නැද්ද යන්න ගැන අපි නොදනිමු.එහෙත් අප මේ ගැන ලිව්වේ මෙම ඝාතනයේ වරද සම්පූර්ණයෙන්ම ටානියා ෂාෆ්ටර් වෙත පවරා සැබෑ මිනීමරුවන් නිදහස් වන්නට ඉඩ ඇති බැවිනි.රාජපක්ෂ පවුලේ සමීපතමයාගේ ඥාති……
මෙම ඝාතනය පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත ගේ සැඟවුන පැටිකිරිය අප මීට ඉහතදී අනාවරණය කරන ලදී.පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව රාජ්‍ය බුද්ධි සේවාවද එම තොරතුරු දැනගත්තේ අපගේ ප්‍රවෘත්තියෙන් පසුවය.ඡෙ.පො.අධිකාරී හේමාල් ප්‍රශාන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ද සමීපමතයෙකි.නෙවිල් වන්නිආරච්චිය………
මොහු රාජපක්ෂ පවුලේ සමීපතමයාගේ ඥාතියෙකි.පානදුර දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා ලෙස සිටි හේමාල් ප්‍රශාන්ත පොලිස් මූලස්ථානයේ නව ඒකකයක් ලෙස ස්ථාපිත කරන ලද නොවිසඳුන අපරාද විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන ලද්දේද නෙවිල් වන්නිආරච්චිය.මෙම නව ඒකකය ස්ථාපිත කිරීමත් එහි අධ්‍යක්ෂවරයා ලෙස හේමාල් ප්‍රශාන්ත පත් කිරීමත් බරපතල සැක සහිත කාරණා වේ.මෙරට නිල නොවන පොලිස්පතිවරයා නෙවිල් වන්නිආරච්චි බව අප මීට ඉහතදීද අනාවරණය කර තිබේ.බරපතල අපරාධ සම්බන්ධයෙන් රාජකාරි කරන අත්දැකීම් බහුල පොලිස් නිළධාරීන් ගෙන් සමන්විත අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බාහිරව පිහිටුවන ලද මෙම ඒකකයට දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය පිළිබඳව විමර්ශනය සිදු කිරීමට බාර දීම ගැන අප හට සැකයක් මතුවන්නේ මේ නිසාය.එහෙත් එහිදී එම ඝාතයන්ට බොරැල්ල පොදු සූසාන භූමියේ රක්නා ලංකා ආරක්ෂකයන් සමග සමීපතම ගනුදෙනුවක් තිබුණ බව ස්ථිරය.ඔහු ගේ ගෙල සිර කිරීම මිල්ටෙරි වද කඳවුරු වල සැක කරුවන් ඝාතනයට යොදා ගත් ක්‍රමයක් බව අපට හැඟී යයි.මෙම සාහසික ඝාතනය පොලීසියේ අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.යට ) බාර දිය යුතු බවට අප නැවත වරක් ආරක්ෂක බලධරයන්ගෙන් ඉල්ලමු.