පෞද්ගලික රථය……….
දිනේෂ් ෂාප්ටර් ඝාතනය කරන ලද්දේ බොරැල්ල පොදු සූසාන භූමිය තුළදීය.මෙහිදී ප්‍රථමයෙන් අපට සැක සහිත ප්‍රශ්ණය මතුවන්නේ අවමංඟ්‍යය රථ පමනක් ඇතුළුවිය හැකි සූසාන භූමියට දිනේෂ් ෂාප්ටර් ගේ පෞද්ගලික රථය ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳවය.එය එසේ සිදු වූයේ සූසාන භූමියේ රාජකාරි කරන ආරක්ෂක අංශ දැනුවත්ව බව පැහැදිලිය.මෙහි ආරක්ෂක සේවාව සපයන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගම වේ.
රක්නා ලංකා ආරක්ෂක සමාගම………..
රක්නා ලංකා ආරක්ෂක සමාගම විශ්‍රාම ගිය හමුදා සෙබළුන් ගෙන් සමන්විත අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වාගෙන යන ආරක්ෂක සමාගමකි.මෙම සමාගමට බොරැල්ල පොදු සූසාන භූමියේ ආරක්ෂක කොන්ත්‍රාතුව පවරා ඇත්තේ 2021 වසරේ සිටය.රක්නා ලංකා සමාගම මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේ සුප්‍රකට ඇවන්ගාඩ් අවි ජාවාරමට සම්බන්ධ විය.බොරැල්ල පොදු සූසාන භූමියට පිටස්තරයන්ගේ වාහන ඇතුළු කිරීම තහනම් බව රක්නාලංකා සමාගම හා කොළඹ නගර සභාව අතර ඇතිවූ සේවා කොන්ත්‍රාතු ගිවිසුමේද දැක්වේ.
රක්නා ලංකා සමාගමේ සේවය නිරත වන්නේ දෙකයි පනහේ සිල්ලර සිකියුරටි කාරයන් නොව හමුදාවේ සේවය කළ සෙබළුන්ය.බොරැල්ල පොදු සූසාන භූමියේ දොරටුව ෆාස්ටර්ගේ ඝාතනය වූ අවස්ථාවේ විවෘතව පැවැති බවද දරන ගැන්මට තිබේ.පුහුණු වෘත්තිමය සෙබළුන් ලෙස සේවය කර සේවා අත් දැකීම් ඇති රක්නා ලංකා ආරක්ෂක සේවාවේ ආරක්ෂක නිළධාරියකු පොදු සූසාන භූමියට පිටස්තර වාහන ඇතුළුකිරීමේ තහනම් නියෝගය ලේසි පහසුවෙන් නොතකා හරිනු ඇති බව කිසිසේත්ම සිතිය නොහැකිය.
ඒ වන විට බොරැල්ල පොදු සූසාන භූමියේ භාරකරු වැඩ තහනමකට ලක්ව සිට ඇති අතර එම රාජකාරිය සිදු කරන්නේ කම්කරුවන් විසින් බවද අනාවරණය වී තිබේ.පොදු සූසාන භූමියට ඇතුළුවීමට ගේට්ටු තුනක් පිහිටා ඇති බවද මෙම ගේට්ටු තුනේම කම්කරුවන් තිදෙනෙකු සේවයේ යොදවා තිබෙන බවද හෙළි වේ.
බැඳුම්කර වංචාව……….
ඝාතනයට ලක් වූ දිනේෂ් ෂාෆ්ටර් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂමේ ප්‍රබල සාක්ෂිකරුවෙකු වේ.2015 පෙබරවාරි 27දින භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට පෙර රජයට අසාමාන්‍ය අරමුදල් අවශ්‍යතාවක් හෝ මිල සංවේදී තොරතුරක් පිළිබඳව තමාට වාර්තා නොවුන බවට ඔහු ජනපති කොමිෂමට ප්‍රකාශ කර ඇත.තමා දන්නා පරිදි රජයේ මුදල් අවශ්‍යතාව එම වෙන්දේසියට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රචාරය කරන ලද මුදල බව ඔහු ප්‍රකාශ කර තිබූ අතර බැඳුම්කර වෙන්දේසියේදී සිඳුවූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් පිළිබඳව තමා දැනුවත් වූ බවද දිනේෂ් ෂාෆ්ටර් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ සිද්ධියේ දිනේෂ් ෂාෆ්ටර් ප්‍රබල සාක්ෂිකරුවෙක් බව පැහැදිලිය.
