මෙරට ආර්ථික අර්බුදයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය පහසුකම භාවිතා කර පොලීසිය සඳහා ජිප් රථ 500ක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කර ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවේ ණය පහසුකම පිළිබඳව මෙරට කටයුතු කරන ලංකා බැංකුවේ මෙම ණයවර ලිපි විවෘත කර ඇති අතර ඉන් අනාවරණය වන තොරතුරු අනුව ගෙන්වීමට නියමිත පොලිස් ජිප් රථ සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් 7,887,500කි.එය රුපියල් මිලියන 2918 කි.
මේ පොලිස් ජිප් රථ ගෙන්වීම සඳහා අමාත්‍ය ටිරාන් අලස් ගේ අනුමැතිය ලැබී ඇති බවද එහි පලමු තොගය ලෙස ජිප් රථ 125ක් දෙසැම්බර් මාසයේදී මැද භාගයේදී ලැබීමට නියමිතය.
ඉන්දියාවෙන් ප්‍රදානය කෙරුන ඩොලර් බිලියනයක ණය පහසුකම යටතේ මෙරට ආහාර සෞඛ්‍ය ,බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සඳහා වැය කර යුතු වේ.මේ සම්බන්ධයෙන් 2022 මැයි 07 වන දා මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරන ලද නිවේදනයේ ණය පහසුකම පිළිබඳව වූ එකඟතා දැක්වේ.ඉන්දියාව මෙම ණය මුදල ලබා දෙන ලද්දේ මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා බව මුදල් අමාත්‍යංශයේ වෙබ් අඩවියේද දැක්වේ.
මේ වන විට රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක් පවතී.පවතින ඖෂධ පවා ඇත්තේ සති දෙකක කාලයට බව දැනගැන්මට තිබේ.මෙහිදී පිලිකා රෝහල, කාන්තා රෝහල,ළමා රෝහල් වැනි වැඩි අවධානයක් යොමු විය යුතු රෝහල් වල ඖෂධ පමනක් නොව පරීක්ෂණ කිරීමට අවශ්‍යවන රසායනික ද්‍රව්‍ය මෙන්ම සැත්කම් කිරීමට අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ පවා නැති බව වාර්තා වේ.
එහෙත් එම අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම පසෙක තබා ආණ්ඩුව පොලිස් ජිප් රථ ගෙන්වීමෙන් පෙනී යන්නේ රෝගීන් ගේ ජීවිතය පිළිබඳව තුට්ටවකට අවධානය යොමු කර නැති බවය.රට පුරා ගෑස් හිඟයක්ද පවතින බව පෙනෙන්ට ඇත.ඉන්ධනද හිඟය.එහෙත් මේ අවශ්‍යතාවන් නොතකා ආණ්ඩුව තුළ සිටින ව්‍යාපාරිකයන් පරණ පුරුදු ජාවාරම්කාර ගේම් ගෙනියන බව අපට හැඟී යයි.ඒ අතරේම ආණ්ඩුවට විරෝධය දක්වන ජනතාව මර්දනයේ පහසුව සඳහා ජිප් රථ ගෙන්වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු තොරතුරක් නොවේ.අප දන්නා ආකාරයට මෙරට පිහිටි පොලිස් ස්ථාන 432 කෙහිම ජිප් රථ හා තුන් රෝද රථ පවා තිබේ.වාහන පහසුකම් නැති කමෙන් මෙරට පොලිස් රාජකාරිය බිඳවැටුන බවක්ද මෙතෙක් අනාවරණය වී නැත.එසේ නම් ඉන්දියානු ණය මුදලින් ආණ්ඩුවේ ජාවාරම්කාරයන් ගහන ගේම සහගහන වංචාවක් බව කිව යුතුය.