ඡෙ.පො.අ. හේමාල් ප්‍රශාන්ත………
මේ වන විට දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය විමර්ෂණය කිරීම සඳහා බාර දී ඇත්තේ නොවිසඳුන අපරාධ පිළිබඳව විමර්ශන ඒකකයටය.එය සීඅයිඩීය නොවේ.මෙහි අධ්‍යක්ෂවරයා ඡෙ.පො.නි හේමාල් ප්‍රශාන්තය.හේමාල් ප්‍රශාන්ත පොලීසියේ කරලියට එන්නේ සජින් වාස් ගුණවර්දන ගේ පිහිටෙන් අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වීමෙනි.
අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරියගේ සහායෙන් මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස පත් වේ.
නෙවිල් වන්නිආරච්චිගෙ ලේ ඥාතියකු……….
ඔළුවක් නැති ඇඟේ හයියෙන් පොලිස් රාජකාරි කරන මේ පොලිස් කාරයාට සජින් වාස් ගුනවර්ධන විශේෂ සැළකිල්ලක් දක්වන්නේ මොහු මහින්ද රාජපක්ෂ ගේ පෞද්ගලික ආරක්ෂක නිළධාරියා වූ නෙවිල් වන්නිආරච්චිගෙ ලේ ඥාතියකු වන නිසාය.මාතර පොලීසියේ රාජකාරි කරන විට ඔහුගේ බිරිඳ හා අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ තැනැත්තකු ඝාතනය කිරීමට පාතාලයකු හා කරන ලද ගණුදෙනුවක් ගැන තොරතුරුද අප සතුවේ.එම පාතාලයා එම කොන්ත්‍රාතුව මග හැරි නිසා එම ඝාතනය සිදු නොවූ බවද මාතර පොලීසියෙන් වාර්තා වේ.
රාජපක්ෂ පවුලේ……….
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට නෙවිල් වන්නිආරච්චිගේ ඥාතියෙකුට බාර දීම සැක සහිතය.රාජපක්ෂ පවුලේ වුන් මෙරට සිදු කරන ලදැයි සඳහන් ඝාතන බොහොමයක මේ නෙවිල් වන්නිආරච්චිගේ නම ගෑවී තිබේ.
ප්ලාස්ටික් අත් විලංගු……..
දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කරන විට දෑත බැඳ ඇති ප්ලාස්ටික් ලොක් විලංගුව මේ ඝාතනය ගැන ඉතා හොඳ පර්යේෂණාත්මක සාක්ෂියක් ලෙස ගත හැකිය.මේ ප්ලාස්ටික් ලොක් විලංගුව භාවිතා වන්නේ විශේෂ කාර්ය බලකාය කමාන්ඩෝ රෙජිමෙන්තුව හමුදා විශේෂ සේවා බලකාය ආදී විශේෂ ඒකකයන් තුලය.
හමුදාමය පුහුණුවක් ඇත්තෙකු………
මේ ඝාතනයේදී එවැනි උපකරණයක් භාවිතා කරන ලද්දේ ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් ඇති හමුදාමය පුහුණුවක් ඇත්තෙකු මේ සඳහා යොදවා ගත් නිසාය.හමුදා පුහුණුවක් ඇති විශ්‍රාම ගිය සෙබළුන් සේවයේ නිරත ආරක්ෂක සේවාවක් සිටියදී කිසිදු සැකයක් බියක් නොමැතිව මෙම ඝාතනය කිරීමට පොදු සූසාන බිම තෝරාගන්නා ලද්දේද රාජ්‍ය සහ සම්බන්ධතාවක් පවතින මිල්ටෙරිමය සැළසුමකට විය හැකි යැයි අපට සැකයක් පවතී.එය නිශ්චිතයක් නොවූවද මෙම ඝාතනයේ කෙළවර දේශපාලන බලය සහිත රහස් හස්තයක් ඇති බව නම් අත් හළ නොහැකි සැකයකි.